
මිල්කෝ මිල දී ගැනීමේදී යළි සාකච්ඡා කරන්න අමූල් ලෑස්තියි - අනුර කියයි
මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) ඉන්දියාවේ අමූල් සමාගමට මිල දී ගැනීමේදී විවෘතභාවය ගැන නැවත සාකච්ඡාවක් කිරීමට සූදානම් බව එම සමාගම තම ප්‍රශ්න කිරීම් හමුවේ පැවසුවේ යැයි ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ‘ඉරිදා මව්බිම’ පුවත්පතට පවසා තිබේ.
තමා ඇතුළු කණ්ඩායම මේ පිළිබඳ විමසමින් මෙහි ඇති විනිවිදභාවයෙන් තොර වීම ගැන පෙන්වාදුන් බවත් ඔහු පවසා ඇත.
එහිදී අදහස් දක්වා ඇති අනුර කුමාර දිසානායක මහතා,
“අපි ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය ලෙසත් විශේෂයෙන් අමූල් සමාගම මුණගැහුණා. ලංකාවේ NLDB ආයතනය සහ මිල්කෝ ආයතනය අමූල් සමාගම විසින් මිල දී ගන්න සාකච්ඡා කරලා තිබුණා. අපි ඔවුන්ට විශාල ලෙස එහි විනිවිදභාවයෙන් තොරභාවය හා අපි ඊට කරන බලපෑමත් පෙන්වා දුන්නා. ඒ වගේ ම මෙහි තියෙන කිසිවක් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කර නැති බවත් ජනාධිපති මේක තමන්ගේ දේපළක් ලෙස භාවිත කර විකිණීමට කරන මැදිහත් වීම ගැන අපේ ඇති විරෝධයත් අපි පෙන්නුවා. එහිදී ඔවුන් විසින් තවදුරටත් ඒ ගැන සාකච්ඡා කරන්න සූදානම් කියලා කිව්වා. ඒ වගේ ම මෙහි විවෘතභාවය ගැන ඔවුන් කටයුතු කරන බව කිව්වා.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
