
ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට... ඒත් උග්‍ර ආචාර්යවරු හිඟයක්
නවතම Times Higher Education ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රීලංකාවේ වෛද්‍ය පීඨ ජාත්‍යන්තරව පිලිගත් ඉහළ ස්ථානයක රැදී පවතී.
මෙහි කොලඹ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල 501-600 කාණ්ඩයේද කැලණිය විශ්ව විද්‍යාලය 801-1000 කාණ්ඩයේ ද රැඳී සිටී.
ලෝකය පුරා මේ වන විට වෛද්‍ය විද්‍යාල 4000කට ආසන්න ගණනක් පවතින අතර මෙහිදී University of East London , Massey University of New Zealand , University of Northumbria , University of Plymouth , Cardiff Metropolitan University , Aichi Medical University (Japan) ,University of Johannesburg ආදී කීර්තිමත් විශ්ව විද්‍යාල ගණනාවක් පවා කොලඹ විශ්ව විද්‍යාලයට පහලින් ශ්‍රේණිගත කිරීම් වල රැඳී සිටීම විශේශත්වයකි.
මේ මොහොත වන විට වෛද්‍ය පීඨ වලට රජයෙන් ලබා දෙන අරමුදල් සහ නව පර්යේෂණ වලට ලබා දෙන පහසුකම් විශාල වශයෙන් කප්පාදු කර ඇති අතර ආචාර්යවරුන්ගේ හිඟය ඇතුලු නොවිසඳුණු ගැටලු ගණනාවක් මධ්‍යයේ වුවත් මෙවැනි ශ්‍රේණිගත කිරීම් වල සැලකිය යුතු ස්ථානයක රැඳී සිටීම සතුටු විය යුතු කරුණකි.
නමුත් පාලකයන් තවදුරටත් රජයේ වෛද්‍ය පීඨ කඩා වැටෙන ආකාරයේ අරමුදල් කප්පාදු කිරීම් , රජයේ වෛද්‍ය පීඨ වලට අදාල රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ලබා දීම ආදිය ඉදිරියටත් සිදු වුවහොත් ලංකාවේ සමස්ත වෛද්‍ය අධ්‍යාපනයම දරුණු අගාධයකට යාමේ පෙර නිමිති පහළ වෙමින් තිබීම කණගාටුවට කරුණක්.
(NO PMC - For Free Education පිටුවෙන් උපුටා ගන්නා ලදී)
මේ පිළිබඳව අදහස් දක්වමින් මහජන යුතුකම් කේන්ද්‍රය පවසන්නේ මෙරට තක්කඩි දේශපාලකයන්ගේ උදව්වෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දා ගැනීමට ඇතැමුන් ක්‍රියාකරමින් සිටින බවත්, රජයේ වෛද්‍ය පීඨවල උග්‍ර ආචාර්යවරු හිඟයක් මතුවී තිබීම බරපතළ තත්ත්වයක් බවත් ය.
පහතින් දැක්වෙන්නේ මහජන යුතුකම් කේන්ද්‍රය විසින් මේ පිළිබඳව දක්වා ඇති අදහසයි.
"හැත්තෑව පැන්න වයසක මහාචාර්යවරු ආචාර්යවරු කීපදෙනෙක් මේ රට නැත්තටම නැති කරපු රටේ මිනිස්සු හිඟන්නෝ කරපු තක්කඩි දේශපාලනඥයොත් එක්ක එකතු වෙලා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දාගන්න ඕන උනාට රජයේ වෛද්‍ය පීඨවල උග්‍ර ආචාර්යවරු හිඟයක් තියෙනවා.
කොළඹ වෛද්‍ය පීඨයට වගේ පහසුකම් නැති හෝමාගම හොරණ හෝ පානදුර රෝහල්වලට පෞද්ගලික වෛද්‍ය සිසුන් 500 ක් පුහුණු කරන්න ආචාර්යවරු හා පහසුකම් කෝ.......
අනික හෝමාගම කියන්නේ රජයේ ජයවර්ධනපුර වෛද්‍ය පීඨ සිසුන් ඉගෙන ගන්න තැනක්.
පානදුර හොරණ කියන්නේත් මොරටුව වෛද්‍ය පීඨයේ සිසුන් ඉගෙන ගන්න තැනක්.
සියලු අංග සම්පූර්ණ පහසුකම් තියෙන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ රෝහලට පවා රෝගීන් එන්න මැලිකමක් දක්වනවා උපකරණ තිබුනට වැඩක් නෑ ප්‍රමිතිය තියෙන්න ඕන.
පන්සියයක් පුහුණු කරන්න කොළඹ වගේ දෙගුණයක් රෝගීන් ඉන්න ඕන ඒ පහසුකම් තියෙන්න ඕන.
එතකොට ඒ පහසුකම් දෙන්න රජයේ අනෙකුත් රෝහල් වට්ටල වහන්න කටයුතු කරලද කරන්න වෙන්නේ. කෝ පුහුණු වෛද්‍යවරුආචාර්‍යවරු?.
ඒවට ඉන්දියාවෙන් ගෙන්වනවද ......රජයේ වෛද්‍ය පිඨ ටික වට්ටලා ඒකෙ ඉන්න අය ගන්නවද?
තමන්ගේ කල්ල මරේ ගොඩදාගන්න රටේ මහජනතාවට බෙහෙත් කියල වතුර දුන්න සෞඛ්‍ය ඇමතිල සෞඛ්‍ය බලධාරීන් *ඉන්න රටේ ප්‍රමිති ගත පෞද්ගලික වෛද්‍ය පීඨ දාන්න පුළුවන් කියලා කවුරු හරි කියනවනම් ...ඔහුගේ මොළය පරීක්ෂා කළ යුතුයි.
ඒකෙන්ම හිතාගන්න පුළුවන් ජාවාරම්කාරයන්ගේ වෙන්දේසිකාරයන්ගේ රට විකුණන ආකාරය උන්ට ප්‍රමිතිය වැඩක් නෑ.
මතකනේ මෑතකදී ගැසට් එකක් ගැහුවා අපේ රටේ කුළුබඩු වෙනුවට විදේශයන් වලින් බාල ඒවා ගෙනල්ලා අපේ තේ වලට කලා වගේ ප්‍රථි අපනයනය කරන්න.
බාල බෙහෙත් මදිවට බාල දොස්තරලා ආවහම අප රටේ මිනිස්සුන්ට හරි සැපයි .....
ඒ විතරක් නෙමෙයි කෝටි ගානක් වියදම් කරලා සුළු වැටුපකට දොස්තර කම ගන්න මිනිස්සුන්ට පිස්සුවක් නෑ.
ඊට වඩා හොඳයි මහ බැංකුවේ රැකියාවකට යනවා පොඩි ගානක් වියදම් කරලා.
හරි හරි එට්කා අත්සන් කරයින් පස්සේ ඉන්දියාවෙන් පේමන්ට් තුළ ඉන්න සහතිකේ විතරක් තියෙන නමට පමණක් බාල දොස්තරලා ගෙන්න ගන්න පුළුවන්.
අපේ ප්‍රමිති ගත වෛද්‍ය අධ්‍යාපනය නිසා අපි ඉන්නේ ඉන්දියාවට වඩා ඉහල තැනක අපි 46 ඉන්දියාව 112.
ගොඩක් වෙලාවට රටේ පාලකයන් හිතාගෙන ඉන්නේ අපි ඉන්දියාවේ විසිනම වැනි ප්‍රාන්තය වුණාට කමක් නෑ කියලනේ.
හරි හරි කලබල වෙන්න එපා 2048 දී දියුණු රටක්."
- මහජන යුතුකම් කේන්ද්‍රය -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
