News Category
From Date
To Date
Maximum Number of Result

ජනපතිගේ කාලය දිගුකර ගැනීමේ සංශෝධණයක් සරල බහුතරයෙන් සම්මත කර කතානායක අත්සන් කලොත් මැතිවරණ සිතියම සදා කාලයට අතුරුදහන් කිරීමේ අවධානමක් - ගම්මන්පිල හෙළිකරයි

Mar 21, 2024 at 06:45 AM
|

ජනපතිගේ කාලය දිගුකර ගැනීමේ සංශෝධණයක් සරල බහුතරයෙන් සම්මත කරලා කතානායක අත්සන් කලොත් අධිකරණය ඉදිරියේ අභියෝග කල නොහැකි නිසා මැතිවරණ සිතියම සදා කාලයට අතුරුදහන් කිරීමේ අවධානමක් මේතුල තිබෙනවා’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ පැවති කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිලිබද විවාදයට එක්වෙමිනි.

ඔහු එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

‘වර්තමාන කතානායකවරයා නිහතමානි වැදගත් මහත්මයෙක් ලෙස අපි කාගේත් ගෞරවය දිනා ගත් පුද්ගලයෙක්. ඒ නිසා තමයි කිසිම තරගයකින් තොරව ආණ්ඩු පක්ෂයෙන් නම යෝජනා කරලා විපක්ෂයෙන් ස්ථිර කරලා සමස්ත පාර්ලිමේන්තුවම එකතු වෙලා එතුමාව කතානායක තනතුරට පත් වුණේ. ඒක දුර්ලභ අවස්ථාවක්. සාමාන්‍යයෙන් පරදින්න හරි විපක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. මේ විශ්වාස භංග විවාදයෙන් පෙන්නුම් කරන්නේ එදා සමස්ත පාර්ලිමේන්තුවම එතුමා ගැන තිබූ විශ්වාසය දැන් භංග වෙලා කියන එකයි.

ඊයේ දවසේ ආණ්ඩුව පැත්තෙන් විශ්වාස භංග යෝජනාවට එරෙහිව තර්ක හතරක් ඉදිරිපත් කලා. පළමු තර්කය වුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට පටහැනිව කතානායකතුමා කටයුතු කරලා නෑ කියන එක. දෙවන තර්කය වුණේ සුමන්තිරන් මන්ත්‍රිතුමාගේ මූලික අයිතිවාසිකම් නඩුව ඇසීම ප්‍රතික්ෂේප කිරීමෙන් තමන්ගේ තීන්දුවට පටහැනි යමක් පාර්ලිමේන්තුව කරලා නෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයත් පිලිගත්තා කියන එක. තුන්වන තර්කය වුණේ රටේ මෙතරම් ප්‍රශ්න තිබිය දී නැති ප්‍රශ්න මතු කරලා තිබෙන ප්‍රශ්න අමතක කරනවා කියන එක. හතරවෙනුව අපට බහුතරය තිබෙන නිසා අපි කොහොමත් අපේ කතානායක රකිනවා කියන එක. ලැබිලා තිබෙන සීමිත කාලය අනුව ඉතා කෙටියෙන් මේ තර්ක හතරටම පිලිතුරු දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය උල්ලංඝණය කළා කියලා විපක්ෂයේ හැමෝම කිව්වත් උල්ලංඝණය කලේ කොහොමද කියලා කවුරුත් කියන්නේ නෑ. ඇත්තටම කතානායකතුමා උල්ලංඝණය කලේ කොහොමද කියලා අපි සොයා බලමු.

පනත් කෙටුම්පතේ 11(ඈ) වගන්තියේ සඳහන් ආකාරයට තහනම් ප්‍රකාශයක් ජනතාව දකින එක වැලැක්වීමට පියවර ගන්නා ලෙස කොමිසම විසින් අන්තර්ජාල සේවා සපයන්නන්ට නියෝග කරන්න පෙර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තිබෙනවා. නමුත් ඒ සංශෝධනය පනතට ඇතුළු කරලා නෑ. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 27(6) වගන්තිය ඇතුළු සෑම තැනකම සතියක් කල් දීලා තිබෙන තැන් වල දී සති දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයකට ඒක සංශෝධනය කරන මෙන් උපදෙස් දීලා තිබුණත් ඒකට අනුගත වෙලා නෑ. මේ වගේ අවස්ථා ගණනාවක් පනත පුරා දකින්න පුළුවන්.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව කියලා තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කරන දේ නොකර ඉන්න පුළුවන්. නමුත් එහෙම නම් සම්මත කර ගන්න තුනෙන් දෙකේ බහුතරය ඕනි. සංශෝධනයත් නොකර තුනෙන් දෙකේ බහුතරයත් නැතිව තමයි මම කලින් කිව්ව වගන්ති දෙක සම්මත කර ගත්තේ. මේ ගැන විපක්ෂය පෙන්වා දුන්නත් කතානායකතුමා ඒක නොසලකා හැරියා. ඔන්න ඔහොමයි කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කඩ කලේ.

එහෙම නම් මේ පිළිබඳ සුමන්තිරන් මන්ත්‍රිතුමා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කලේ ඇයි? කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය කඩ නොකළ නිසා ද? නෑ. නීතිමය බාධාවන් නිසා. එක පැත්තකින් මූලික අයිතිවාසිකම් නඩු දාන්න පුළුවන් ආණ්ඩුවට නැතිනම් විධායකයට එරෙහිව. කතානායක ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා මිස විධායකයේ කොටසක් නොවේ. අනිත් පැත්තෙන් ලෝකයේ බොහෝ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයක් තිබෙනවා සම්මත වුණු පනතක් ව්‍යවස්ථාවට පටහැනි නම් ඒක අධිකරණයේ අභියෝගයට ලක් කරන්න පුළුවන්. අපි ඒකට පෝස්ට් ජුඩීෂල් රිවිව් කියලා කියනවා. නමුත් අපේ රටේ ඒක නෑ. ව්‍යවස්ථාවේ 80 වගන්තිය කියනවා, කතානායකවරයා යම් නීතියක් යථා පරිදි සම්මත වුණු බවට සහතිකයක් නිකුත් කලාට පස්සේ ඒක අධිකරණයේ අභියෝගයට ලක් කරන්න බෑ කියනවා. අපේ ව්‍යවස්ථාවේ කතා නායක පුටුවේ වාඩිවෙන පුද්ගලයාගේ අපක්ෂපාතීත්වය පිළිබද නීති ගරුකත්වය පිළිබද විශ්වාස තබලයි ඒ වගන්තිය දාල තියෙන්නේ. කතානායකතුමා කඩ කරලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ විශ්වාසය විතරක් නෙවෙයි. ව්‍යවස්ථාව විසින් එතුමාගේ කර මත පටවපු විශ්වාසයද එතුමා කඩ කරලා.

ඒ වගේම පාර්ලිමේන්තුවේ කටයුතු වලට අධිකරණය මැදිහත් වීමට උත්සාහ කළ අවස්ථා ගණනාවක දී හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මැතිතුමා ලබා දුන් තීන්දුවක් උපුටා දක්වමින් කතානායකවරු ඒ නියෝගය පිලි ගැනීම ප්‍රතික්ෂේප කරනවා.

මෙන්න මේ හේතු මත ශ්‍රේෂ්ඨාධිකරණය මේ ගැටළුවට මැදිහත් වීම ප්‍රතික්ෂේප කලා මිස කතානායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය කඩ කරලා නෑ කියන ස්ථාවරය ගත්තේ නෑ.

තුන්වන තර්කය තමයි අපිට බහුතරය තිබෙනවා. ඒ නිසා අපි කොහොමත් අපේ කතානායක රකිනවා කියන එක. ආණ්ඩුවේ ඔන්න ඔය මානසිකත්වය තමයි බාල බෙහෙත් ජාවාරමේ දී ආණ්ඩුවයි කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයායි දෙන්නාවම විනාශ කලේ. විපක්ෂයෙන් කෙහෙලිය ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවාම ආණ්ඩුව අපිට බහුතරය තිබෙනවා කියලා ඇමතිවරයා රැක්කා. නමුත් විවාදය පුරා විපක්ෂය ඉදිරිපත් කරපු කරුණු අහලා සමාජයේ දැවැන්ත කම්පනයක් ඇති වුණා. ඒ කම්පනය නිසා තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට කැබිනට් ඇමතිවරයෙකු අත්අඩංගුවට ගන්න පොලිසියට ධෛර්රයක් ආවේ. කැබිනට් ඇමතිවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන්න කියන්න නීතිපතිට ධෛර්රරයක් ආවේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණය විසින් කැබිනට් ඇමතිවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ. ඒ නිසා ඔලුගෙඩි අපි ගාව වැඩි කියලා ආණ්ඩුව උද්දච්ච ස්වරයෙන් කතාකලත් සමාජයේ මහා පිපිරීමක් වුනා.

මෙදා පාරත් තමන්ගේ බහුතරය පෙන්නල කතානායකතුමන් රැකගන්නට ආණ්ඩුව හැදුවොත් මේ හෙළුව බහුතරය මගින් වසාගනන්ට හැදුවොත් මේ පාර්ලිමේන්තුව පිළිබඳ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ මන්ත්‍රීවරුන් පිළිබද ජනතාවගේ තිබෙන විශ්වාසය පුපුරා ගිහින් ජනතාව ප්‍රචණ්ඩත්වයට යොමු වීමේ අවදානමක් තියෙනවා කියන අනතුරු ඇඟවීම අපි ආණ්ඩුවට කරනවා.

ඒ වගේම ප්‍රශ්න ඕනෑතරම් තිබියදී නැති ප්‍රශ්න ඇති කිරීමක් විදිහටත් ආණ්ඩුව මේ ගැන කිව්වා. මේ ප්‍රශ්නය අතිශයින්ම භයානකයි. ව්‍යවස්ථාව අනුව ජනපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය කල් දමන්න ජනමත විචාරණයක් අවශ්‍යයි. ඒ සම්බන්ද සංශෝධණයක්, ජනපතිගේ කාලය දිගුකර ගැනීමේ සංශෝධණයක් මේ ආකාරයට සරල බහුතරයෙන් සම්මත කරලා කතානායක අත්සන් කලොත් අධිකරණය ඉදිරියේ අභියෝග කල නොහැකි නිසා මැතිවරණ සිතියම සදා කාලයට අතුරුදහන් කිරීමේ අවධානමක් මේතුල තිබෙනවා. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන සියලු දෙනා කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයට සහය පල කල යුතු බව මා සිහිපත් කරනවා.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

පසුගිය මැයි 06 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කුඩය ලකුණින් තරග කළ ජන අරගල සන්ධානය ආසන 16ක් දිනාගැනීමට සමත් වී තිබේ.
සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.
සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටී ඇති බව පාකිස්තානය ප්‍රකාශ කරන බව ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.
ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ඉන්දීය හමුදා විසින් එල්ලකළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය මෙහෙයුමක් ආරම්භකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
2025 වසරේ පිට පිට දෙවැනි මාසයටත් මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය පසු බැසීමක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ.
කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.
ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.