
මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ප්‍රමාණය ලක්ෂය පනී
මෙරට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු 5ට අඩු දරුවන් 15758 දෙනකු සහ මධ්‍යස්ථ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 120230 දෙනකු හඳුනාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් 2023 වසරේ පෝෂණ මාසයේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
මෙම සමීක්ෂණයට අනුව වයස අවුරුදු 05ට වඩා අඩු දරුවන් අතර අඩුබර දරුවන්ගේ සංඛ්‍යාව 232004කි. එමෙන්ම වයස අවුරුදු 05ට වඩා අඩුදරුවන් අතර වයසට සරිලන උස නොමැති දරුවන්ගේ සංඛ්‍යාව 140414ක් බවද මෙම වාර්තාවේ සඳහන් වේ. අධික ස්ථුලතාවෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව 5850කි. මෙම වාර්තාවට අනුව උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 1439 දෙනකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන දරුවන් සංඛ්‍යාව 1432කි.
2022 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 18420 ක් වාර්තා වී තිබූ අතර ඒ අනුව 2023 වර්ෂයේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව සියයට 12 දක්වා අඩු වී ඇත. 2022 වසරට සාපේක්ෂව 2023 වර්ෂයේ අවුරුදු 05ට අඩු දරුවන් අතර වර්ධනය අඩාල වීම, අඩුබර, මිටි බව ප්‍රතිශතවල වැඩිවීමක් පෙන්නුම් කරන බවද මෙකී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
