
ETCA ගිවිසුම අත්සත් තබන දිනය ගම්මන්පිල හෙළිකරයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබන එට්කා ගිවිසුම ඉන්දියානු පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසු අත්සන් තැබීමට සූදානම් වන බවට ආණ්ඩුවේම විශ්වාසදායි ආරංචි මාර්ග වලින් දැන ගන්න ලැබී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
එක්ටා ගිවිසුමට පූර්ව කොන්දේසි හතරක්
මාර්තු මාසයේ දී එට්කා ගිවිසුම අත්සන් කරන බවට කටකතා තිබුනත් ඇත්තටම ගිවිසුම අත්සන් කරන්නේ ඉන්දියානු පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසු බවට ආණ්ඩුවේ විශ්වාසදායි ආරංචි මාර්ග වලින් දැන ගන්න තිබෙනවා. ඉන්දියානු මැතිවරණ කොමිසමට අනුව ඉන්දියාවේ මැතිවරණය අවසන් වෙන්නේ ජූනි 4 දා. ඒ නිසා ආණ්ඩුව ගිවිසුම අත්සන් කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් මාස තුනකින්. එට්කා ගැන හිතන්නත් කලින් මේ මාස තුන ඇතුලත ආණ්ඩුව සම්පූර්ණ කළ යුතු කොන්දේසි හතරක් තිබෙනවා. මේ කොන්දේසි ඉටු නොවුණු නිසා තමයි ද්විපාර්ශවික වෙළඳ ගිවිසුම් වලින් අපට වාසියට වඩා අවාසි සිදු වෙන්නේ.
1. ලංකාවට විදේශ වෙළඳ ගිවිසුම් ප්‍රතිපත්තියක් සැකසීම අවශ්‍යයි. 2016 දී සිංගප්පූරු වෙළඳ ගිවිසුම අත්සන් කරන අවස්ථාවේත් අපි මේ ගැන අවධාරණය කළත් ආණ්ඩුව ගණන් ගත්තේ නෑ. යම් ගිවිසුමක් අපට වාසි ද අවාසි ද කියා බලන නිර්ණායක මොනවාද? අපට එහෙම මුකුත් නෑ. එහෙම නිර්ණායක නැතිව සාකච්ඡා වලට ගියාම අනිත් පාර්ශවයට වාසියට තමයි ගිවිසුම සැකසෙන්නේ.
2. ද්විපාර්ශවික වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය අඩංගු නීතියක් අපට නෑ. ඒ නිසා තමයි හොර රහසේ ගිවිසුම් අත්සන් කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපෙන් සාකච්ඡාවට එන නිලධාරින්ව තමන්ගේ සාක්කුවේ දා ගන්න අනිත් රටට පුළුවන් වෙන්නේ. ඒ නිසා ද්විපාර්ශවික වගේම බහුපාර්ශවික වෙළඳ ගිවිසුම් අත්සන් කරන ක්‍රියාපාටිය දැක්වෙන පනතක් සම්මත කර ගත යුතුයි.
3. ගිවිසුම අත්සන් කරන්න මාසයකට කලින් ඒක ප්‍රසිද්ධ කළ යුතු බවත් ඒ පිළිබඳ අවම වශයෙන් දින දෙකක් පාර්ලිමේන්තුවේ විවාද කළ යුතු බවත් ගිවිසුම් ක්‍රියා පටිපාටියේ සඳහන් විය යුතුයි. දැන් තායිලන්තය එක්ක ගිවිසුමක් අත්සන් කලා. අත්සන් කරන තුරු අන්තර්ගතය අපි දන්නේ නෑ. එට්කා ගිවිසුමේ පිටපත් ඉල්ලුවාම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඒක ලබා දෙන්න ප්‍රතික්ෂේප කළා කියලා වෘත්තියවේදින් කියලා තිබ්බා. ඒ නිසා අත්සන් කරන්න කලින් ගිවිසුම ප්‍රසිද්ධ කිරීම නීතියෙන් අනිවාර්රය කරන්න ඕනි.
4. අපි මුලින්ම ද්විපාර්ශිවික නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කලේ 1998 දී ඉන්දියාව සමග. ඒක අපේ වගේම ඉන්දියාවේත් පළමු ගිවිසුම. පසුගිය විසි හය වසර තුල පකිස්තානය, සිංගප්පූරුව, තායිලන්තය වැනි රටවල් ගණනාවක් සමග නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මේ ගිවිසුම් වලින් ලැබුණු ප්‍රතිලාභ මොනවාද කියන එක කවදාවත් සමාලෝචනයක් කරලා නෑ. ඒ නිසා එක්ටා අත්සන් කරන්න කලින් අත්සන් කරපු ගිවිසුම් වලින් ලැබුණු ප්‍රතිලාභ මොනවාද අහිතකර ප්‍රතිඵල මොනවාද කියන එක ගැන සමාලෝචන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනි.
මේ කොන්දේසි හතර ඉටු නොකර එට්කා නොවේ මොන ගිවිසුම අත්සන් කලත් රටට අවාසියක් මිස වාසියක් වෙන්නේ නෑ.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
