News Category
From Date
To Date
Maximum Number of Result

ආර්ථික අර්බූදයට මහ බැංකුව නිර්දේශ කරන විසඳුමේ සාර්ථකත්වය ගැන විවාදයකට එන්න - නන්දලාල්ට ගම්මන්පිලගෙන් අභියෝගයක්

May 9, 2024 at 07:51 AM
|

විදේශ විනිමය මෙරටට අහිමි කරමින්, අධික විදුලි බිල හේතුවෙන් කර්මාන්ත ශාලා වැසී යන තත්වයක් නිර්මාණය කර විදුලි බල මණ්ඩලය ලබන ලාභයෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රශ්න කරයි.

පිරිවැය නිරූපිත මිල ක්‍රමයකට විදුලිය ලබාදීම විය යුතු වුවද  අතීත විදුලි පාරිභෝගිකයාගේ පිරිවැය ද වත්මන් විදුලි පාරිභෝගිකයාගෙන් අය කර ගැනී සිදු නොකල යුතු බව පිවිතුරු හෙළ උරුමය නායකයා ප්‍රකාශ කරයි.

නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ බව සදහන් කර සිටියේ  පාර්ලිමේන්තුවේ පැවති ඛණිජතෙල් නිෂ්පාදන (විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබද විවිාදයට එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් එහිදී මෙසේ අදහස් දැක්වීය.

දූෂිත දේශපාලකයා පමණද?

ඛණිජතෙල් නිෂ්පාදන (විධිවිධාන) පනත යටතේ සැකසූ නියෝග පිළිබඳ විවාදයකට සහභාගි වීමට ලැබීම සතුටක්.  අපි 2021 දී ඛනිජතෙල් සම්පත් සංවර්ධන පනතක් ඉදිරිපත් කළා. මේ පනත සම්මත කිරීමට අමතරව අධිකාරියක් බිහි කළා.  ගවේශන සිතියමක් සැකසුවා.  නිලධාරින් බඳවා ගත්තා.  ගුවන් යානා සහ නැව් භාවිතා කරලා ගවේශන කටයුතු ඇරඹුවා.  නමුත් ලංකාවේ තෙල් සහ ගෑස් ගවේශනය පිළිබඳ මෑතක දී නම් නැවුම් ප්‍රවෘත්තියක් අපට අහන්න ලැබුණේ නෑ.  අද ලෝකය පාරිසරික හේතු මත සීඝ්‍රයෙන් ඛනිජතෙල් භාවිතයෙන් ඈත් වෙනවා.  අපේ ඛනිජතෙල් වලට වඩා තිබෙන්නේ ස්වභාවික ගෑස්.  තවත් කලක් ගියාම ස්වභාවික ගෑස් භාවිතයත් අවසන් වේවි.  වත්මන් ආර්ථික අර්බූදයට වඩාත් නිශ්චිත විසඳුම තමයි  හැකි ඉක්මනින් අපේ තෙල් සහ ගෑස් සම්පත ගොඩ ගන්න එක.  ඒක හැකි ඉක්මනින්ම සිදු කිරීමට හැකි වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ ඊයේ ඇමතිවරයා සාකච්ඡාවක් කැඳවා තිබුණා.  විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහකරණය කළ යුතුයි. නැවුම් නීතියක් ගෙන ආ යුතුයි.  තරගකාරි පසුබිමක කාර්යක්ෂමතාවය ඉහළ නැංවිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.  බිහි කරන  නැවුම් සමාගම්වල වගේම උපදේශක සභාවේත් පත්වීම් කරන්නේ ඇමතිවරයා නිසා ඇමති සතු බලතල ඉවත් කරන්න එතැන දී සමහරු යෝජනා කළා.  මේ අදහසට අපි විරුද්ධයි.  ඇමතිවරයා හරහා තමයි රාජ්‍ය ආයතන මහජනතාව සමග ගැට ගැහෙන්නේ.  අපි ආයතන ස්වාධීන කරනවා කියලා මොකක්ද කරන්නේ?  නිලධාරි පාලනයකට නතු කරන එක කරන්නේ.  දේශපාලකයින් දූෂිතයි.  ඇත්ත.  සමහර දේශපාලකයින් දූෂිතයි.  එතකොට නිලධාරින්?  අර වගේම සමහර නිලධාරින් දූෂිතයි.  ඒක තමයි තිත්ත ඇත්ත.

දේශපාලකයා වසර පහකට වරක් ජනතාව ඉදිරියට එන නිසා ජනතාවට බයයි. සමහරු එහෙමහ ඇවිත් සමත් වෙනවා. සමහරු අසමත් වෙනවා. ඒ නිසාම දේශපාලකයා නිලධාරියාට වඩා ජනතාවට බයෙන් තමයි වැඩ  කරන්නේ.  නිලධාරින් කවදාවත් ජනතාව ඉදිරියට එන්නේ නැති නිසා එහෙම බයක් නෑ.  දේශපාලකයාට වරදින තුරු බලා ගෙන ඉන්න විපක්ෂයක් ඉන්නවා.  නිලධාරින්ට එහෙම එකක් නෑ.  අපි බලයට පත් වුණාමත් වැඩ කරන්න වෙන්නේ මේ නිලධාරින් සමග නේද කියලා හිතමින් විපක්ෂය නිලධාරින් පිළිබඳ කටයුතු කරන්නේ ප්‍රවේශමෙන්.

2002 දී සිහළ උරුමයේ ක්‍රියාකාරකමකට පරිත්‍යාගයක් ඉල්ලන්න මමත් චම්පික රණවක මන්ත්‍රිවරයාත් ව්‍යාපාරිකයෙක් හමු වුණා.  ඒ පරිත්‍යාගය නම් ලැබුණේ නෑ.  නමුත් මසුරන් කතාවක් කිව්වා.  දේශපාලකයෙකුට ආයෝජනය කලොත් ප්‍රතිලාභ තිබෙන්නේ අවුරුදු පහයි.  නිලධාරියෙකුට ආයෝජනය කලොත් ප්‍රතිලාභ අවුරුදු 30ක් 35ක් ලබා ගන්න පුළුවන්.  ඒ නිසා දේහපාලනීකරනයට බියෙන් ස්වාදීන කරන්න කතාකරන එක ඊට වඩා භයානකයි.

ස්වාධීන වූ මහ බැංකුව සිදු කලේ කුමක්ද?

පසුගිය අවුරුද්දේ ආණ්ඩුව මහ බැංකුව ස්වාධීන කළ යුතුයි කියලා පනතක් ගෙනාවා.  මහ බැංකුව මහජනතාවට වෙනුවට ජාත්‍යන්තරයට වග කියන ආයතනයක් වෙන බව අපි දැක්ක නිසා අපි ඒකට විරුද්ධ වුණා.  නමුත් විපක්ෂයේ බහුතරය ඒකට හුරේ දැම්මා.  මේක පාර්ලිමේන්තුවේ බේරා ගන්න බැරි බව තේරුණු නිසා අපි අධිකරණයට ගිහිල්ලා සංශෝධන 72ක් නිර්දේශ කර ගත්තා.  ඒ සංශෝධනත් කර ගත්තේ නැතිනම් මහ බැංකුව නූල කැඩුණු සරුංගලයක් වෙන්න තිබුණා.  හැමෝම මහ උජාරුවට කතා කරන ස්වාධීනත්වය ලබා දුන්නාම ඒ අය මොකද කලේ? ලංකාවේ කිසිම ආයතනයක නොකළ ආකාරයකට ලක්ෂ ගණනින් වැටුප් වැඩි කර ගත්තා.

විවාදයකට එන්න –  මහබැංකු අධිපතිට අභියෝගයක්

ශ්‍රී ලංකා මහ බැංකුව දිගින් දිගටම පාඩු ලබන අතරේ තමයි ලක්ෂ ගණනින් වැටුප් වැඩි කර ගත්තේ කියන එක මම පසුගිය 6දා මාධ්‍ය හමුවක් තියලා රටට දැනුම් දුන්නා.  2023 මහ බැංකු වාර්තාවට අනුව  ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වසරේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 114ක්.  2022 වසරේ ශුද්ධ අලාභය බිලියන 374ක්.  මහ බැංකුව ලංකා ඉතිහාසයේ ලොකුම වැටුප් වැඩි වීම ලබා දෙන්නේ ආයතනය අඛණ්ඩව වසර ගණනාවක් බිලියන ගණනින් පාඩු ලබන අවස්ථාවකයි.  ඊයේ මහ බැංකු අධිපතිතුමා මාධ්‍ය හමුවක මට ප්‍රතිචාර දක්වමින් කිව්වා මහ බැංකුව තිබෙන්නේ ලාභ ලබන්න නොවේ ආර්ථික ස්ථාවරත්වය හදන්න.  ලාභ පාඩු මත මහ බැංකුව සාර්ථක ද අසාර්ථක ද කියලා තීරණය කරන්නේ අවබෝධයක් නැති අය කියලා.  මහ බැංකු අධිපතිවරයා ඉතාම නින්දිත අයුරින් දේශපාලකයෙකුවත් නොකරන අයුරින් මගේ ප්‍රකාශය තමන්ට වාසි වන අයුරින් වෙනස් කරගෙන තමන් හදා ගත්තු ප්‍රකාශයට පිලිතුරු දීලා මම ඇත්තටම මතු කළ කාරණයට පිලිතුරු දීම මග හරිනවා.

මම එතුමාට ආරාධනා කරනවා මගේ කතාව සාවධානව ඇහුම්කන් දෙන්න කියලා.  පාඩු ලැබීම නිසා මහ බැංකුව ආයතනයක් විධියට අසාර්ථකයි කියලා මම කොතැනවත් කියලා නෑ.  මහ බැංකුව තිබෙන්නේ ලාභ උපයන්න නොවේ. ඒ ගැන විවාදයක් නෑ.  නමුත් ලක්ෂ ගණනින් වැටුප් වැඩි කර ගෙන ඉතිහාසයේ ලොකුම වැටුප් වැඩි කිරීම කර ගත්තේ දිගින් දිගටම පාඩු ලබන වාතාවරණයකයි කියලායි මම කිව්වේ.   මහ බැංකුව පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා ද කියා එතුමාට බලා ගන්න අවශ්‍ය නම් මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම හෝ වත්මන් ආර්ථික අර්බූදයට මහ බැංකුව නිර්දේශ කරන විසඳුමේ සාර්ථකත්වය පිලිබඳ මා සමග විවාදයකට එන්න කියා මම එතුමාට අභියෝග කරනවා.

අපනයන කුඩු – මණ්ඩල ලාභ ලබයි

අපේ රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බූදය නැතිනම් ඩොලර් අර්බූදය විසඳා ගැනීමට තිබෙන හොඳම මාර්ගය තමයි පිටරටට බඩු විකුණලා අපනයන ආදායම වැඩි කර ගැනීම.  නමුත් ආණ්ඩුව කර ගැනීමට අසමත් වෙලා තිබෙන්නෙත් ඒකමයි.  2018න් පසු අඩුම අපනයන ආදායම වාර්තා වෙන්නේ 2023 දී.  විදුලිය පැය 12ක් කපපු දින ගණන් ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් තිබුණු මාස තුනක් රට අකර්මන්‍ය කළ අරගලයක් තිබුණු 2022ට වඩා ඩොලර් මිලියන 1,200කින් අපනයන ආදායම අඩු වෙලා.  මේකට ප්‍රධානම හේතුව විදුලි බිල දරා ගන්න බැරිව කර්මාන්ත ශාලා වසා දැමීමයි කියලා අපට කියන්නේ මහ බැංකු වාර්තාවමයි.  වාර්තාවට අනුව ඒක පුද්ගල විදුලි පරිභෝජනය රට කළුවරේ තිබුණු 2022 දී ඒකක 655යි.  නමුත් විදුලි කප්පාදුවක් නොතිබුණු 2023 දී 642 දක්වා පහත වැටිලා.  හැබැයි විදුලි බල මණ්ඩලය නම් රුපියල් බිලියන 60ක් ලාභ ලබලා.  කර්මාන්ත වසා දමලා රස්සාවල් නැති කරලා අපනයන කුඩු පට්ටම් කරලා ලබන ලාභය කුමැටැ කියලයි අපට විදුලි බල මණ්ඩලයෙන් අහන්න වෙන්නේ.

දැන් විදුලි බල මණ්ඩලය විදුලි බිල අඩු කරන්න සූදානම්ලු.  කර්මාන්ත වැහිලා ගිහින් අපනයන ආදායම වැටිලා රැකියාවල් නැති වුණාට පස්සෙ විදුලි බිල අඩු කරනවා කියන්නේ හරියට අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ වැඩක්.  අපි විදුලි බිලේ අසාධාරණය පෙන්වන්න සම්මන්ත්‍රණ දෙකක් පැවැත්තුවා. මාධ්‍ය හමු ගණනාවක් පැවැත්තුවා.  අනවශ්‍ය ලෙස විදුලි බිල වැඩි කිරීමේ ආදිනව කිව්වත් ඒ ගැන ආණ්ඩුව අවධානය යොමු කලේ නෑ.  ඇත්තෙන්ම ආණ්ඩුව උත්සාහ කලේ වත්මන් විදුලි බිල දැවැන්ත ලෙස වැඩි කරලා ඉතිහාසය පුරා විදුලි බල මණ්ඩලය ලැබූ පාඩුව අය කර ගන්නයි.

පිරිවැය නිරූපිත මිල ක්‍රමයක් වෙනුවෙන් අපි හැමදාමත් පෙනී හිටියා.  විදුලි නිෂ්පාදනයේ පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් මිස වෙන කාගෙන්වත් අය කිරීම සාධාරණ නෑ.  නමුත් මෙතැන වුණේ අතීත විදුලි පාරිභෝගිකයාගේ පිරිවැය වත්මන් විදුලි පාරිභෝගිකයාගෙන් අය කර ගැනීමයි.  ඒක කරන්න ගිහිල්ලා තමයි අපේ නිෂ්පාදන පිරිවැය ඉහල ගිහිල්ලා අපට ලෝක වෙළඳපොලේ තරග කරන්න බැරි වෙලා අපේ අපනයන ඇදගෙන වැටුණේ.

අවම පිරිවැයෙන් විදුලිය ජනනය කිරීම

අපි නැවතත් යෝජිත විදුලිබල පනතට යමු. අපේ ජනන සැලැස්මක් හදන කොට අපේ පදනම් ප්‍රතිපත්තිය වුණේ අවම පිරිවැයෙන් විදුලිය ජනනය කිරීම.  මොකද පවතින විදුලි බල පනතේ ඒක සඳහන් වෙනවා.  එහෙම නීතිමය විධිවිධානයක් තියාගෙන තමයි රු31ට විකුණන විදුලි ඒකකයක් ඩීසල් විදුලි බලාගාර වලින් රු 140/-ට මිල දී ගත්තේ.  අවම පිරිවැයෙන් විදුලි ජනන ප්‍රතිපත්තිය මේ පනතේ අරමුණක් ලෙස සඳහන් වෙලා නෑ.  එතකොට විවිධ සාධාරණීකරණයන් ඉදිරිපත් කරමින් ඩීසල් විදුලි බලාගාර වගේ වැඩි මිල විකල්ප වලට වුණත් යන්න මේ පනතෙන් සිදුරක් නිර්මාණය කරලා තිබෙනවා.

ඒ විතරක් නොවේ.  අපේ බලවත් විරෝධය මැද 2022 දී විදුලි බලය සැපයීමට තිබුණු තරගකාරි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කලා.  ඒ නිසාම අවම පිරිවැය ප්‍රතිපත්තිය මේ පනතේ සඳහන් වීම අත්‍යාවශ්‍යයි.  එහෙම නොකලොත් නව පනත හරහා බලාපොරොත්තු වෙන විදුලි බිල අඩු කිරීමේ අරමුණ ඉටු කර ගන්න බැරි වෙනවා.

විදුලි උත්තපාදන ක්‍රියාවලියේ විදේශ සහභාගිත්වය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවෙන්න ඕනි.  ඒ නිසා විදේශ සහභාගිත්වය සමස්ත නිෂ්පාදනයෙන් උපරිම සීමාවක් මේ පනතට හඳුන්වා දිය යුතුයි කියා යෝජනා කරනවා. ඒ උපරිම සීමාව පනතේම සදහන් කරලා තිබුනොත්, ඒ විධිවිධාන වලින් පිට ගිහිල්ලා විදුලි නිෂ්පාදනයට යම් සමාගමක් ගෙනාවොත් ඒ පිලිබදව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙනවා.

ජාතික පද්ධති ක්‍රියාකරු වැදගත් ඇයි ?

නව පනතේ පිහිටුවන ආයතන වලින් වැදගත්ම ආයතනය විධියට අපි දකින්නේ ජාතික පද්ධති ක්‍රියාකරු කියන සමාගම.  මේ සමාගම තමයි කුමන සමාගම් වලින් කුමන මිලකට කොපමණ ප්‍රමාණයක් විදුලිය මිල දී ගන්නවා ද කියන එක තීරණය වන්නේ.  ඒක 100%ක්ම රජයට අයිති සමාගමක්.  ඔතැන තමයි වැඩිම දූෂණයට ඉඩ තිබෙන තැන.  එක් එක් සමාගමෙන් වැඩි ඒකක ප්‍රමාණයක් මිල දී ගන්න අත යට ගනුදෙනු සිදු වෙන බවට චෝදනා එල්ල වෙන්නේ ඔය සමාගමට.  ඒ නිසා මේ සමාගම විනිවිද භාවයෙන් කටයුතු කිරීම ඉතා වැදගත්.  සමාගමේ විගණනය කරපු ගිණුම් ප්‍රසිද්ධ වෙන්නේ ගනුදෙනුව වෙලා වසර එකහාමාරකට පස්සේ.  එතකොට කෝච්චිය ගිහිල්ලා ඉවරයි.  ඒ නිසා සෑම දිනකම කුමන සමාගමෙන් කුමන මිලට කොපමණ විදුලි ඒකක ප්‍රමාණයක් මිල දී ගත්තා ද කියන එක දිනපතා තමන්ගේ වෙබ් අඩවියේ දාන්න ඕනි.  ඒක පනතට සිදුවිය යුතු අත්‍යාවශ්‍ය සංශෝධනයක් විධියට අපි දකිනවා.

විදුලි පාරිභෝගියන්ට කර්මාන්ත කරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නය වන අවම පිරිවැයෙන් විදුලිය ලබාගැනීමේ අයිතිය මේ පනත තුලින්වත් ඉටුකරගන්න හැකිවේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා.

සම්බන්ධිත පුවත් | Related News

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
රත්නපුර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ප්‍රධාන පුවත්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.