News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවේ වැදි ජනයා ඉන්දියාවේ ගෝත්‍ර 5කට නෑකම් ඇති බව හෙළිවෙයි

Apr 20, 2024 at 08:06 AM
|

මෙරට ආදිතම මානව වැසියන් ලෙස සළකනු ලබන ශ්‍රී ලංකාවේ වැදි ජනතාවට ඉන්දියානු ගෝත්‍රික ජන කණ්ඩායම් පහක් සමඟ සමීප ජානමය බැඳීම් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ඉන්දියානු සහ ශ්‍රී ලංකා විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් කරන ලද මෙම සොයා ගැනීම ඉන්දීය උපමහාද්වීපයේ පැරණිතම නූතන මානව ජනගහණයේ මුල් පිළිබඳ සාක්ෂි තහවුරු කිරීමක් ද වෙයි.

නව සොයාගැනීම අනුව මෙරට වැදි ජනතාවට ඔඩිෂාවේ ඕස්ට්‍රොඒෂියානු මුන්ඩා කතා කරන සන්තාල් සහ ජුවාං ගෝත්‍රිකයන් සහ කර්නාටක, කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවල දක්නට ලැබෙන ද්‍රවිඩ භාෂාව කතා කරන ඉරුල, පනියා සහ පල්ලර් ජනකොටස් සමඟ ප්‍රබල ජානමය සමානකමක් ඇති බවයි.

මයිටොකොන්ඩ්‍රියන් විද්‍යාත්මක සඟරාවේ මේ සතියේ පළ වූ මෙම අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ වැද්දන් සියවස් ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ සිටි සිංහල හෝ දෙමළ ජනතාවට වඩා මෙම ගෝත්‍ර පහ සමඟ වැඩි ජානමය සමානකමක් ඇති බවයි.

“මෙය පුදුමයට කරුණක්. එමගින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව ජනගහන තුනක් එකිනෙකා සමඟ එකිනෙකට වෙනස් ලෙස අන්තර් ක්‍රියා කරමින් ජීවත් වන විස්මිත ස්ථානයක් ලෙසයි,” යනුවෙන් අදාළ අධ්‍යයනය අධීක්‍ෂණය කළ බරණැස හින්දු විශ්වවිද්‍යාලයේ ජනගහන ජාන විද්‍යාඥ ගයනේශ්වර් චෞබේ පවසයි.

“සිංහල සහ දෙමළ විශාල වශයෙන් මිශ්‍ර වී තිබෙනවා. ජානමය වශයෙන් වෙන්කර හඳුනාගත නොහැකි තරම් මිශ්‍ර වී තිබෙන බව කියන්න පුළුවන්. නමුත් වැද්දන් බොහෝ දුරට හුදකලා වී ඉඳලා, ඔවුන් සෙසු ජනවර්ග සමග මිශ්‍ර වීම ඉතා අඩුවීම නිසා ඔවුන්ගේ අනන්‍යතාව පවත්වා ගිහින් තියෙනවා,” චෞබේප්‍රකාශ කර ඇත.

පුරාවිද්‍යා කැණීම්වලින් පෙනී යන්නේ නූතන මානවයන් පසුගිය වසර 30,000ක පමණ කාලයක සිට, සමහරවිට ඊටත් වඩා දිගු කාලයක සිට ශ්‍රී ලංකාවේ සිටින බවයි.

මුලින් දඩයම් කරන්නන් වූ වැද්දන්, දිවයිනේ එකම ආදිවාසී ජනගහනය වන අතර, ඔවුන් දිවයිනේ මුල්ම වැසියන්ගෙන් සෘජුව පැවත එන්නන් ලෙස ද විශ්වාස කෙරේ.

“වැද්දන් ඔවුන්ගේ වෙනස් භාෂාව සහ සංස්කෘතිය නිසා දිගු කලක් තිස්සේ මානව විද්‍යාඥයන්, ඉතිහාසඥයන් සහ විද්‍යාඥයන් කුතුහලයට පත් කර තිබෙනවා. අපගේ අධ්‍යයනයෙන් ඔවුන්ගේ ජානමය සම්භවය සහ ඉන්දියානු ජනගහනය සමඟ ඇති බැඳීම් හෙළිදරව් කර තිබෙනවා,” යනුවෙන් හයිද්‍රාබාද්හි සෛලීය සහ අණුක ජීව විද්‍යා මධ්‍යස්ථානයේ විද්‍යාඥයකු සහ අධ්‍යයන සහයෝගීයකු වන කුමාරසාමි තංගරාජ් පවසයි.

වැද්දාගේ මුල් භාෂාව භාෂාමය වශයෙන් හුදකලා එකක් වන අතර දන්නා කිසිම භාෂාවකට සම්බන්ධ නැත.

එය ඉන්දීය උප මහද්වීපයේ එවැනි භාෂාමය වශයෙන් හුදකලා වූ මධ්‍යම ඉන්දියාවේ කතා කරන නිහාලි සහ නේපාලයේ කුසුන්දා සමඟ භාෂා තුනෙන් එකක් බව චෞබේ පැවසීය.

ඔවුන්ගේ අධ්‍යයනය සඳහා නිරෝගී, මාතෘ සම්බන්ධයක් නැති වැදි පුද්ගලයන් 37 දෙනෙකුගෙන් එකතු කරන ලද රුධිර සාම්පලවලින් ජානමය ද්‍රව්‍ය නිස්සාරණය කර ඔවුන්ගේ ප්‍රවේණික කොටස් අනෙකුත් ජනකොටස් සමග සසඳා තිබේ.

ඔවුන්ගේ මාතෘ පාරම්පරික විශ්ලේෂණයට අනුව වැද්දන් යනු වසර 55,000කට පමණ පෙර ඉන්දියානු උපමහාද්වීපයෙන් පැමිණි මිනිසුන්ගෙන් පැවත එන්නන් වන අතර ඔවුන් අප්‍රිකාවෙන් ඉන්දියාවට සහ ආසියාවට සංක්‍රමණය වූ නූතන මානවයන්ගේ කොටසක් විය හැකිය.

ඉන්දියාවේ මුල්ම ජනගහනය අතර සිටි ඉන්දියානු ගෝත්‍රික ජනකොටස් සමඟ වැද්දන්ගේ ජානමය සමීපත්වය ඔවුන්ගේ ගැඹුරු පොදු ජානමය මූලයන් පෙන්නුම් කරන බව චෞබේ පැවසීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥවරියක සහ අධ්‍යයනයේ පළමු කතුවරිය වන අංජනා වැලිකල පැවසුවේ මෙම අධ්‍යයනය වැද්දන්ගේ වෙනස් ජනවිකාස ඉතිහාසයක් ඉස්මතු කරන බවයි.

සිංහල හා දෙමළ ජනගහනය සමඟ භූගෝලීය සමීපත්වය තිබියදීත් වැද්දන් බොහෝ දුරට ජානමය වශයෙන් හුදකලා වූ බව සොයාගැනීම්වලින් පෙනී යන බව ද ඇය පවසයි.

අධ්‍යයනයේ ප්‍රධාන කතුවරිය වන කොළඹ විශ්වවිද්‍යාලයේ රුවන්දි රණසිංහ පැවසුවේ සීමිත ජාන ප්‍රවාහයක් වන වැද්දන් සිංහල සහ ශ්‍රී ලාංකික දෙමළ ජනගහනයෙන් ඔවුන්ගේ සුවිශේෂී ජාන සැකැස්ම ආරක්ෂා කර ගෙන ඇති බව අධ්‍යයනයෙන් පෙන්වා දී ඇති බවයි.

සම්බන්ධිත පුවත් | Related News

වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.
ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ.
ජාතික ජන බලවේග ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයේ දී ලද ඡන්ද ප්‍රමාණය අඩු වීමට වැඩ කරන දිනයක ඡන්දය පැවැත්වීම බලපෑ බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 අප්‍රේල් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.32ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි.
තමා උපදෙස් දුන් ආකාරයට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී පළාත් පාලන ආයතන පනහකට සීයකට පමණ තරඟ කළා නම් එම සන්ධානයට මන්ත්‍රී ධුර සැලකිය යුතු ගණනක් ගන්නට ඉඩ තිබූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු දිනා ගෙන ඇති එක්සත් ජාතික පක්ෂය, ඊළඟ නගර සභා පරිපාලනය පිහිටුවීමේදී සහ නගරාධිපතිවරයකු පත්කිරීම සඳහා සමගි ජන බලවේගයට සහාය දැක්වීමට කැමැත්ත පළ කර තිබේ.
මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළැඹෙන සතිය තුළ ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ප්‍රධාන පුවත්

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.