ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උල්ලංඝනය කරමින් ඔන්ලයින් පනත සම්මත කළ බවට එල්ල වන චෝදනා ගැන කතානායකගෙන් පිළිතුරු
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උල්ලංඝනය කරමින් ආන්දෝලනාත්මක මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති බවත්, ඊට කථානායකවරයාගේ අනුග්‍රහය ලැබුණු බවටත් වන චෝදනාවලට පිළිතුරු දෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත්කර තිබේ.
මේ සම්බන්ධයෙන් කථානායකවරයාගේ කාර්යාලය නිකුත්කළ නිවේදනය පහතින්...
“මෙම ප්‍රකාශය නිකුත් කරනු ලබන්නේ, මහජනතාවගේ සුබසිද්ධිය සඳහා වන අතර, එමගින් 2024 අංක 9 දරන ඔන්ලයින් ආරක්ෂක පනත සම්බන්ධයෙන් මහජනතාවගේ දැනගැනීම සඳහා, රැවටීම වැළැක්වීම සඳහා, නීතිගත කිරීමේ ක්‍රියාවලිය මුල සිටම පැහැදිලි කර ඇත.
පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය අභියෝගයට ලක්කිරීමට අවස්ථාව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඒවා සලකාබැලීමෙන් අනතුරුව සති තුනක් ඇතුළත අදාළ තීරණය කථානායකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබේ. අනතුරුව කථානායකවරයා විසින් අදාළ තීරණය එළඹෙන පාර්ලිමේන්තු රැස්වීමේ පළමු දිනයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ යුතු අතර, එම සම්පූර්ණ තීරණය එදිනම හැන්සාඩ් වාර්තාවේ ප්‍රකාශයට පත්කරන ලෙස වැඩිදුරටත් නියෝග කළ යුතුය.
ඉහත ක්‍රියාවලියෙන් පසුව, 2023 ඔක්තෝබර් 03 වැනි දින ඔන්ලයින් ආරක්‍ෂාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කථානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය 2023 නොවැම්බර් 07 වැනි දින පාර්ලිමේන්තුවට කියවා එය එදින හැන්සාඩ් වාර්තාවේ ප්‍රකාශයට පත්කරන ලෙස නියෝග කළේය. ඊට පසු, එය ඕනෑම උනන්දුවක් දක්වන පාර්ශ්වයකට ප්රවේශ විය හැකි පොදු ලේඛනයක් බවට පත්විය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයට අනුව, අදාළ අමාත්‍යාංශය (මෙම නඩුවේදී, මහජන ආරක්ෂක අමාත්‍යාංශය) නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව යෝජිත සංශෝධන ඇතුළත් කරයි. මෙම සංශෝධන ඇතුළත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන පරිදි පනත් කෙටුම්පත ඉදිරිපත් කළ පාර්ශ්වය විසින් සිදුකරනු ලැබේ. සංශෝධන ත්‍රෛභාෂාවෙන් මුද්‍රණය කර සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට භාෂා තුනෙන්ම බෙදා හැරේ. ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ද මෙම ක්‍රියාවලියම අනුගමනය කළ අතර, 2024 ජනවාරි 23 වැනි දින පෙරවරුවේ මෙම සංශෝධන පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් වෙත භාෂා තුනෙන්ම බෙදාදෙන ලදී.
ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත දින දෙකක් විවාදයට ගත් අතර, කාරක සභා අවස්ථාව 2024 ජනවාරි 24 වැනි දින, ප.ව. 5.00ට ආරම්භ විය. මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යාංශය විසින් ලබාදුන් සංශෝධන ලැයිස්තුවට අනුව වගන්තියෙන් වගන්ති සම්මත කර ගැනීමට කථානායකවරයා විසින් එක් එක් සංශෝධන සභාවට ඉදිරිපත් කළේය. එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ රාජ්‍ය නිලධාරීන් සඳහා වෙන් කර තිබූ ස්ථානයේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කථානායකවරයාට දැනුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයට අනුව අනිවාර්ය සංශෝධන සියල්ල ඊට ඇතුළත් කර ඇති බවයි. කාරක සභා අවස්ථාවේ සංශෝධන සම්බන්ධයෙන් ගරු. එම්.ඒ.සුමන්තිරන් යම් යම් ගැටළු මතුකළ අතර, ගරු මන්ත්‍රීවරයාට මේ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරන ලෙස කථානායකවරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේය.
එකී සංශෝධන ඉදිරිපත් කර කාරක සභා අවස්ථාවේදී සලකා බැලීමෙන් පසුව, එසේ ඉදිරිපත් කරන ලද ඕනෑම පනතක් සඳහා වන ක්‍රියාවලිය මෙන්ම, තුන්වැනි වර කියවීමෙන් පසු ඔන්ලයින් ආරක්‍ෂාව පිළිබඳ පනත් කෙටුම්පත නිසි පරිදි පාර්ලිමේන්තුවේදී සම්මත විය. එම අවස්ථාවේදී නීතිපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව මෙම සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට සහතිකයක් නිකුත් කළේය.
මෙම සමස්ත ක්‍රියාවලියේදී, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඕනෑම පාර්ශ්වයක් විසින් යෝජනා කරනු ලබන සංශෝධන/ය සහ/හෝ නිර්දේශ/යෝජනා කිරීමට, පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට කථානායකවරයාට භූමිකාවක් හෝ බලයක් නොමැත. පනත් කෙටුම්පතක් නිසි ලෙස සම්මත වූ පසු එම සහතිකය අනුමත කිරීමට කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 සහ 80 වගන්තිවලින් බැඳී සිටී. ඒ අනුව, කථානායකවරයා විසින් 2024 පෙබරවාරි 02 වන දින ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ සහතිකය අනුමත කරන ලදී.
මේ අනුව, නීතිපති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරන ලද පරිදි, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද බව කථානායක කාර්යාලය පවසයි. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව එක්ව සිදුවන බැවින් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයකට එකඟ නොවන ආකාරයට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කිරීමට අවස්ථාවක් නැත.
මෙම ක්‍රියාවලිය වඩාත් හොඳින් දැනගත යුතු පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් වෙනත් ආකාරයකින් කරුණු ප්‍රකාශ කිරීම කණගාටුවට කරුණක් වන අතර, කථානායකවරයාට තම අභිමතය පරිදි නීති පැනවීමට සහ පනත් කෙටුම්පත් සංශෝධන කළ හැකි බවට අවධාරණය කිරීම ඔවුන්ගේම නීතිමය හා ව්‍යවස්ථාපිත දැනුමට කරන නිග්‍රහයකි.
ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පැමිණ සියලුම ලියකියවිලි සහ මාර්ගගත ආරක්ෂණ පනත සම්මත කිරීමේ ක්‍රියාදාමයන් පරීක්ෂා කර බැලීමට හැකියාව ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ යමක් විනිශ්චය කරනු ලබන්නේ සමස්ථයට අනුව මිස වෙනත් ආකාරයකට නොවන බැවින්, පාර්ලිමේන්තුව අපකීර්තියට පත්කිරීම හෝ එහි විශ්වාසනීයත්වය හෑල්ලූවට ලක්කිරීම යහපත් දෙයක් නොවන බව කථානායක කාර්යාලය සියලූ මන්ත්‍රීවරුන්ට නැවත මතක් කරදීමට කැමැත්තෙන් සිටී.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?