
බදුල්ලේ හදවත් රෝගීන් බේරාගැනීමට කටයුතු කරන වෛද්‍යවරයාට චෝදනාපත්‍රයක්... පිටුපස ඇත්තේ කොමිස් සහ ජාවාරම්කරුවන්ගේ උවමනාවක් ද? තක්කඩි දේශපාලන උවමනාවක් ද?
බදුල්ල රෝහලේ පැවැති ඖෂධ සහ උපකරණ හිඟය මත රෝගීන් මුහුණ දී සිටි අසරණ තත්ත්වය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය හමුවේ දැනුවත් කර පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර විනය පරීක්ෂණයකට කැඳවා ඇතැයි රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.
මේ සම්බණධයෙන් කරුණු විමසීමේදී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ජාතික පුවත්පතකට මෙසේ පවසා තිබිණි.
"මම රෝහලේ වෛද්‍ය සංගමයේ සභාපතිවරයා වන අතරම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් ලෙස කටයුතු කරනවා. ඌව පළාතේ ප්‍රධාන රෝහලේ පැවැති ඖෂධ සහ උපකරණ හිඟය නිසා බාහිර ප්‍රතිකාර ඒකකයේ සහ සායනික රෝගීන් විශාල පිරිසක් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවට පත්වී සිටියා.
මේ සම්බන්ධව මාධ්‍යවේදීන් පිරිසක් පැමිණ කළ ප්‍රශ්න කිරීම් හමුවේ පැවැති තත්ත්වය ගැන 2022.09.15 දින මාධ්‍ය සාකච්ජාවක් (press Conference) සිදු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස රෝහලට අවශ්‍ය ද්‍රව්‍ය ලැබුණා. එය අසරණ දුප්පත් රෝගීන් සුවිශාල පිරිසකට ලොකුම අස්වැසිල්ලක් වුණා
මට එවා ඇති චෝදනා පත්‍රයට (charge sheet) එකට පිළිතුරු යවා තිබෙනවා. විනය පරීක්ෂණයටත් මුහුණ දෙනවා. බය ගන්වා කට වහන්න නම් බැහැ. මේක කාගේ හරි උසිගැන්වීමකට කළ දෙයක් ලෙසයි අදහස් කරන්නේ. විශේෂයෙන්ම හෘද රෝගීන් වෙනුවෙන් හෘද කැතීටකරණ යන්ත්‍රයක් (Angiogram Machine) එකක් ලබාගැනීමට මූලිකව කටයුතු කිරීම යටපත් සිද්ධියක් ඉස්මතුවීමට හේතුවී ඇතැයි විස්වාස කරනවා."
මෙම වෛද්‍යවරයා ඌව පළාතේ රෝගීන්ගේ හිත සුව පිණිස කෝටි ගාණනක් වටිනා එන්ජියෝ ග්‍රෑම් මැෂින් එකක් බදුල්ල ශික්‍ෂණ රෝහලට ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය මත ගිණුමක් ආරම්භ කර ඇති බව ද වාර්තා වන අතර, දැනට කෝටියකට වැඩිය මුදලක් ඒ වෙනුවෙන් එකතුකර ඇති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ශ්ව පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් වෘත්තීය සම්තියක නිලධාරියෙකුට විනය පරීක්ෂණයක් කළ නොහැකි බවත් ඇති වී තිබෙන තත්ත්වය අසාමාන්‍ය එකක් බවත් ය.
එමෙන්ම රජයේ අරමුදල් වලින් තොරව මෙම කටයුත්ත කිරීම නිසා විවිධ පුද්ගලයින් කලබල වී චෝදනා කිරීම හේතුවිය හැකි බවත් ඔවුහු පෙන්වා දෙති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
