
බැඩ්මින්ටන් ජාතික ශූරයා ගෙදර තියා අනුශූරයා ආසියානු ක්‍රීඩා උළෙලට යවලා
බැඩ්මින්ටන් ජාතික ශූරයා ශ්‍රී ලංකාවේ සිටියදී 2023 ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා අනුශූරයා ඊට සහභාගි කරවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලයට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත අද (07) දිනයේ කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
2023 වසරේ චීනයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 97 දෙනෙකු සහභාගි වූ අතර ඊට එක් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ඇතුළත්වී තිබුණි.
ඒ අඛණ්ඩව වසර 3ක් බැඩ්මින්ටන් ජාතික ශූරයා වූ බුවනෙක ගුණතිලක වෙනුවට අනුශූරයා වූ විරේන් නෙත්තසිංහය.
පසුව සිය පුත්‍රයාට වූ අසාධාරණය සම්බන්ධයෙන් බුවනක ගුණතිලක ක්‍රීඩකයාගේ මව වන ප්‍රීති දිස්නා රංජනී ඉලේපෙරුම මහත්මිය ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් සිදු කළ අතර ඒ අනුව එම ඒකකය විමර්ශන ආරම්භ කළේය.
පසුව එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එම ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජයනාත් වනසිංහ මහතා විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර තිබුණි.
එහි දැක්වුණේ, 2021, 2022 හා 2023 වසරවල බැඩ්මින්ටන් ජාතික ශූරතාව බුවනෙක ගුණතිලක නමැති ක්‍රීඩකයා දිනාගත් බවත්, 2023 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී කරවා ඇත්තේ, අනුශූරයා වූ විරේන් නෙත්තසිංහ බවය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය මෙතෙක් සහාය නොදක්වා ඇති බැවින් ඔවුන්ට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයේ පෙනී සිටින ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි එම ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක විදානගේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව පැමිණිල්ලේ ඉල්ලීමට අවසර දුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලයේ නියෝජිතයන්ට අද පෙරවරු 9.00ට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිට විමර්ශන සඳහා සහාය දක්වන ලෙසට නියෝග කර තිබේ.
(තොරතුරු - අද දෙරණ)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
