News Category
From Date
To Date
Maximum Number of Result

MILCO ආයතනය සම්බන්ධයෙන් අමුල් සමාගම සමඟ ගිවිසුමකට එළැඹෙනවා - ජනපති රනිල් කියයි

Feb 21, 2024 at 06:40 AM
|

කෘෂි ක්ෂේත්‍රයේ වේගවත් පරිවර්තනයක් සමඟ නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාව නඟා සිටුවීමට රජය කැපවී කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ පසුගිය ආර්ථික අර්බුදයට මුහුණ දීමේදී කෘෂිකර්මාන්තය දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට කඩිනමින් යළි නඟා සිටුවිය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ලෙස කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය හඳුනාගෙන තිබෙන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ දිනවල කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරයේ සමාරම්භක සැසිය අමතමිනි.

ශ්‍රී ලංකාවේ පසුගිය ආර්ථික අර්බුදයට මුහුණ දීමේදී කෘෂිකර්මාන්තය දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට කඩිනමින් යළි නඟා සිටුවිය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ලෙස කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය හඳුනාගෙන තිබෙන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ දිනවල කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරයේ සමාරම්භක සැසිය අමතමිනි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) මහතා ද එම අවස්ථාවට සහභාගී විය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල් 46 අතුරින් එක්සත් ජනපදය, චීනය සහ රුසියාව ඇතුළු රටවල් 34ක රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 19 දා කොළඹ දී ආරම්භ වූ සමුළුව 21 අවසන් වේ.

2022 වර්ෂයේ දී බංග්ලාදේශය මෙම සමුළුවේ සත්කාරකත්වය දැරූ අතර මෙතැන් සිට 2026 වසර දක්වා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සභාපතීත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ඇත.

ශ්‍රී ලංකාව 1955 වර්ෂයේ පැවති 2 වැනි සමුළුව සඳහා සත්කාරකත්වය දක්වා ඇති අතර මෙවර ශ්‍රී ලංකාව මෙම සමුළුවට සත්කාරකත්වය දක්වන්නේ වසර 69කට පසුව වීම විශේෂත්වයකි.

ආසියා – පැසිෆික් කලාපවල මුළු ජනගහනයෙන් 70%ක් පමණ කෘෂිකර්මාන්තය මත යැපෙනු ලබයි. “කෘෂි ආහාර පද්ධතිය පරිවර්තනය” යන්න තේමා කරගනිමින් පැවැත්වෙන මෙවර සමුළුවේ දී කලාපයේ රටවල පෝෂ්‍යදායි ආහාර නිෂ්පාදනය, ආහාර පරිභෝජන සුරක්ෂිතතාව, ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම, පාරිසරික සුරක්ෂිතතාව පවත්වා ගැනීම, හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීම, දේශගුණික විපර්යාසවල අවදානම පාලනය කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අවධානය යොමු කෙරේ.

සමුළුවේ සමාරම්භක සැසිවාරයෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවට එක්ව සිටින විදෙස් අමාත්‍යවරු ඇතුළු නියෝජිතයන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර, ඉන් අනතුරු සමුළුවට එක්ව සිටි නියෝජිත රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන් සමඟ සාකච්ඡාවකට ද එක් විය.

සමුළුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

“ආහාර සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීම, තිරසර නිෂ්පාදනය සඳහා කෘෂි ආහාර පද්ධති පරිවර්තනය කිරීම මෙන්ම තිරසර සංවර්ධන ඉලක්කවලට අදාළ තිරසර සහ ඔරොත්තුදෙන සුලු කෘෂිකාර්මික පද්ධති ගොඩනැඟීම සඳහා ආහාර හා කෘෂිකර්ම සංවිධානය ආසියා-පැසිෆික් කලාපය තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනවා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල කෘෂිකර්මාන්තය රටේ ආර්ථික පරිවර්තනයේදී විශාල කාර්යභාරයක් ඉටු කිරීමට නියමිතව තිබෙනවා. අපි සිදු කිරීමට අපේක්ෂා කරන වැඩපිළිවෙළ මම ඔබට කෙටියෙන් පැහැදිලි කරන්නම්.

අප මෙම සමුළුව පවත්වන්නේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවකයි. 2022 දී අපට වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර තිබුණේ නැහැ. රටේ ආහාර හිඟයක් පැවතුණා, ඒ වගේම විදේශ විනිමය හිඟයක් පැවතුණා.

එවැනි කාල සීමාවක් පසු කර අද අප යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. ඉතා ඉක්මනින් අපි විදේශ ණය හිමියන්ගේ කමිටුව සහ පැරිස් සමාජය සමඟ අපගේ ණය ප්‍රතිව්‍යුහගතකරණ අවසන් ගිවිසුම අත්සන් තැබීමට බලාපොරොත්තු වෙනවා. එවිට අපි තවදුරටත් බංකොලොත් ආර්ථිකයක් ඇති රාජ්‍යයක් නොවේ. නමුත් එය පමණක් ප්‍රමාණවත් නැහැ.

අපගේ ආර්ථිකය දෙස බලන විට අපට කඩිනම් ප්‍රතිඵල ලබා ගත හැකි එක් ක්ෂේත්‍රයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. දෙවැන්න සංචාරක ව්‍යාපාරයයි.

වාසනාවකට මෙන්, අපට පොහොර ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) අපට එදා සහාය ලබා දුන්නා. එයින් අපගේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබුණා.

ඒ අනුව 2023 අප්‍රේල් මාසයේ ප්‍රධාන වගා කන්නය පැමිණෙන විට අප අවදානම් තත්ත්වයෙන් මිදී සිටියා. අපට හොඳ වගා කන්නයක් තිබුණා. එතැන් සිට අපට ඉදිරියට යා හැකි බව මම දැන සිටියා.‍

රට තුළ ආහාර නිෂ්පාදනයක් සිදු නොවූවා නම් නැවතත් මේ වසරේ අපට අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. නමුත් අප එතරම් අවාසනාවන්ත වුණේ නැහැ. ඒ වගේම මේ වසරේ අප්‍රේල් මාසයේදී ද මේ කන්නයට හොඳ අස්වැන්නක් ලැබෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ඒ වගේම අපි වසර අවසානයේ දෙවන අස්වැන්න ලබාගන්නවා.

ඒ නිසා මෙම ආර්ථික අභියෝගයට මුහුණ දීමේ දී කෘෂිකර්මාන්තය වැදගත් කාර්යභාරයක් ඉටු කළා.

රටක අඛණ්ඩ සංවර්ධනය සඳහා කෘෂිකර්මාන්තයට මහඟු කාර්යභාරයක් ඉටු කළ හැකියි. ඒ නිසා සෑම රටක්ම කෘෂිකර්මාන්තයේ වැදගත්කම හඳුනාගෙන කටයුතු කළ යුතුයි.

දෙවෙනි කරුණ වන්නේ අපට මෙම අර්බුදයට මුහුණදීමට සිදුවූ තවත් ප්‍රධාන හේතුවක් වන්නේ වෙළෙඳ ශේෂයේ පැවති හිඟයයි. අපි කවදාවත් වෙළෙඳ ශේෂය අපට හිතකර තත්ත්වයක පවත්වා ගත්තේ නැහැ.ඒ වගේම අපිට කවදාවත් ගෙවා අවසන් කළ නොහැකි සැලකිය යුතු විදේශ ණය ප්‍රමාණයක් ගෙන තිබෙනවා. ඒ නිසා සියලුම ගිවිසුම් අනුව අපගේ ණය ආපසු ගෙවීම සඳහා අපට බොහෝ කාලයක් අවශ්‍ය වෙනවා.

ඒ නිසා අප රට තුළ ආර්ථික පරිවර්තනයක් සිදු කළ යුතුයි. එම ආර්ථික පරිවර්තනයේ දී අපට මූලධර්ම තුනක් තිබෙනවා. තරගකාරි ආර්ථිකයක්, හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් එම මූලධර්ම 03 වෙනවා.

ශ්‍රී ලංකාවට වසර 2000ක් පමණ පැරණි කෘෂිකාර්මික හා අපනයන ඉතිහාසයක් පවතිනවා. පළමුව සහල් සහ අනෙකුත් ධාන්‍ය වර්ග අපනයනය සිදු කළා.ඒ සඳහා අපට අපගේ වාරි ශිෂ්ටාචාරය සහාය වුණා.

ඇත්තෙන්ම එම ශිෂ්ටාචාරය තුළ මුදල් ලැබුණේ භූමියෙන් නොවේ. ඕනෑම වැඩවසම් සමාජයක් දෙස අවධානය යොමු කළ හොත් ඉඩම්වලින් මුදල් උපයා තිබෙනවා. රදළයන් හා ධනපතින් හැරුණුකොට අනෙක් අයට ඉඩම් හිමි වුණේ නැහැ. නමුත් ඔවුන් සතුව ජලය ලබාදුන් ජලාශ පැවතුණා. ඒ නිසා ඉඩම් අයිති කාටත් මේවායින් ජලය ලබා ගන්න සිද්ධ වුණා. ඉතින් මේක තමයි අතීතයේ අපිට තිබුණු ආර්ථිකය. එම ශිෂ්ටාචාරයේ බිඳවැටීමෙන් පසු අපි තෙත් කලාපයට ගමන් කළා.

ඒ වගේම අපේ රට කුළුබඩුවලට ප්‍රසිද්ධයි. බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමත් සමඟ කුළුබඩු මිල පහළ යන විට අපි තේ, පොල්, රබර් වගාවට යොමු වුණා. ලෝකයේ ප්‍රමුඛ පෙළේ වගාකරුවන් සම්බන්ධයෙන් ගත් විට, තවමත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඉහළම ස්ථානයක සිටින අතර අපට එහි ඒකාධිකාරයක් තිබෙනවා. අප විසින් එය වර්ධනය කරගත යුතුයි. නමුත් අපි කෘෂිකර්මාන්තය නොසලකා හැර තිබෙනවා.

1972 දී ඉඩම් අයිතිය අක්කර 50කට සීමා කරමින් අපේ විශාල වතු කඩා දැමුවා. නමුත් අපි අනෙක් අතට අක්කර ලක්ෂ ගණනක් වෙන් කළ මහවැලි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළා. ඒ නිසා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේත් සහාය අපට හිමි වුණා. නමුත් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස එය තවදුරටත් සංවර්ධනය කිරීමට අපට නොහැකි වුණා.

ඒ වගේම ඉන් පසුවද අප වැවිලි කර්මාන්තය නොසලකා හරිමින් සිටියා. නමුත් දැන් අප යළිත් එයට අවතීර්ණ විය යුතුව තිබෙනවා. ඒ සඳහා අප උපරිමයෙන් කැපවී වැඩ කළ යුතුයි. අප කෘෂි නිෂ්පාදන අපනයනය කරන රටක් බවට නැවත පත්විය යුතුයි. ඒ පිළිබඳ අප ගැඹුරින් අධ්‍යයනය කරමින් සිටිනවා.

අප ඒ සඳහා හොඳම උදාහරණය ලබා ගත්තේ අප මිත්‍ර රාජ්‍යයක් වන තායිලන්තයෙන්. තායිලන්තය මේ වන විට කෘෂිකර්මාන්තය තුළ ඉතා හොඳ අපනයන ආර්ථිකයක් පවත්වාගෙන යනවා.එසේ නම් අපත් ආරම්භ කරමු. පළමුවැන්න තමයි පවතින ක්‍රමවේදය ප්‍රතිසංවිධානය කිරීම සහ පෞද්ගලික අංශයට එය විවෘත කිරීම.

දෙවනුව රටට එන නවීනතම කෘෂි ක්‍රමවේදයන් පිළිබඳ අප අවධානයෙන් සිටිනවා. අපිට එය අවශ්‍යයයි. ඒ සඳහා අපට වසර 10ක්, 15ක් ගතවනු ඇතියි. නමුත් අපේ ඉලක්කය වසර 10කින් අපේ අරමුණ සාක්ෂාත් කරගැනීමයි. අපි නවීනතම කෘෂිකාර්මික අංශය රට තුළට ගෙන එනවා.

නමුත් අපට තවත් ප්‍රශ්නයක් තිබෙනවා. තරුණ තරුණියන් ගම අතහැර නගර වෙත පැමිණෙනවා. ඔවුන් සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයට සහභාගී වන්නේ නැහැ. සුහුරු කෘෂිකර්මය ගමට ගෙන ඒම මගින් ඔවුන්ව නැවත ගම්වල රඳවා ගත හැකියි. මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කිරීමට අමාත්‍යාංශ 03කට බෙදා තිබූ කෘෂිකර්ම අමාත්‍යාංශය එක් අමාත්‍යවරයෙකු යටතට ගෙන ඒමට අප කටයුතු කළා. ඒ වගේම ඊට අදාළ ආයතන පද්ධතිය තුළ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා. පළමුව ගොවි ජනතාවට හොඳ සේවාවක් ලබාදිය යුතුයි.

ඒ වගේම රටපුරා ගොවිජන සේවා මධ්‍යස්ථාන කෘෂිකර්ම නවීකරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද දායකත්වය ලබා ගැනීමට අප කටයුතු කරනවා.

එසේම කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම, නව සැපයුම් දාම, ශීතාගාර පහසුකම් මේ සියල්ල දෙස අවධානය යොමු කළ යුතුයි. එම සියලු පහසුකම් ශ්‍රී ලංකාව තුළ නැහැ. අපි ඒ පහසුකම් ගෙන එනවා. එමඟින් ක්ෂේත්‍රය තුළ විශාල පරිවර්තනයක් සිදු වෙනවා.

ඒ වගේම මෙරට ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය අප දැන්ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉතිරි ඉඩම් ද ඇතුළුව ගොවි ජනතාවට අවශ්‍ය ඉඩම් ලබාදීම අප මේ වන විට ආරම්භ කර තිබෙනවා.

නවීන කෘෂිකර්මාන්තයට ප්‍රවිශ්ට වීමට කැමති ඕනෑම අයෙකුට අප එම ඉඩම් ලබා දෙනවා.

1935 වසරේ සිට අපි ගොවි ජනතාවට ඉඩම් ලබා දුන්නා. මෙම ඉඩම් සියල්ල ලබාදී තිබෙන්නේ ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ බලපත්‍ර මතයි. ඒ නිසා මෙම ඉඩම්වල නීත්‍යනුකූල අයිතිය ගොවි ජනතාවට හිමි වුණේ නැහැ. දැන් අපි ඔවුන්ට එම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා දෙනවා. ඒ අනුව මේ වසරේ පමණක් මිලියනයකට අධික ගොවීන් පිරිසකට සින්නක්කර ඉඩම් අයිතිය ලැබෙනවා.

ඒ වගේම කිරි නිෂ්පාදනය ඇතුළු සත්ව කර්මාන්තය දියුණු කිරීමට ද අප පියවර ගෙන තිබෙනවා. සත්ව පාලන ක්ෂේත්‍රය දෙස බැලූවිට, එක් සතෙකුගෙන් ලැබෙන්නේ කිරි ලීටර් 2ක් පමණයි. මේ වන විට අප එය වෙනස් කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. රජයට අයත් MILCO ආයතනය සම්බන්ධයෙන් අමුල් සමාගම සමඟ අප ගිවිසුමකට එළැඹෙනවා.

දිනකට කිරි ලීටර් 10ක් ලබාදෙන සතුන් මිලියන 2ක් ඇතිකිරීම පිළිබඳ එහිදී අප අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව ඒ තුළින් පමණක් කිරි ලීටර් මිලියන 20ක් ලැබෙනවා. ගොවීන් ලක්ෂ දෙකකට පමණ එයින් ප්‍රතිලාභ ලැබෙනවා. ඒ හා සමගාමීව අනෙකුත් සමාගම් ද ඉදිරියට පැමිණෙනවා.

නෙස්ට්ලේ, ෆොන්ටෙරා ඇතුළු වෙනත් ආයතන මෙන්ම තවත් ශ්‍රී ලාංකික සමාගමක් වන අඹේවෙල ගොවිපොළ මේ අනුව ඉදිරියට පැමිණෙනවා. ඔවුන් සතෙකුට ලීටර් 28ක් දක්වා කිරි නිෂ්පාදනය වර්ධනය කර තිබෙනවා.

ඒ වගේම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සහ කරදිය ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳවත් අප අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව ආහාර සුරක්ෂිතතාවට දායකවීමට ශ්‍රී ලංකාව සැලසුම් ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

2050 දී ලෝක ජනගහනය දෙස බැලුවොත් ඒ වන විට අප ජීවතුන් අතර නොසිටිනු ඇතියි. නමුත් ඉරානයේ සිට ඉන්දුනීසියාව දක්වා, ජනගහනය මිලියන 500 සිට 600 දක්වා වැඩි වනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා. ඒ වන විට සෑම කෙනෙකුටම වැඩි ආදායමක් සහිත උසස් ජීවන තත්ත්වයක් හිමිව තිබෙනු ඇතියි

එසේනම් අනෙක් පසින් අප්‍රිකාව දෙස බලන්න. ඒ වගේම නැඟෙනහිර සහ දකුණු අප්‍රිකාව. මේ රටවල් තුළ ආහාර සඳහා විශාල අවශ්‍යතාවක් වනු ඇතියි.

ඒ වගේම දේශගුණික විපර්යාස අවම කර ගැනීම පිළිබඳවද ශ්‍රී ලංකාව දක්වන්නේ සුවිශේෂී කැපවීමක්. ඒ සඳහා අප යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබෙන අතර ඉන්දියන් සාගරය ද ඇතුළුව නිවර්තන කලාපය කාබන් අවශෝෂණය කරනු ලබන ස්ථානයක් බවට පත් කිරීම ඊට අයත් වෙනවා.

ඔබේ රටවල තෘණ බිම්වල සහ වනාන්තරවල පෞද්ගලික අංශයේ ආයෝජන සිදුකළයුතුයි. එහිදී අපි ප්‍රායෝගික විය යුතුයි. එක්සත් රාජධානියෙන් කිසිවෙකු මාලි රාජ්‍යයට අරමුදල් ලබා දෙන්න යන්නේ නෑහැ. ඒ වගේම ෆින්ලන්තයේ කිසිවෙකුත් ශ්‍රී ලංකාවට අරමුදල් දෙන්නේ නැහැ. නමුත් එය ආකර්ෂණය කර ගැනීමට අප කටයුතු කළ යුතුයි. ඒ වගේම දේශගුණ විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. දැනටමත් ඒ සඳහා අවශ්‍ය භූමිය ද හඳුනාගෙන ඇති බව කිව යුතුයි.

එහි ගොඩනැඟිලි ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනරජය සමඟ සාකච්ඡා කරමින් සිටින නමුත් තවත් බොහෝ පාර්ශ්වකරුවන් මේ සඳහා සහභාගිවීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සියලුම කෘෂිකාර්මික පර්යේෂණ මධ්‍යස්ථාන කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලය යටතට පත් කිරීමට අප අපේක්ෂා කරනවා.

මෙම සියලු කටයුතු සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ වේගවත් පරිවර්තනයකට රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ සඳහා අප එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහාය බලාපොරොත්තු වෙනවා”

– ජනාධිපති මාධ්‍ය ඒකකය

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.
ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.