
තෝනිගල සෙල් ලිපිය ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව... ලෝකයේ මෙතෙක් සොයාගත් ආර්ථික හා බැංකු ක්රමයක තොරතුරු ඇති එකම සෙල් ලිපිය
වවුනියාව, හොරොව්පතාන පාරේ පිහිටි ඓතිහාසික තෝනිගල සෙල් ලිපියේ ආරක්ෂිත මඩ තට්ටු ඉවත් කිරීමෙන් පසුව දැන් මහජනතාවට දක බලා ගැනීම පිණිසත්, පර්යේෂකයන්ට ඒ පිළිබඳ තොරතුරු හැදෑරීමටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වසර තිස් අටකට පසුව අවස්ථාව සලසා දී තිබේ.
එමෙන්ම මෙම සෙල් ලිපියේ ආරක්ෂාව පිණිස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද දවසේ පැය විසි හතර පුරාම සේවයේ යොදවා සිටිති. යුද සමයේදී මෙම ප්‍රදේශයට යෑමට නොහැකි වූ අතර කාලතුවක්කු උණ්ඩ වැටී සෙල්ලිපියට හානි සිදු වීම වළක්වා ගැනීම පිණිස එම සෙල් ලිපිය විශාල මැටි තට්ටුවකින් වසා ආරක්ෂා කොට තිබුණි. මේ වන විට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව එම මඩ තට්ටුව ඉවත් කොට සෙල් ලිපිය පිරිසිදු කොට මහජනතාවට දක බලා ගැනීමට අවස්ථාව උදා කොට තිබේ.
වවුනියාවේ සිට හොරොව්පතාන මාර්ගයේ සැතපුම් 6 ක් දුර ගිය විට හමුවන මෙම ඓතිහාසික තෝනිගල සෙල්ලිපිය ලෝකයේ මෙතෙක් සොයා ගෙන ඇති සෙල් ලිපි අතරින් ආර්ථික හා බැංකු ක්‍රමයක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කෙරෙන එකම සෙල් ලිපිය බව පුරා විද්‍යාඥයෝ පෙන්වා දී තිබේ. මෙම ලිපිය පිළිබඳ පළමුවෙන් 1886 දී හෙන්රි පාකර් මහතා විස්තර වාර්තා කොට ඇති බවත්, පසුව 1892 දී එවකට ශිලා ලේඛන භාර සහකාර පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ඩී. එම්. ද ඉසෙඩ්. වික්‍රමසිංහ මහතා මෙහි තිබූ ලිපි පිටපත් කර එම වර්ෂයේම පාලන වාර්තාවේ ශිලා ලිපි ලැයිස්තුවේ වාර්තා කර ඇති බවත් සඳහන් වෙයි. එච්. සී. පී. බෙල් මහතාගේ අධීක්ෂණයෙන් යුතුව මෙම ලිපියේ නේත්‍ර පිටපතක් සකස් කළ බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙල් ලිපිය අක්ෂර පේළි 17 කින් යුක්ත වන අතර මෙහි මුල් අක්ෂර පේළි හතර අඩි 9 ක් දිගින් ද පහේ සිට දහසය දක්වා ඇති පේළි අඩි 8 ක් හා අවසාන පේළිය අඩි 2 ක් දිගින් ද යුක්ත යි. වර්ග අඩි 10 ක පමණ ප්‍රදේශයේ පැතිරුණු ලිපියෙහි එක් අක්ෂරයක සාමාන්‍ය උස අඟල් 3 ක් වෙයි. වර්ෂ 1933 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙහි ස්පර්ශ ලාංඡන පිටපතක් ගෙන මෙය කියවා පළ කොට තිබේ.
- දිනසේන රතුගමගේ
දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
