
මාර්ගගතව සහ පැමිණීමේ දී නිකුත් කරන සංචාරක විසා සැකසීම; මොබිටෙල් ඩොලර් 1 කින් කළ දේ කරන්න අලුත් සමාගම් ඩොලර් 18.5ක ගාස්තුවක් අයකරයි
මාර්ගගතව සහ පැමිණීමේ දී නිකුත් කරන සංචාරක විසා සැකසීම රජය විසින් විදේශීය සමාගම් තුනකට පවරනු ලැබුවත් ඒ වන විටත් මොබිටෙල් සමාගම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පද්ධතිය අර්ධ වශයෙන් වැඩි දියුණු කර තිබූ බවත් ඒ සඳහා කිසිඳු මුදලක් අයකර නොතිබූ බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පද්ධතිය යටතේ මොබිටෙල් සමාගම විසින් එක් සංචාරක විසා අයැදුම් පත්‍රයක් සඳහා අය කරනු ලැබුවේ ඇමෙරිකානු ඩොලර් 1ක මුදලක් බවත් ජී. බී. එස්. ටෙක් නොලොජි සර්විසස්ල අයි. වී. එස්. ග්ලෝබල් සහ වී. එෆ්. එස්. වර්ල්ඩ් වයිඩ් හෝල්ඩින්ග්ස් සමාගම යන සමාගම් සමග රජය ඇති කර ගත් ගනුදෙනුව යටතේ සංචාරක විසා අයැදුම් පත්‍රයක් සඳහා ඩොලර් 18.5ක ගාස්තුවක් අය කරන බවත් එයට සේවා සහ පහසුකම් ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් 5 ක මුදලක් ඇතුළත් කර තිබෙන බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
මොබිටල් සමාගමේ ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා 2021 වසරේ අගෝස්තු 24 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලැබුණු බවත් එම තීරණය 2021 වසරේ සැප්තැම්බර් 21 දිනැති ලිපියක් මගින් සමාගමට දන්වා ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ලිපිය ලැබීමෙන් පසු පළමු වැඩි දියුණු කිරීම නොවැම්බර් මාසයෙන් පසුව සිදු කළ බවත් එම වැඩි දියුණු කිරීම මගින් අයැදුම් පත්‍ර පරිමාව කළමනා කරණය කිරීමට තිබූ සියලුම කාර්ය සාධන ගැටලු සහ සයිබර් ආරක්ෂණ බාධා මෙන්ම රජයට අයවිය යුතු ආදායම් නිසි කලට ලබා ගැනීම සඳහා නවතම ගෙවීම් ක්‍රම පද්ධතියට ඇතුළත් කිරීමේ අවශ්‍යතාව විසඳූ බවත් මොබිටෙල් සමාගම පසුගිය මාසයේ ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය වෙත යවන ලද ලිපියේ සඳහන් වන බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
– සන්ඩේ ටයිම්ස්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
