
මහින්ද රාජපක්ෂට පුවත්පත් නිවේදන දමා තමා කරන මහා අපරාධයෙන් ගැලවෙන්න බැහැ - ජාතික සංවිධාන කියයි
ජනාධිපතිවරණයට පසුව නැවත රජයක් යටතේ තීන්දු කරන තෙක් පුද්ගලීකරණ ක්‍රියාවලිය අත්හිටුවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත් කළ පුවත්පත් නිවේදනය පිළිබදව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,
"දැන් සිදුවෙමින් පවතින ශ්‍රී ලංකාවේ ඉතිහාසය අවසන් කිරීමේ මහා පාවාදීමේ පාප කර්මයට පළමු වගඋත්තරකාරයා වන්නේ මහින්ද රාජපක්ෂ. ඒ ආකාරයට ඔහුට යුද ජයග්‍රහණයේ ගෞරවය පාවාදීමට සිදුවීම ඉතිහාසයේ සරදමක්. ඔහු එසේ වගකිව යුත්තේ ඔහු පොහොට්ටුවේ නායකයා වීම නිසා පමණක් නොවේ. ඔහු තමාගේ කුරුණෑගල සහ කළුතර පාප මිත්‍රයන්ගේ කුමන්ත්‍රණවල ගොදුරක් වෙලා මැයි 9 ප්‍රහාරය මගින් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනිතියන්න බලපත්‍රය ලබාදුන්නා. ඒ මගින් තමයි පොහොට්ටුවේ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ ළඟ දණගස්වන්න පළමු වටයේදීම හැකිවන්නේ.
ඊට අමතරව ඔහු බැසිල් රාජපක්ෂ සහ පී.බී. ජයසුන්දර කියන දේශපාලන සහ ආර්ථික ඝාතකයන්ට යටත් වුණා. ගෝඨාභයත් ඊට ගොදුරු කළා. ඒ සියල්ලටම වඩා පියා විසින් දුව දූෂණය කිරීම මහා අපරාධයක්. ඔහු දැන් යුද ජයග්‍රණය පවාදීම සඳහා ගෙන එන මහා පවාදීමේ පනත ලෙස හැඳින්විය හැකි සත්‍ය සෙවීමේ කොමිසම පනත ගේන්න ඉඩදීල නිහඬව බලා සිටිනවා. එය පාවාදීම් අතරින් උච්චතම පාවාදීමයි.
ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනවරමක් නැතුව ඔහුගේ කරේ නැගලා පාවාදීමේ මාවත දිගේ ඔහුව දක්කගෙන යනකොට හීන් කෙඳිරියක් නගලා නිවේදන නිකුත් කළාට වැඩක් නැහැ. ඒවා රැවටිලිකාර නිවට නියාළු වැඩ.
ඊළඟට දෙවැනි වගඋත්තරකරු ගෝඨාභය රාජපක්ෂ. තමාට ලැබුණු ජනවරම ඔහු රනිල් වික්‍රමසිංහගේ පාවඩයක් බවට පත්කළා. එසේ ජනවරම පාවාදුන්නේ ජුලි චන්ග්ලාට බය වෙලා. ඔහු බැසිල්ගෙ ලණු කාලා විමල්ලා, ගම්මන්පිලලා එළියට දාල කුමන්ත්‍රණකාරයන්ට අවශ්‍ය විදිහට පළමු වටයේදීම ආර්ථික අර්බුදය මත දේශපාලන අර්බුදයක් නිර්මාණය කළා.
බැසිල් රාජපක්ෂ තමයි තුන්වැනි වගඋත්තරකරු. රනිල් වික්‍රමසිංහ හතර වැනියා වෙන්නේ ඔහු මේ අපරාධය මේ රටට කරන්න සසර පුරා ප්‍රාර්ථනා කළ අයෙක් බව ඉතා පැහැදිලි නිසා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ සම්බුද්ධ ශාසනය අවසන් කළාට පසු තමයි ඔහුගේ සංසාර ගමන අවසන් වෙන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
