ETCA ගිවිසුම අත්සත් තබන දිනය ගම්මන්පිල හෙළිකරයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබන එට්කා ගිවිසුම ඉන්දියානු පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසු අත්සන් තැබීමට සූදානම් වන බවට ආණ්ඩුවේම විශ්වාසදායි ආරංචි මාර්ග වලින් දැන ගන්න ලැබී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
එක්ටා ගිවිසුමට පූර්ව කොන්දේසි හතරක්
මාර්තු මාසයේ දී එට්කා ගිවිසුම අත්සන් කරන බවට කටකතා තිබුනත් ඇත්තටම ගිවිසුම අත්සන් කරන්නේ ඉන්දියානු පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසු බවට ආණ්ඩුවේ විශ්වාසදායි ආරංචි මාර්ග වලින් දැන ගන්න තිබෙනවා. ඉන්දියානු මැතිවරණ කොමිසමට අනුව ඉන්දියාවේ මැතිවරණය අවසන් වෙන්නේ ජූනි 4 දා. ඒ නිසා ආණ්ඩුව ගිවිසුම අත්සන් කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් මාස තුනකින්. එට්කා ගැන හිතන්නත් කලින් මේ මාස තුන ඇතුලත ආණ්ඩුව සම්පූර්ණ කළ යුතු කොන්දේසි හතරක් තිබෙනවා. මේ කොන්දේසි ඉටු නොවුණු නිසා තමයි ද්විපාර්ශවික වෙළඳ ගිවිසුම් වලින් අපට වාසියට වඩා අවාසි සිදු වෙන්නේ.
1. ලංකාවට විදේශ වෙළඳ ගිවිසුම් ප්‍රතිපත්තියක් සැකසීම අවශ්‍යයි. 2016 දී සිංගප්පූරු වෙළඳ ගිවිසුම අත්සන් කරන අවස්ථාවේත් අපි මේ ගැන අවධාරණය කළත් ආණ්ඩුව ගණන් ගත්තේ නෑ. යම් ගිවිසුමක් අපට වාසි ද අවාසි ද කියා බලන නිර්ණායක මොනවාද? අපට එහෙම මුකුත් නෑ. එහෙම නිර්ණායක නැතිව සාකච්ඡා වලට ගියාම අනිත් පාර්ශවයට වාසියට තමයි ගිවිසුම සැකසෙන්නේ.
2. ද්විපාර්ශවික වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය අඩංගු නීතියක් අපට නෑ. ඒ නිසා තමයි හොර රහසේ ගිවිසුම් අත්සන් කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපෙන් සාකච්ඡාවට එන නිලධාරින්ව තමන්ගේ සාක්කුවේ දා ගන්න අනිත් රටට පුළුවන් වෙන්නේ. ඒ නිසා ද්විපාර්ශවික වගේම බහුපාර්ශවික වෙළඳ ගිවිසුම් අත්සන් කරන ක්‍රියාපාටිය දැක්වෙන පනතක් සම්මත කර ගත යුතුයි.
3. ගිවිසුම අත්සන් කරන්න මාසයකට කලින් ඒක ප්‍රසිද්ධ කළ යුතු බවත් ඒ පිළිබඳ අවම වශයෙන් දින දෙකක් පාර්ලිමේන්තුවේ විවාද කළ යුතු බවත් ගිවිසුම් ක්‍රියා පටිපාටියේ සඳහන් විය යුතුයි. දැන් තායිලන්තය එක්ක ගිවිසුමක් අත්සන් කලා. අත්සන් කරන තුරු අන්තර්ගතය අපි දන්නේ නෑ. එට්කා ගිවිසුමේ පිටපත් ඉල්ලුවාම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඒක ලබා දෙන්න ප්‍රතික්ෂේප කළා කියලා වෘත්තියවේදින් කියලා තිබ්බා. ඒ නිසා අත්සන් කරන්න කලින් ගිවිසුම ප්‍රසිද්ධ කිරීම නීතියෙන් අනිවාර්රය කරන්න ඕනි.
4. අපි මුලින්ම ද්විපාර්ශිවික නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කලේ 1998 දී ඉන්දියාව සමග. ඒක අපේ වගේම ඉන්දියාවේත් පළමු ගිවිසුම. පසුගිය විසි හය වසර තුල පකිස්තානය, සිංගප්පූරුව, තායිලන්තය වැනි රටවල් ගණනාවක් සමග නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මේ ගිවිසුම් වලින් ලැබුණු ප්‍රතිලාභ මොනවාද කියන එක කවදාවත් සමාලෝචනයක් කරලා නෑ. ඒ නිසා එක්ටා අත්සන් කරන්න කලින් අත්සන් කරපු ගිවිසුම් වලින් ලැබුණු ප්‍රතිලාභ මොනවාද අහිතකර ප්‍රතිඵල මොනවාද කියන එක ගැන සමාලෝචන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනි.
මේ කොන්දේසි හතර ඉටු නොකර එට්කා නොවේ මොන ගිවිසුම අත්සන් කලත් රටට අවාසියක් මිස වාසියක් වෙන්නේ නෑ.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..