
කොළඹ මහ නගර සභාවේ බලය අල්ලන්න සජබට සහාය දෙන්න එජාපය සූදානමින්..
කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු දිනා ගෙන ඇති එක්සත් ජාතික පක්ෂය, ඊළඟ නගර සභා පරිපාලනය පිහිටුවීමේදී සහ නගරාධිපතිවරයකු පත්කිරීම සඳහා සමගි ජන බලවේගයට සහාය දැක්වීමට කැමැත්ත පළ කර තිබේ.
“අපි සමගි ජන බලවේගයට සහාය දීමට සූදානම්,” එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පැවසුවේ මෙම සහයෝගීතාවය පිළිබඳ සාකච්ඡා ඉක්මණින් පවත්වන බවයි.
කොළඹ මහනගර සභාවේ ආසන සංඛ්‍යාවේ වර්ගීකරණය මෙසේය:
* ජාතික ජන බලවේගය (NPP) – ආසන 48
* සමගි ජන බලවේගය (SJB) – ආසන 29
* එක්සත් ජාතික පක්ෂය (UNP) – ආසන 13
* ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) – ආසන 5
* ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) – ආසන 4
* ස්වාධීන කණ්ඩායම 03 – ආසන 3
* සර්වජන බලය – ආසන 2
* ස්වාධීන කණ්ඩායම 04 – ආසන 2
* ස්වාධීන කණ්ඩායම 05 – ආසන 2
* එක්සත් සාම සන්ධානය – ආසන 2
* ජාතික නිදහස් පෙරමුණ – ආසන 1
* ජාතික ජනතා පක්ෂය – ආසන 1
* මහජන සන්ධානය – ආසන 1
* ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය – ආසන 1
* එක්සත් ජනරජ පෙරමුණ – ආසන 1
* ස්වාධීන කණ්ඩායම 01 – ආසන 1
* ස්වාධීන කණ්ඩායම 02 – ආසන 1
මුළු ආසන 117 කින් යුත් කවුන්සිලයේ ජාතික ජන බලවේගය විශාලතම තනි සන්ධානය ලෙස වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකරගෙන සිටින නමුත් ස්වාධීනව පරිපාලනයක් පිහිටුවීමට අවශ්‍ය ආසන 60 කින් යුත් බහුතරයට වඩා එය අඩුය.
කොළඹ මහනගර සභාවේ පාලනය ලබාගැනීම සඳහා අනෙකුත් විරුද්ධ පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ තම අභිප්‍රාය සජබ ප්‍රකාශ කර තිබේ.
බහුතරයක් පිහිටුවීම සඳහා පක්ෂය අනෙකුත් විරුද්ධ පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් පැවසීය. “අපි විපක්ෂ කණ්ඩායම් සමඟ එක්වීමෙන් කවුන්සිලයේ පාලනය ලබාගැනීමට උත්සාහ කරනවා. ජාතික ජන බලවේගයට ඇත්තේ ආසන 48 ක් පමණයි. ඔවුන්ට එයින් පමණක් බලය ස්ථාපිත කළ නොහැකියි. ඔවුන්ට 59ක් අවශ්‍යයි,” ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
