ජෙට් එන්ජින්, ගුවන් යානා සදහා අවශ්‍ය සර්කෝනියම් නිෂ්පාදනයට රජරට සරසවියට පේටන්ට් බලපත්‍රය ලැබෙයි
රජයේ විශ්වවිද්‍යාල උපකුලපති සංගමයේ සභාපති සහ රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මිය පවසන්නේ රජරට විශ්වවිද්‍යාලය සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සර්කෝනියම් නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය හිමිව ඇති බවය.
අනුරාධපුරයේදී පෙරේදා (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උපකුලපතිවරිය මේ බව අනාවරණය කළාය.
ලෝකයේ හොඳම ඉල්මනයිට් ලෙස සැලකෙන පුල්මුඩේ ඉල්මනයිට් මගින් රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ මහාචාර්ය ආනන්ද කරුණාරත්න මහතා සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සර්කෝනියම් නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය හිමිව තිබේ.
මෙතෙක් කල් ශ්‍රී ලංකාව ඉල්මනයිට් අපනයනය පමණක් සිදු කළ අතර සර්කෝනියම් නිෂ්පාදනය කිරීමෙන් ජෙට් එන්ජින්, ගුවන් යානා, අභ්‍යවකාශ පටල, සෙරමික්, බල්බ පිලමන්ට් ආදිය සඳහා මෙය යොදා ගත හැක.
මේ වන වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශ්වවිද්‍යාල 17 අතුරින් පර්යේෂණ අංශයෙන් රජරට විශ්වවිද්‍යාලයට දිවයිනේ ප්‍රථම ස්ථානයට පැමිණීමට හැකිවී ඇති බවද මහාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මිය සඳහන් කළාය.
රජරට විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක කෘෂිකර්ම, ව්‍යවහාරික විද්‍යා, සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර, වෛද්‍ය සහ සමාන්තර විද්‍යා යන පීඨ සහ පීඨාධිපතිවරුන්ගේ කැපවීමද මේ ජයග්‍රහණය ලබා ගැනීමට විශාල පිටිවහලක් වූ බව ඇය පැවසුවාය.
පර්යේෂණ වෙනුවට පර්යේෂණ නිෂ්පාදන සඳහා අවධානය යොමු කර රැකියා මවන්නන් බවට රජරට විශ්වවිද්‍යාලය කටයුතු කර ඇති බව පෙන්වා දෙන උපකුලපතිවරිය කොම්පෝස්ට් නිෂ්පාදනය, මොඩ්ල් ෆාම්, සංචාරක මොඩ්ල් ෆාම්, ජාත්‍යන්තර පුහුණු හුවමාරු වැඩසටහන් ආදී විශාල වැඩ කොටසක් මේ වනවිට ක්‍රියාත්මක බවද තවත් මාස දෙකකින් දේශගුණික විපර්යාස නිරීක්ෂණ මධ්‍යස්ථානයක්ද ආරම්භ කරන බව ද ඇය සඳහන් කළාය.
රජරට විශ්වවිද්‍යාලය 1996 ජනවාරි 31 දා ශ්‍රී ලංකාවේ 14 වන විශ්වවිද්‍යාලය ලෙස ආරම්භ වී පසුගිය කාලයේ ලෝකයෙන්ම වෙබ්මිතික (සියලු මෙහෙයුම්) ශ්‍රේණිගත කිරීම්වලට අනුව හයදහසේ සීමාව ඉක්මවා සිටියදී 3015 වන ස්ථානයට රැගෙන ඒමටද හැකි වූ බව ද මහාචාර්යවරිය සඳහන් කළාය.
මෙරට විශ්වවිද්‍යාල අතුරින් 2013 වසරේ 13 වන ස්ථානයේත් 2021 වසරේ 8 වැනි ස්ථානයෙත් සිට මේ වසරේ 6 වන ස්ථානයට පැමිණීමට හැකි වූ බවද වසර හතරම විද්‍යාර්ථයින්ට අඛණ්ඩව නේවාසික පහසුකම සපයන දිවයිනේ එකම විශ්වවිද්‍යාලය රජරට විශ්වවිද්‍යාලය වන අතර විවිධ ව්‍යාපෘති විවිධ පාඨමාලා රැසක් ක්‍රියාත්මක බවද මහාචාර්යවරිය පැවසුවාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්