News Category
From Date
To Date
Maximum Number of Result

බිඳවැටෙන අධිරාජ්‍ය හමුවේ ගොඩනැගෙන බහුධ්‍රැවීය ලෝකය සහ ලෝකයේ නව ගමන්මග - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක්

Apr 22, 2024 at 02:54 PM
|

වර්තමානයේ දී ලෝකයේ බොහෝ රටවල් අමෙරිකාව ප්‍රමුඛ බටහිර ආධිපත්‍යයෙන් මිදී බහුධ්‍රැවීය ලෝකය තුළට පිවිසෙමින් ඇති බව හා ගෝලීය මූල්‍ය ක්‍රමය බිඳවැටී නව මූල්‍ය පද්ධතියක් ලෝකය තුළ ස්ථාපනය වෙමින් පවතින බවත් රුසියානු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා අනාවරණය කරයි.

ඒ මහතා මේ බව අනාවරණය කළේ බිඳවැටෙන අධිරාජ්‍ය හමුවේ ගොඩනැගෙන බහුධ්‍රැවීය ලෝකය සහ ලෝකයේ නව ගමන්මග පිළිබඳව පැවති සංවාදයක දී පිළිතුරු ලබාදෙමිනි.

සංවාදය පහළින්...

* බටහිර බලවේග විසින් යුක්රේනය භාවිතා කරමින් රුසියාවට එරෙහිව අරඹා ඇති යුද්ධය, යුදමය වශයෙන් පරාජයකර අවසන් කිරීමට රුසියාව පමාකරමින් සිටින බවක් පෙනෙන්නට තිබෙනවා. මෙයට හේතුව විදිහට ඔබ දකින්නේ කුමක් ද?

ඇත්තටම රුසියාව යුද වදින්නේ යුක්රේනය සමග නොවෙයි. මේ යුද්ධය සිදු කරන්නේ යුක්රේනය සමග නොවන නිසා මෙය අවසන් කරන්න බැහැ. යුක්රේනයට තවත් යුද ආධාර පැකේජයක් ලබාදීමට බයිඩන් පරිපාලනය කටයුතු කරමින් සිටිනවා. මම හිතන්නෙ අමෙරිකාව යුක්රේනයට මුදල් ලබාදේවි. අමෙරිකාව පත්ව ඇති ආර්ථික අවපාතය හමුවේ තම ආර්ථික මොඩලය විනාශ වීමට නොදී රැකගැනීමට නම් ඔවුන්ට රුසියාව සහ චීනය වැනි දැවැන්ත රටවල් සමග යුද්ධයක් අවශ්‍යයි. ඒ නිසාම අමෙරිකාවට අවශ්‍ය නැහැ යුක්රේනය තුළ පවතින යුදමය තත්ත්වය අවසන් කර ගැනීමට. මැතිවරණයට පෙර යුක්රේනයේ යුද්ධය අවසන් කරන්න සිදුවුනොත් එය සිදුවන්නේ රුසියානු ජයග්‍රහණයක් එක්ක කියන කාරණය ඔවුන් දන්නවා. ඒ නිසා බයිඩන් පරිපාලනය කෙසේවත් එවැනි දේකට ඉඩ තබන්නේ නැහැ.

මේ යුද්ධය අවසන් කිරීමට හැකි තවත් ක්‍රමයක් තමයි සාකච්ඡා මාර්ගයෙන් යුද්ධය අවසන් කිරීම. ඒත් ඔවුන් යුක්රේනයට ඒ සඳහා කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. CIA  ප්‍රධානියා වන විලියම් බර්න්ස් දින කිහිපයකට පෙර ප්‍රකාශයක් කරනවා " අපි යුක්රේනයට ආයුද දෙන්නේ නැත්නම් යුක්රේනයට රුසියාව ඉදිරියේ විශාල පරාජයක් ලබන්න සිදු වෙනවා" කියලා. ඒ කියන්නේ අමෙරිකාවේ ඔත්තු සේවයම පිළිගන්නවා අමෙරිකානු ආධාර නැත්නම් යුක්රේනය පරාදයි කියලා.

යුක්රේනයට අද තිබෙන දැවැන්තම ප්‍රශ්නය තමයි මූල්‍යමය හා ද්‍රව්‍යමය අධාර ලැබුනත් පිරිස් බලයක් නොමැති වීම.  යුක්රේනයේ තිබෙන යුද්ධය බටහිර අවශ්‍යතාව අනුව සිදුවන දෙයක් බව මේ කාරණා මගින් පැහැදිලි වෙනවා.

නේටෝ සංවිධානයේ ලේකම්වරයා වන ස්ටෝලන් බර්ග් ගේ ප්‍රකාශ ගත්තත්, යුරෝපීය සංවිධානයේ විදේශකටයුතු ලේකම් ජෝශප් බ්‍රැරල් ගේ ප්‍රකාශ ගත්තත්, යුරෝපා කොමිසමේ සභාපතිගේ ප්‍රකාශ ගත්තත් ඒ හැම ප්‍රකාශයකින්ම පවසන්නේ යුක්රේනය රුසියාවට පරාජය වුනොත් නේටෝ සංවිධානයේ පරාජයක් ලෙස එය භාරගැනීමට සිදුවෙනවාය කියන කාරණය.

රුසියාව දන්නවා මේ සටන තියෙන්නේ බටහිරත් සමග කියන දේ. රුසියාවට වාසියි මේ සටන ඇදෙන්න දෙන එක. රුසියාව යුක්රේනයේ විශාල පරාසයක් තමන් යටතට එක්වරම ගත්තොත් බටහිර මාධ්‍ය විසින් රුසියාවට එරෙහිව දැවැන්ත මතයක් නිර්මාණය කරනවා. රුසියානු ජාතිකයන් වැඩිවශයෙන් ජීවත් වන යුක්රේනයේ ප්‍රදේශ රුසියාවේ පාලනයක් යටතට ගෙන මෙම තත්ත්වට දිගටම පවත්වාගෙන යෑම රුසියාවට වැඩි වාසියක් වෙනවා. මෙය භූ දේශපාලනික වාසියක් ලෙස හඳුන්වන්නත් පුලුවන්.

යුද්ධය දිගින් දිගටම ඇදීම නිසා සම්පත් අතින් බටහිර ක්‍රමයෙන් දුර්වල වෙනවා. ඉන්ධන හා බලශක්ති ගැටලුවක් මේ වනවිටත් බටහිරට මතුවී තිබෙනවා. බටහිර ක්‍රමයෙන් දුර්වල වීමේ වාසිය රුසියාවට තිබෙනවා.  බටහිරට අවශ්‍ය  දෙවන ලෝක යුද්ධය වගේ යුද්ධයක් ලෝකයේ මතුකරන්න. මුළු ලෝකයේම යුද්ධයක් මතුවෙනවා කියන්නේ ජර්මනිය, ප්‍රංශය, එංගලන්තය වැනි රටවල් පවා ආර්ථික වශයෙන් කඩාගෙන වැටෙන එක. මෙහිදී අමෙරිකාවට යළිත් නැගිටින්න සිද්ධවෙන්නේ වෙනම ආර්ථික මොඩලයකින්. මේ උපක්‍රම රුසියාව අධ්‍යයනය කරලා තමයි යුදමය තත්ත්වය දිගින් දිගටම ඇදගෙන යන්නේ.

* බහුධ්‍රැවීය ලෝකය කියන සංකල්පය ගැන ඔබේ විග්‍රහය මොනවගේ ද?

බහුධ්‍රැවීය ලෝකය ගැන කතාකරන්න පටන් ගත්තේ යුගොස්ලෝවියාවට නේටෝ සංවිධාන විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියෙන් පස්සේ. 1999 දී රුසියාවේ හිටපු අගමැති යෙව්ගිනි ප්‍රිමකොව් මැතිතුමාගේ සංකල්පයක් තමයි බහුධ්‍රැවීය ලෝකය කියන සංකල්පය. ද්වීධ්‍රැවීය ලෝකයේ සීතල යුද්ධය අවසන් වුනාට පස්සේ බලයන්ගේ සමතුලිතතාව පවත්වාගෙන යාම සඳහා ඔහු තමයි යෝජනා කළේ බහුධ්‍රැවීය ලෝකය. 

බහුධ්‍රැවීය ලෝකයේ පාදම වෙන්නේ ඉතිහාසය හා සම්බන්ධ සංස්කෘතික පසුබිම. එතුමා දැක්කා ලෝකයේ විවිධ කලාපවල ඉතිහාසය, ආගමික හා සංස්කෘතික පසුබිම් එකිනෙකට වෙනස්ය කියන එක. ඔහු දැක්කා මේ වෙනස් වෙනස් ජන සමාජවල ආර්ථික මොඩලය, සමාජීය පද්ධති සකස්වූ මොඩලය, ආගමික විශේෂතා වගේ වෙනස්කම් මත ලෝකය කොටස් 8කට වගේ බෙදන්න පුලුවන්ය කියලා. ඒ හරහා තමයි බහුධ්‍රැවීය ලෝකය කියන සංකල්පය එතුමා හඳුන්වා දුන්නේ.

බටහිර අධිරාජ්‍ය විසින් ආක්‍රමණ දියත් කරලා යටත් විජිත ලෙස ලෝකයේ රටවල් ඈඳාගෙන ඒවා ඔවුන්ගේ කොලණි ලෙස පවත්වාගනිමින් දැඩි තාඩන පීඩන යටතේ තමයි පාලනය කිරීම සිදු කළේ. සූරාකෑම් දරුණු ලෙස සිදුවුනා. ප්‍රංශ විප්ලවය සහ සෝවියට් සමාජවාදී විප්ලවයන්ගේ ප්‍රතිඵලයක් හැටියට තමයි බටහිර ආධිපත්‍යයෙන් ලෝකයේ රටවල් මුදාගැනීමට හැකි වුනේ. එහි දිගුවක් විදිහට දෙවන ලෝක යුද්ධය සෝවියට් දේශය ජයගැනීමත් සමගම සෝවියට් දේශයේ බලපෑම හා ඉල්ලීම මත එංගලන්තයට සිදුවුනා යටත් විජිත රටවල් ඔවුන්ගේ ග්‍රහණයෙන් නිදහස් කරන්න. මේ විදිහට නිදහස් වුනත් ඉන්පසුව බටහිර විසින් නව ආර්ථික මොඩලයක් නිර්මාණය කළා මුළු ලෝකයම නැවත තමන්ගේ ග්‍රහණයට නතුකර ගන්න. මේ ආර්ථික මොඩලය ඇතුළෙ තමයි අපි අදටත් ජීවත් වෙන්නේ.

බෙට්න්වුඩ් ගිවිසුම යටතේ ලෝකයේ ආර්ථිකය, මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත් හරහා අමෙරිකානු ඩොලරය ප්‍රධාන මුදල් ඒකකය කරගනිමින් ක්‍රියාත්මක වීම ඇරඹුනා. 90 දශකයේ අගභාගය වනතෙක්ම ලෝකයේ ජාත්‍යන්තර වෙළෙඳාම 90%කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුවුනේ අමෙරිකානු ඩොලරය හරහා. මෙමගින් ඔවුන් නව යටත්විජිතකරණය යටතේ ලෝකය නැවත බ්‍රිතාන්‍ය, අමෙරිකාව ප්‍රමුඛ කණ්ඩායම විසින් පාලනය කිරීම ඇරඹුවා.

90 දී සෝවියට් දේශය කඩාවැටුුනට පස්සෙ ගෝලීයකරණය නමින් මෙම නව යත්විජිතකරණයේ තවත් මුහුණුවරක් මතුවුනා. එම ගෝලීයකරණය යටතේ මෙම කණ්ඩායමට අයත් මූල්‍ය සමාගම්, ප්‍රවාහන හා රක්ෂණ ආයතන ලොක්යේ ධනය හා නිෂ්පාදන ආර්ථිකය ඔවුන්ගේ අතට ගත්තා. මේ නිසා මහා ධන කුවේරයන් විසින් ලෝකය පාලනය කරන තැනට පත්වුනා.

මේ සියල්ල දැකල තමයි මෙයින් මිදෙන්න බහුධ්‍රැවීය ලෝකය යටතේ බ්‍රික්ස් කියන සංවිධානය නිර්මාණය වන්නේ.

* බහුධ්‍රැවීය ලෝකය යටතේ කටයුතු කිරීමේ දී අපට බටහිරෙන් එල්ලවන බලපෑමෙන් මිදෙන්නේ කොහොම ද?

මේ කාරණයට හොඳම උදාහරණය තමයි අද බංග්ලාදේශය භූ දේශපාලනය හා භූ ආර්ථිකය සමතුලිත කරගනිමින් යන ගමන. බංග්ලාදේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමගත් වැඩ කරනවා. ඔවුන් චීනය හා රුසියාව සමගත් කටයුතු කරනවා. බංග්ලාදේශයේ දැවැන්ත ව්‍යාපෘති සඳහා චීනය ආයෝජනය කරලා තියෙනවා. රුසියානු ආධාර ඇතුව බංග්ලාදේශයේ න්‍යෂ්ඨික බලාගාරයක් නිර්මාණය වෙනවා. ඒ වගේම බංග්ලාදේශයේ දැවැන්ත පාලමක් සහ උමං දුම්රිය මාර්ගයක් රුසියාව විසින් හදනවා. බංග්ලාදේශයේ ඇඟළුම් නිෂ්පාදන වැඩි වශයෙන් විකුණන්නේ යු‍ෙරා්පයට සහ එක්සත් ජනපදයට. මේ අතින් බංග්ලාදේශය හරි ලස්සනට හැම දෙයක්ම සමතුලිත කරගන්නවා. ඉන්දියාවත් සමග ප්‍රශ්න තිබුනත් ඔවුන් හැම දෙයක්ම තුලනය කරගෙන කටයුතු කරනවා. භූ දේශපාලනය සමතුලිත කරගන්න ආකාරය ඔවුන් ඉගෙනගෙන තියෙනවා.

ලංකාව මෑත කාල සීමාවේ දී ඉන්දියාවටම තල්ලුවුනා. පාලක පක්ෂය, විපක්ෂය හැම පාර්ශ්වයක්ම මේ ඉන්දියාව පැත්තට තල්ලුවීම තමයි අපිට තියෙන ලොකුම තර්ජනය. චීනයේ පර්යේෂණ නෞකාවක් ලංකාවට පැමිණීම සඳහා අවසර නොදීම ගැන චීනය, ලංකාවේ අගමැතිවරයාගේ චීන සංචාරයේ දී කනස්සල්ල පළ කර තිබුනා. හැබැයි එවැනි ජර්මානු නෞකාවකට රටට එන්න අවසර දුන්නා කියලා මාධ්‍ය මගින් කරුණු අනාවරණය කරලා තිබුනා. අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය රටේ අවශ්‍යතාවයට, රටේ අනාගත දැක්ම අනුව සමතුලනය නොකිරීම තමයි මේ ගැටලුවලට හේතුව වෙලා තියෙන්නේ. 

දැන් ලෝකයේ නැගී එමින් පවතින කලාපීය සහ ජාත්‍යන්තර සහයෝගීතාවල ක්‍රියාකාරී සාමාජිකයකු වීම තමයි අප කළ යුතු දේ වන්නේ. බ්‍රික්ස් සංවිධානය වැනි සංවිධාන තුළ අපි ක්‍රියාකාරී වීම වැදගත්. ජාත්‍යන්තර හා කලාපීය දේශපාලන තලයන් සමතුලිත කර ගැනීමට අපි මැදිහත් විය යුතුය. එක් පාර්ශ්වයකට පමණක් මුලාවෙලා, බැගෑපත්වෙලා අපි ගමනක් ගියොත් අනිවාර්යෙන්ම අනතුරේ වැටෙනවා. 

* අපි යන ගමන කළමනාකරණය කරගතයුත්තේ කොහොම ද?... අපිට තියෙන අවාසි මොනවා ද?

අපි දැනට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් පාලනය වන අමෙරිකානු ගැති රාජ්‍යයක්. අපේ රටේ සිටින පාලකයන් අමෙරිකානු ගැත්තන්. රනිල් වික්‍රමසිංහ ගත්තත්, ඔහුවටේ සිටින පිරිස ගත්තත් අමෙරිකානු ගැත්තන් විදිහට තමයි පෙනෙන්නේ. මේ අයව පාලනය කරන්න අමෙරිකාවට හරි ලේසියි. අමෙරිකාව ඉන්දියාව යොදාගෙන මෙම කටයුත්ත සිදුකරනවා. ඉන්දියාවත් එමගින් ප්‍රයෝජන ගන්නවා. මෙම තත්ත්වය යටතේ අපව චීනයෙන් හා රුසියාවෙන් ඈත්කර තබන්න ඔවුන් කටයුතු කරනවා. මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජිත ඇතැම් රුසියානු ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන්න අමෙරිකාව ඉඩ දෙන්නේ නැහැ. ජාත්‍යන්තර බල තුලනයක් රට තුළ ඇතිකර ගැනීමට ඔවුන් කිසිම විටකදී ඉඩදෙන්නේ නැහැ. රට පුරා ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන විශාල ප්‍රමාණයකුත් මේ තත්ත්වයට දායකත්වය දක්වනවා. අපේ රටේ ජනතාවත් මේ පිළිබඳව නොහිතන තත්ත්වයට පත්කරලා තියෙන්නේ. හිතන්න පුලුවන් මිනිසුන් නිර්මාණය කරන අධ්‍යාපන රටාව පවා මේ වන විට අහෝසිකරලා තියෙනවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ සැලසුම් සහගතව.

* බහුධ්‍රැවීය ලෝකය ගැන අපිට බලාපොරොත්තු තියාගන්න පුලුවන් වෙයි ද?

බහුධ්‍රැවීය ලෝකය ගැන අපිට බලාපොරොත්තු තියාගන්න සිදුවෙනවා. බ්‍රික්ස් සංවිධානයේ සිටින රටවල් නවයම මේ පිළිබඳව හොඳින් තේරුම් අරන් තියෙනවා. අමෙරිකාවට නතුව තිබූ තෙල් තිබෙන රටවල් ඔවුන්ගේ තෙල් වෙනත් මුදල් ඒකක වලින් විකුණන්න අද පටන් අරගෙන තිබෙනවා. අමෙරිකාවට තිබෙන ලොකුම හයිය තමයි අමෙරිකානු ඩොලරය. ඩොලරය හරහා ලෝකයේ තෙල් වෙළෙඳාමට කරපු බලපෑම්වලින් ලෝකය ගැලවෙමින් තිබෙනවා. විශේෂයෙන් පෙට්‍රෝ ඩොලර් කියන එකෙන් බොහෝ රටවල් අයින් වෙලා එය පෙට්‍රෝ යුවාන් බවට පත්වෙලා තිබෙනවා. අමෙරිකානු ඩොලරයට තිබුණු ලෝක වෙළෙඳාම අද 95% සිට 60% ක් දක්වා අඩුවෙලා තිබෙනවා.

ලෝකයේ රටවල් තමන්ගේ අතිරික්ත සංචිතයන් හැටියට 75% කට වැඩි ප්‍රමාණයක් තියාගත්තේ අමෙරිකානු ඩොලර්. ඒ දැන් ඒ වෙනුවට රත්රන් සංචිතවලට හැරවිලා තිබෙනවා. තවත් රටවල් අමෙරිකානු ඩොලර් වෙනුවට යුවාන් වලින් සංචිත තබාගැනීම සිදුකරගෙන යනවා.

මේ වගේ ලෝකය අද දැවැන්ත පරිවර්තනයකට ලක්වෙමින් යනවා. බහුධ්‍රැවීය ලෝකයට දැන් ලෝකයේ රටවල් ගමන්කරමින් සිටිනවා. අවුරුදු 100කට වරක් ලෝකයේ අධිරාජ්‍ය බිඳවැටෙමින් අලුත් අධිරාජ්‍ය බිහිවෙනවා. ගෝලීය මූල්‍ය ක්‍රමය බිඳවැටෙමින් පවතින සංක්‍රමනික කාලයක් තමයි මේ ගතවෙන්නේ. අලුත් මූල්‍ය පද්ධතියක් නිර්මාණය වෙන්න ගතවන කාලය වැඩියි. බ්‍රික්ස් සංවිධානය ඇතුළෙ පසුගිය වසර හතර පහ ඇතුළත තමයි මේ ගැන වැඩිපුර කතාවෙන්න පටන් ගත්තේ. අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී රුසියාවේ පැවැත්වෙන බ්‍රික්ස් රාජ්‍ය නායක හමුවේ දී ලෝකයට අලුත් මූල්‍ය පද්ධතියක්, අලුත් මුදල් ඒකක ක්‍රමයක් එම සංවිධානයේ සාමාජිකයන් විසින් හඳුන්වා දෙයි කියලා. එමගින් ලෝකයේ ගමන් මග ඉතා සුබදායී ලෙස වෙනසකට ලක්වේවි කියල මම විශ්වාස කරනවා.

සංවාද සටහන ජීවන්ත ජයතිස්ස විසිනි.

සම්බන්ධිත පුවත් | Related News

වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.
ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ.
ජාතික ජන බලවේග ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයේ දී ලද ඡන්ද ප්‍රමාණය අඩු වීමට වැඩ කරන දිනයක ඡන්දය පැවැත්වීම බලපෑ බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 අප්‍රේල් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.32ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි.
තමා උපදෙස් දුන් ආකාරයට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී පළාත් පාලන ආයතන පනහකට සීයකට පමණ තරඟ කළා නම් එම සන්ධානයට මන්ත්‍රී ධුර සැලකිය යුතු ගණනක් ගන්නට ඉඩ තිබූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු දිනා ගෙන ඇති එක්සත් ජාතික පක්ෂය, ඊළඟ නගර සභා පරිපාලනය පිහිටුවීමේදී සහ නගරාධිපතිවරයකු පත්කිරීම සඳහා සමගි ජන බලවේගයට සහාය දැක්වීමට කැමැත්ත පළ කර තිබේ.
මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළැඹෙන සතිය තුළ ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ප්‍රධාන පුවත්

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.