News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අතර හමුවක්

May 13, 2024 at 02:34 PM
|

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය  ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද(13) සිදුවිය.

එළඹෙන ජූනි මස පළමුවනදා සිට ඉතාලිය සිය වීසා ලබාදීමේ කටයුතු VFS  ආයතනය  සමඟ එක්ව සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් මහතා අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත දැනුම් දෙන ලදී.

පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම  පිලිබඳවද තානාපතිවරයා සහ අමාත්‍යවරයා අතර මෙහිදී  සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන යුක්තිය මෙහෙයුම පිළිබඳව තමන් අවධානයෙන් පසුවන බවත් එහි ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුටු වන බවත් තානාපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ පැවසීය.

මාධ්‍ය ඒකකය,
මහජන ආරක්ෂක අමාත්‍යාංශය.



සම්බන්ධිත පුවත් | Related News

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ.
වියට්නාමයේ තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) දහවල් වියට්නාම් රජයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.
අද (06) දහවල් 2 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 40 ඉක්මවා ඇති බව වාර්තා වේ.
අද (06) මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 30 ඉක්මවා ඇති බව වාර්තා වේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවකවධය ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (06) උදෑසන 10 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 20 ඉක්මවා බව වාර්තා වේ.
නිහඬ කාලය තුළ තම පක්ෂ ආධාරකරුවන්ට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙන ලෙස ඉල්ලා සිටිමින් අගමැතිනි හරිනි අමරසූරිය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අගමැතිනියට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇත.
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති යම් අයෙක් වේද ඔහුට ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ප්‍රධාන පුවත්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.