
ජෙට් එන්ජින්, ගුවන් යානා සදහා අවශ්‍ය සර්කෝනියම් නිෂ්පාදනයට රජරට සරසවියට පේටන්ට් බලපත්‍රය ලැබෙයි
රජයේ විශ්වවිද්‍යාල උපකුලපති සංගමයේ සභාපති සහ රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මිය පවසන්නේ රජරට විශ්වවිද්‍යාලය සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සර්කෝනියම් නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය හිමිව ඇති බවය.
අනුරාධපුරයේදී පෙරේදා (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උපකුලපතිවරිය මේ බව අනාවරණය කළාය.
ලෝකයේ හොඳම ඉල්මනයිට් ලෙස සැලකෙන පුල්මුඩේ ඉල්මනයිට් මගින් රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ මහාචාර්ය ආනන්ද කරුණාරත්න මහතා සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සර්කෝනියම් නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය හිමිව තිබේ.
මෙතෙක් කල් ශ්‍රී ලංකාව ඉල්මනයිට් අපනයනය පමණක් සිදු කළ අතර සර්කෝනියම් නිෂ්පාදනය කිරීමෙන් ජෙට් එන්ජින්, ගුවන් යානා, අභ්‍යවකාශ පටල, සෙරමික්, බල්බ පිලමන්ට් ආදිය සඳහා මෙය යොදා ගත හැක.
මේ වන වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශ්වවිද්‍යාල 17 අතුරින් පර්යේෂණ අංශයෙන් රජරට විශ්වවිද්‍යාලයට දිවයිනේ ප්‍රථම ස්ථානයට පැමිණීමට හැකිවී ඇති බවද මහාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මිය සඳහන් කළාය.
රජරට විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක කෘෂිකර්ම, ව්‍යවහාරික විද්‍යා, සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර, වෛද්‍ය සහ සමාන්තර විද්‍යා යන පීඨ සහ පීඨාධිපතිවරුන්ගේ කැපවීමද මේ ජයග්‍රහණය ලබා ගැනීමට විශාල පිටිවහලක් වූ බව ඇය පැවසුවාය.
පර්යේෂණ වෙනුවට පර්යේෂණ නිෂ්පාදන සඳහා අවධානය යොමු කර රැකියා මවන්නන් බවට රජරට විශ්වවිද්‍යාලය කටයුතු කර ඇති බව පෙන්වා දෙන උපකුලපතිවරිය කොම්පෝස්ට් නිෂ්පාදනය, මොඩ්ල් ෆාම්, සංචාරක මොඩ්ල් ෆාම්, ජාත්‍යන්තර පුහුණු හුවමාරු වැඩසටහන් ආදී විශාල වැඩ කොටසක් මේ වනවිට ක්‍රියාත්මක බවද තවත් මාස දෙකකින් දේශගුණික විපර්යාස නිරීක්ෂණ මධ්‍යස්ථානයක්ද ආරම්භ කරන බව ද ඇය සඳහන් කළාය.
රජරට විශ්වවිද්‍යාලය 1996 ජනවාරි 31 දා ශ්‍රී ලංකාවේ 14 වන විශ්වවිද්‍යාලය ලෙස ආරම්භ වී පසුගිය කාලයේ ලෝකයෙන්ම වෙබ්මිතික (සියලු මෙහෙයුම්) ශ්‍රේණිගත කිරීම්වලට අනුව හයදහසේ සීමාව ඉක්මවා සිටියදී 3015 වන ස්ථානයට රැගෙන ඒමටද හැකි වූ බව ද මහාචාර්යවරිය සඳහන් කළාය.
මෙරට විශ්වවිද්‍යාල අතුරින් 2013 වසරේ 13 වන ස්ථානයේත් 2021 වසරේ 8 වැනි ස්ථානයෙත් සිට මේ වසරේ 6 වන ස්ථානයට පැමිණීමට හැකි වූ බවද වසර හතරම විද්‍යාර්ථයින්ට අඛණ්ඩව නේවාසික පහසුකම සපයන දිවයිනේ එකම විශ්වවිද්‍යාලය රජරට විශ්වවිද්‍යාලය වන අතර විවිධ ව්‍යාපෘති විවිධ පාඨමාලා රැසක් ක්‍රියාත්මක බවද මහාචාර්යවරිය පැවසුවාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
