News Category
From Date
To Date
Maximum Number of Result

මෙරට පිරිස් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික බිම් වෙත

May 11, 2024 at 07:33 AM
|

රටපුරා කතාබහට ලක්ව ඇති, මෙරට හිටපු හමුදා සෙබලුන් වංචනික ලෙස රුසියානු හා යුක්‍රේන හමුදාවට බඳවා ගැනීමේ සිදුවීම පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ රණවිරු පවුර සංවිධානය මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් සිදුකරන ලදී.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ එක්සත් ජනරජ පෙරමුණු උප සභාපති, රණවිරු පවුර සංවිධානයේ සභාපති මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතාත්, රණවිරු පවුර සංවිධානයේ කැඳවුම්කරු, පක්ෂ මධ්‍යම කාරක සභික කපිතාන් ගයාන් මහතාත් සම්බන්ධ විය.

එහිදී අදහස් දැක්වූ පක්ෂ නායක පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ මේ වනවිට රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විශාල වශයෙන් මෙරට ආරක්ෂක අංශ වල සේවයේ නියුතු හා විශ්‍රාමික නිලධාරීන් මුහුණ දී ඇති බවත් එහි දිගුවක් ලෙස අද වනවිට මෙලෙස ඔවුන් වංචනික ආකාරයෙන් රුසියානු හා යුක්රේන හමුදාව වෙත යැවීමේ ක්‍රියාවලියට හසුවී ඇති බවත්ය. එමෙන්ම මෙම ආර්ථික ගැටලු හමුවේ රට තුළ සිදුවන අපරාධමය කටයුතු සඳහා ඔවුන් පෙළඹීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවද රණවක මහතා පෙන්වා දෙයි.

“පසුගිය අවුරුදු දෙකක, තුනක කාලය තුළ වාර්තා වෙලා තියෙනවා 50,000කට අධික පිරිසක් ආරක්ෂක සේවා හැර ගිහින් තියෙන බව. විශ්‍රාම ගිය තව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. මේ පිරිස් හැම කෙනාටම සන්නද්ධ පුහුණුවක් තියෙනවා. පහුගිය දවස්වල පාතාල ලෝකයේ ඇතිවෙච්ච ඇතැම් ඝාතන වලට වෙඩික්කරු හැටියට ආරක්ෂක හමුදාවල දැනට සේවයේ නියැලිලා ඉන්න අයත් ඒ වගේම සේවයෙන් විශ්‍රාම ගිය පිරිසත්, සේවයෙන් පලා ගිය පිරිසත් සම්බන්ධ වෙලා තියෙන ආකාරය. ඒ වගේම නීති විරෝධීව මුහුදෙන් ගේන මත්ද්‍රව්‍ය වගේම අනෙකුත් බඩු භාණ්ඩ ගෙන ඒම පිළිබඳ කාර්යයේදී ඇතැම් නාවික හමුදාවේ සහ හමුදාවල වැඩ කරපු අය මැදිහත් වෙන ස්වභාවය අපි දැකලා තියෙනවා. මේකම එල්. ටී. ටී. ඊ. සාමාජිකයෝ සම්බන්ධයෙනුත් අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා.”

“දැනට වාර්තා වෙලා තියෙන ප්‍රමාණය 84 දෙනෙක් මේ විදිහට යුද බිමට ගිය බව. එයින් 08 දෙනෙක් මියගිහින් තියෙන බව. කෙසේ නමුත් නිල නොවන වාර්තා පවසන්නේ මේ සංඛ්‍යාව මීට වඩා විශාලයි කියලා. රජය මේ පිළිබඳව මැදිහත් විය යුතුමයි. විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් මැලේසියාවට, එහෙම නැත්නම් සිංගප්පූරුවට ගෙන ගිය අය අද වෙනකොට බුරුමයේ එහෙම නැත්නම් මියන්මාරයේ අන්තර්ජාල වංචනිකයින්ගේ කඳවුරු වල හිරකාරයෝ බවට පත්වෙලා තියෙනවා. තවත් සමහර අය විදේශ රටවල ගොවිපොළ වලට, බටහිර ලෝකයේ රටවල් වලට අරන් ගිහිල්ලා ඒවායින් පලා ගිහිල්ලා අතරමං වෙලා තියෙනවා. ඊශ්‍රායලයේ කෘෂිකාර්මික බිම් වලට අපේ පිරිස් යවන ස්වභාවයක් තියෙනවා. තාම සිදුවීම් වාර්තා වෙලා නෑ. නමුත් මේවායේ ආරක්ෂිත තත්වය පිළිබඳව රජය වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. තරුණ තරුණියෝ අතරේ මේ පිළිබඳ උන්මාදයක් ඇති කරනවා වගේම ඒ අයගේ වගකීම බාරගන්න ඕනේ.”

ඉන් අනතුරුව අදහස් දැක්වූ රණවිරු පවුර සංවිධානයේ මෙහෙයුම් කටයුතු සිදුකරන මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා පවසා සිටියේ තිස් වසරක යුද්ධයක් නිම කිරීම සඳහා තම ජීවිතය කැප කොට යුද වැදුණු රණවිරුන් පිළිබඳව අද වනවිට රජය විසින් කිසිදු අවධානයක් යොමුකර නොමැති බවයි.

මේ වනවිට සේවයේ නියුතු හා විශ්‍රාම ගිය නිලධාරීන් මෙලෙස වංචනිකයන් ගේ කටයුතු වලට රැවටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඔවුන්ට ලැබෙන මාසික වේතනය ප්‍රමාණවත් නොවීම බවද ඒ මහතා පවසයි.

අප රටේ ආරක්ෂක නිලධාරීන් විදේශීය සාමසාධක හමුදා වශයෙන් යැවීමේ හැකියාව තිබියදී ආරක්ෂක අමාත්‍යංශය එසේ නොකර සිටින බවත් එලෙස යැවීමෙන් එම නිලධාරීන්ට හා රටට විදේශ විනිමය ලබාගැනීමේ හැකියාව පවා ඇති බව මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා පෙන්වා දෙයි. ඒ අනුව මෙලෙස ගොස් අසරණ වී සිටින මෙරට හමුදා සෙබලුන් වහාම ගෙන්වා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කලයුතු බව රණවිරු පවුර සංවිධානයේ මෙහෙයුම් කටයුතු සිදුකරන මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන රජයට අවධාරණ කරන ලදී.

ඉන් අනතුරුව අදහස් දැක්වූ කපිතාන් ගයාන් මහතා පවසා සිටියේ රණවිරුවන් හට නිසි තැනක් නොලැබීම හේතුවෙන් හා දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් මෙවැනි ක්‍රියා සිදුවන බවයි. එමෙන්ම හමුදාවේ හිටපු ඉහළ නිලධාරීන් මෙම වංචනික ක්‍රියා සඳහා පෙළඹීම නිසාවෙන් තමන්ට ලැජ්ජාවක් ඇතිවන බවද ඒ මහතා අවධාරණය කරන ලදී. මේ නිසාවෙන් මෙවැනි වංචනික ක්‍රියා සොයාබලා කටුයුතු කිරීම සඳහා වහාම කමිටුවක් පත්කලයුතු බවද කපිතාන් ගයාන් මහතා පවසන ලදී.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.
බටහිර සහ මධ්‍යම ඉරානයේ පිහිටි, "ඉරාන ත්‍රස්ත පාලන තන්ත්‍රයට අයත්" හමුදා මූලස්ථාන සහ මිලිටරි ඉලක්ක වෙත තම ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
අද (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි සඳුදා දිනවල පැවැත්වීමට නියමිත සියලුම නිල රැස්වීම්වලට සහභාගී වීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තීරණය කර ඇත.
මේ රටේ ජනතාව මාලිමාණ්ඩුව අවම වශයෙන් තවත් වසර 25ක්වත් බලයේ තබා ගනු ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.
සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..
හිටපු විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් අවධාරණය කරන්නේ දේශපාලන බලය යන්න තාවකාලික වුවද, රාජ්‍ය ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය එසේ නොවන බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ආරම්භ කර ඇති උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ප්‍රධාන පුවත්

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.