තායිලන්තය සමඟ එක්සත් ජනපදය ඇති කරගෙන ඇති ආරක්ෂක සහයෝගීතාවය මෙන්න
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් මහතා ඉදිරියේ ඉකුත් 03 වැනිදා සිදුවූ අතර තායිලන්තය අග්නිදිග ආසියාවේ ප්‍රධාන භූමියේ එක්සත් ජනපදයට සිටින එකම ගිවිසුම් සහකරු වශයෙන් ද හඳුනාගත හැකි පසුබිම තුළ තායිලන්තය හා එක්සත් ජනපදය අතර ඇති සහයෝගීතාව සොයාබැලීම කාලීන අවශ්‍යතාවයකි.
තායිලන්තය සමඟ එක්සත් ජනපදය ඇති කරගෙන ඇති ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳව දැක්වෙන සවිස්තරාත්මක ලිපිය පහළින්...
තායිලන්තය සමඟ එක්සත් ජනපදය ඇති කරගෙන ඇති ආරක්ෂක සහයෝගීතාවය
තායිලන්ත රාජධානිය අග්නිදිග ආසියාවේ ප්‍රධාන භූමියේ එක්සත් ජනපදයට සිටින එකම ගිවිසුම් සහකරු වනේය.
තායිලන්තය 1954 සිට අමෙරිකා එක්සත් ජනපදයේ ගිවිසුම් මිත්‍රයෙකු වන අතර 2003 සිට නේටෝ සංවිධානයේ නොවන අමෙරිකානු සහචරයන්ගේ ප්‍රධාන සහචරයාය. රාජකීය තායි සන්නද්ධ හමුදාවන් සැලකිය යුතු ලෙස අවි ආයුධ මිල දී ගැනීම් මගින් එක්සත් ජනපද හමුදා සමඟ ඔවුන්ගේ අන්තර් ක්‍රියාකාරීත්වය ශක්තිමත් කර ගෙන ඇත. අමෙරිකාවේ සක්‍රීය විදේශ හමුදා විකුණුම් (FMS) සඳහා තායිලන්තය ඩොලර් බිලියන 3 කට වඩා දයකත්වය ලබා දී තිබේ.එක්සත් ජනපදයේ සක්‍රීය විදේශ හමුදා විකුණුම් සම්බන්ධයෙන් කොංග්‍රසය දැනුවත් කළ ලැයිස්තුවෙහි තායිලන්තයට විකුණන ලද යුද අවි වලට ස්ට්‍රයිකර් නම් පාබල වාහන ප්‍රවාහනය කරන වාහන,බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යානා, නවීනතම මිසයිල ඇතුලු නවීනතම ඇමෙරිකානු නිෂ්පාදන යුද අවි අයත් වේ.
මුල්‍ය වර්ෂ 2019 සිට මුල්‍ය වර්ෂ 2021 දක්වා, එක්සත් ජනපදය සෘජු වාණිජ විකුණුම් (TCS) හරහා තායිලන්තයට ඩොලර් 605,899,499 ට වැඩි ආරක්ෂක භාණ්ඩ අපනයනය කිරීමට ද අවසර දී ඇත. තායිලන්තය එක්සත් ජනපදයේ සෘජු වාණිජ විකුණුම් හරහා මිළදී ගත් ගිණි අවි අතර, ලේසර් සහ මාර්ගෝපදේශක උපකරණ (ඩොලර් මිලියන 12.74) ආදිය අඩංගු වේ.
එක්සත් ජනපද-තායි ආරක්ෂක සබඳතාව ආරක්ෂක උපකරණ සහ සේවා හුවමාරු කිරීම්වලින් ඔබ්බට විහිදෙන අතර, වෘත්තීය හමුදා අධ්‍යාපනය, හමුදා අභ්‍යාස සහ නිතිපතා හමුදා නියැලීම් හරහා දෙරටෙහි ජනයා අතර බැඳීම් ඇති කිරීමට විශේෂයෙන් සහාය වේ. තායි හමුදාව එක්සත් ජනපද හමුදා අධ්‍යාපනය ඉතා ඉහළින් අගය කරන අතර, 2022 දී එක්සත් ජනපදයේ අනුග්‍රහය දක්වන පුහුණු සහ අධ්‍යාපන පාඨමාලා 244කට තයිලන්ත හමුදා නිළධාරින් යවා ඇත. අනෙක් අතට එක්සත් ජනපදයේ දායකත්වය වෙනුවෙන් එක්සත් ජනපදය ද හමුදා නිලධාරීන් තායිලන්තයේ මධ්‍යම මට්ටමේ වෘත්තීය හමුදා කාර්ය මණ්ඩල විද්‍යාල වෙත යවනු ලබයි. තායිලන්තය සහ එක්සත් ජනපදය සම සත්කාරකත්වය දරණ කළාපයේ විශාලතම සහ දීර්ඝතම බහුජාතික අභ්‍යාසය වන Cobra Gold අභ්‍යාසය කෝවිඩ් වසංගතය අතරතුර සැලකිය යුතු ලෙස පහත වැටී තිබුණි. කෙසේ වුවද 2023 දී පූර්ණ පරිමාණ Cobra Gold අභ්‍යාසයක් ඇතුළුව ශක්තිමත් ක්‍රියාකාරකම් වෙත නැවත පැමිණීමට අමෙරිකා එක්සත් ජනපදය අපේක්ෂා කර ඇත.
තායිලන්තයට 2021 මුල්‍ය වර්ෂයෙහි භාවිතය සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර හමුදා අධ්‍යාපනය සහ පුහුණු (IMET) අරමුදල් වලින් ඩොලර් මිලියන 2.68 ක් සහ 2022 මුල්‍ය වර්ෂය සඳහා ඩොලර් මිලියන 2.2ක් ලැබුණි. අමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර හමුදා අධ්‍යාපනය සහ පුහුණු අරමුදල විසින් හමුදා සිසුන්ගේ වෘත්තීය තත්වය වැඩි කිරීමට, ප්‍රධාන ක්ෂේත්‍රවල ධාරිතාව ගොඩනැගීමට, ඒකාබද්ධ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට වෘත්තීය හමුදා අධ්‍යාපනය සහ පුහුණුව ලබා දෙනු ලබන අතර එමගින් එක්සත් ජනපදය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ඇති කර ගැනීම සහ කල්පවත්නා දෙරට අතර හමුදා සබඳතා වර්ධනය කිරීම අපේක්ෂා කරයි. රාජකීය තායි සන්නද්ධ හමුදාවන්හි අනාගත නායකයින් සමඟ සබඳතා ඇති කර ගැනීම සඳහා මෙමගින් ලැබෙන උපකාරය ප්‍රධාන වේ. අග්නිදිග ආසියා සමුද්‍රීය ආරක්ෂක මුලපිරීම (SAMSI) සහ සමුද්‍රීය ආරක්ෂාව සහ අනෙකුත් ව්‍යාපෘති සඳහා උසස් ඉලක්කගත සංවර්ධන මුලපිරීම (ATDI) හරහා 2021 මුල්‍ය වර්ෂයේදී එකසත් ජනපදයේ විදේශ හමුදා මූල්‍යකරණය (FMF) මගින් තායිලන්තයට ඩොලර් මිලියන 14ක් ද ලැබිණි. 2022 මුල්‍ය වර්ෂයේදී, එක්සත් ජනපදය තායිලන්තයට මානුෂීය ආධාර සහ ආපදා සහන ප්‍රයත්නයන්, සමුද්‍රීය වසම් දැනුවත් කිරීම, තාක්ෂණික සහ වෘත්තීය පුහුණුව සඳහා එකසත් ජනපදයේ විදේශ හමුදා මූල්‍යකරණය මගින් ඩොලර් මිලියන 25ක් ලබා දුන්නේය.
තායිලන්තය 1958 සිට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා සැලකිය යුතු හමුදා දායකත්වයක් සපයන රටකි. 2022 ජුනි 30 වන විට තායිලන්තයට 301 දෙනෙකුගෙන් යුත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සම්පූර්ණ දායකත්වයක් තිබුණි. මෙම පිරිස් දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ දූත මෙහෙවරට (UNMISS), සෝමාලියාවේ එක්සත් ජාතීන්ගේ සහය මෙහෙයුමට (UNSOM) සහ ඉන්දියාවේ සහ පාකිස්තානයේ එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්ෂක කණ්ඩායමට (UNMOGIP) සහාය වී තිබේ. 2021 දී, Global Peace Operations Initiative අරමුදල් මගින් තායිලන්තයේ සාම සාධක ඒකකවලට සහාය වීම සඳහා පුහුණු මධ්‍යස්ථානයේ භාවිතය සඳහා යෙදවිය හැකි උපකරණ ලබා දෙන ලදී. මෙම පුහුණු මධ්‍යස්ථානයේදී, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල හමුදා නිරීක්ෂකයින්, හමුදා සම්බන්ධීකරණ නිලධාරීන් සහ හමුදා උපදේශකයන් ලෙස සේවය කිරීම සඳහා හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් "Military Expert on Mission (UNMEOM)" නම් පාඨමාලාවක් ක්‍රියාත්මක කරයි. මීට අමතරව, 2022 වර්ෂයේදි ඉන්දුනීසියාව සමඟ සම සත්කාරකත්වය දරන වාර්ෂික බහුජාතික සාම සාධක අභ්‍යාසයට සහභාගී වීමට තායිලන්තය කණ්ඩායමක් යවා ඇත.
මීට අමතරව එක්සත් ජනපදය සහ තායිලන්තය අතර ආරක්ෂක සම්බන්ධ ගිවිසුම් ගණනාවක් ඇත. ඒවා නම් 1950 මිලිටරි සහායට ගරු කරන ගිවිසුම, 1951 අන්‍යෝන්‍ය ආරක්ෂක පනත, 1961 විදේශ ආධාර පනත යටතේ ලැබෙන ප්‍රදාන සම්බන්ධ ගිවිසුම, මිලිටරි තොරතුරු පිළිබඳ සාමාන්‍ය ආරක්ෂණ ගිවිසුම (GSOMIA ) 1983, සන්නිවේදන අන්තර් ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂක ගිවිසුම් පත්‍රිකාව (CISMOA), සහ 2014 අත්පත් කර ගැනීමේ සහ හරස් සේවා ගිවිසුම් (ACSA) යන ගිවිසුම්ය. කෝවිඩ් වසංගතයට පෙර එක්සත් ජනපදය වාර්ෂිකව තායිලන්තය සමඟ මිලිටරි කටයුතු සහ අභ්‍යාස 400 කට අධික සංඛ්‍යාවක් පැවැත්වීය. විශේෂත්වය වන්නේ රාජකීය තායි රජය විසින් මෙම සියලු දේ අනුමත කර තිබීමය.
බිම් බෝම්බ සහ පොකුරු බෝම්බ නිරීක්ෂකයාට අනුව, තායිලන්ත රාජධානිය බුරුමය, කාම්බෝජය, ලාඕසය සහ මැලේසියාව සමඟ සිය දේශසීමාවේ ඇති වූ අතීත ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස බිම් බෝම්බ හා පුපුරා නොගිය බෝම්බ හේතුවෙන් පීඩාවට පත්ව ඇත. 1993 සිට, තායිලන්ත රාජධානියට මානුෂීය බිම්බෝම්බ ක්‍රියාවන්ට සහ සාම්ප්‍රදායික ආයුධ විනාශ කිරීමට සහාය වීම සඳහා එක්සත් ජනපද ආධාර වශයෙන් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 21.1 ක් ලැබී ඇත. 2021 දී,අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන, තායිලන්ත බිම් බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානය (TMAC) සමඟ එක්ව පුද්ගල නාශක සහ යුද ටැංකි නාශක බිම් බෝම්බ ඉවත් කළ හැකි උපකරණ සම්බන්ධයෙන් අඛණ්ඩව ඇගයීමට ලක් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?