News Category
From Date
To Date
Maximum Number of Result

2050 දී පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව අදට වඩා 77% කින් ඉහළ යනවා - ලෝක සෞඛ්‍ය සංවිධානය


2050 වසර වන විට ගෝලීය පිළිකා රෝගීන් මිලියන 35 දක්වා ඉහළ යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පිළිකා රෝග ඒජන්සිය පුරෝකථනය කර ඇත. සෞඛ්‍ය විශේෂඥයන්ට අනුව මෙම අගය 2022 දී වාර්තා වූ අගයට වඩා 77% ක වැඩිවීමකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ International Agency for Research on Cancer (IARC) ආයතනය විසින් පසුගිය 01 වනදා  ප්‍රකාශයට පත් කරන ලද අනාවැකියට අනුව  දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය මෙන්ම තරබාරුකම සහ ආශ්වාස වාතයේ ඇති දුර්වල ගුණාත්මක භාවය 2050 වන විට රෝගීන්ගේ අපේක්ෂිත වැඩිවීමට බලපාන මූලික සාධක ලෙස සඳහන් කරයි.

“2050 දී නව පිළිකා රෝගීන් සංඛ්‍යාව මිලියන 35 කට වඩා වැඩිවනු ඇතැයි පුරෝකථනය කර ඇත.” යනුවෙන් (IARC) සිය වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම සංඛ්‍යාව 2022 දී හඳුනාගත් පිළිකා රෝගීන් මිලියන 20 ට වඩා 77% වැඩිවීමක් බවද පවසයි.

රටවල් 185 ක සහ විවිධ වර්ගයේ පිළිකා වර්ග 36 ක දත්ත මත පදනම් වූ IARCහි ද්විවාර්ෂික වාර්තාව, 2022 දී ගෝලීය වශයෙන් විවිධ පිළිකා හේතුවෙන් මිලියන 9.7 ක් පමණ මිය ගොස් ඇති බව ද පවසයි. පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට ඔවුන්ගේ ජීවිත කාලය තුළ පිළිකා ඇතිවීම අපේක්ෂා කළ හැකි බව පවසන වාර්තාව  කාන්තාවන් 12 දෙනෙකුගෙන් එක් අයෙකුද පිරිමින් නව දෙනෙකුගෙන් එක් අයෙකුද පිළිකා රෝගයෙන් මිය යන බවද අනාවරණය කරයි.

"සීඝ්‍රයෙන් වර්ධනය වන ගෝලීය පිළිකා රෝගීන් ප්‍රමානය ජනගහනය වයස්ගත වීම සහ ජනගහනය වර්ධනය වීම යන කාරනා දෙකම පිළිබිඹු කරනු ලබයි. එලෙසම සෞඛ්‍ය තත්වයට බලපාන අවදානම් සාධකවලට මිනිසුන් නිරාවරණය වීම පෙන්නුම් කරන අතර එම සාධක වලින් කිහිපයක් සමාජ ආර්ථික කාරනා සමඟ බැඳී පවතී." IARC සිය සොයාගැනීම් සම්බන්ධයෙන් සටහනක් තබමින් පවසයි.

(IARC) දත්ත වලට අනුව පීඩාවට පත් පුද්ගලයින් ජීවත් වන ස්ථානය අනුව රෝග විනිශ්චය බෙහෙවින් වෙනස් විය හැකි බව පෙන්වා දෙයි. “අපි දකින ලොකුම අභියෝගයක් නම්, පිළිකා රෝගයෙහි සමානුපාතික වැඩිවීම අඩු ආදායම් ලබන, අඩු මානව සංවර්ධනයක් ඇති රටවල වඩාත්ම කැපී පෙනෙන ලෙස ඉහළ යාමයි.” IARC ආයතනයේ ප්‍රකාශකයෙකු වන  ෆ්‍රෙඩී බ්‍රේ පසුගිය 1වනදා අල් ජසීරා පුවත් සේවයට පැවසීය.

" 2050 වන විට එවැනි රටවල දෙගුණයකටත් වඩා වැඩි ප්‍රක්ෂේපිත වැඩිවීමක් දැකීමට නියමිතයි." යනුවෙන් පැවසූ බ්‍රේ  මෙම රටවල් බොහොමයක් "දැනට පිළිකා ගැටලුව සමඟ සැබවින්ම කටයුතු කිරීමට සුදුසු තරම් උපකරණ නොමැති තත්වයක පසුවන " බවද පෙන්වා දුන්නේය.

පෙනහළු පිළිකා පිරිමින් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා රෝගය වන අතර  පියයුරු පිළිකා කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙකුට වැළඳී ඇති බවද පෙන්වා දුන්නේය. දුම්කොළ, මධ්‍යසාර සහ තරබාරුකම වැනි සාධක මගින් පිළිකා රෝගය  වැඩිවීමට බලපෑමක් ඇතිකරන බව පෙන්වා දුන් ඔහු ලෝක ජනයා අතර තුන්වන වඩාත් සුලභ පිළිකා වර්ගය සහ දෙවන විශාලතම ඝාතකයා වන මහා බඩවැලේ පිළිකාව සුලබ වීමට ලෝක ජනයාගේ ජීවන රටාව වෙනස්වීම හේතු සාධක වී ඇති බවද IARC පවසයි.

විවිධ වර්ගයේ පිළිකා වර්ග 100 කට වඩා මේ වන විට හඳුනාගෙන ඇති අතර ලෝක ජනයා අතර වඩාත් සුලභම පිළිකා වර්ග පහ සමස්ථ පිළිකා මරණ සංඛ්‍යාවෙන් 50% ක් පමණ සිදු කරණු ලබයි.

https://www.rt.com/news/591844-who-cancer-cases-rise/

සම්බන්ධිත පුවත් | Related News

ඊයේ (24) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර් ජාතික දෙපාර්තමේන්තුවේ උප ඇමතිනී සහ චීන තානාපතිවරයා ඇතුලු චීන රජයේ නියෝජිතයන් පිරිසක් ජවිපෙ නායකයන් හමුවී තිබේ.
10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එම සිදුවීම සම්බන්ධව සමාව අයැද තිබේ.
වෙහෙර විහාරවල දාගැබේ විහාර සඳහා මිනිසුන් පූජා කරන දේවල් ධාතු ගර්භ හා වෙහෙර විහාරවල තිබෙන්නට හෝ නොතිබෙන්නට හැකි බවත් භූ විද්‍යාව සම්බන්ධව වසර 40 ගණනක පලපුරුද්ද අනුව අඩි 40 ක් 50 යට ගල් හාරා නිදන් තැන්පත් කර ගල් උනු කර දැමීමක් හෝ ගල් ඇලවීමේ තාක්ෂණයක් එදත් අදත් නැති බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබද සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහතා අද(25) දින වැඩ භාරගන්නා ලදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ V8 රථය නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (25) නියෝග කළාය.
1971 වර්ෂයේදී විශේෂ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන ලද රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර එහි සේවකයන් සඳහා ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම අමෙරිකානු ව්‍යාපාරිකයකු සහ ලොව අංක එකේ ධනවතා වන එලොන් මස්ක් මෙතෙක් ලොව සිටි ධනවත්ම පුද්ගලයා ලෙස සුප්‍රකට ෆෝබ්ස් සඟරාව මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
අන්තර්ජාතික අපරාධ අධිකරණය මගින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතනියාහු හා හිටපු ආරක්ෂක ඇමති ඉයොන් ගැලන්ට්ට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය

1971 වර්ෂයේදී විශේෂ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන ලද රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර එහි සේවකයන් සඳහා ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.

එක්සත් ජනපද ජාතික ණය තත්වය මගින් පිළිබිඹු කරන්නේ ආණ්ඩුවව විසින් එහි මෙහෙයුම් සහ වගකීම් සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් පියවා ගැනීම සඳහා ණය මත යැපෙන බවයි. කෙසේ වුවද ණය මට්ටමේ තිරසාරභාවය, අනාගත ආර්ථික වර්ධනය කෙරෙහි එහි බලපෑම සහ බදු ගෙවන්නන් මත ඇති විය හැකි බර පිළිබඳ කනස්සල්ල, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආර්ථික විද්‍යාඥයින් අතර සැලකිය යුතු විවාදයකට තුඩු දෙනු ලබන්නේය.

කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර

කියුබානු විප්ලවයේ ඓතිහාසික නායකයා වූ ෆිදෙල් කැස්ත්‍රෝගේ අභාවයෙන් පසු අටවැනි සංවත්සරය වෙනුවෙන් කියුබාවේ මිතුරන් සහ කැරිබියන් ජාතික රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අද ඔහුට උපහාර දැක්වීය.

කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).

ඊයේ(23) නේටෝ විරෝධී සහ පලස්තීන හිතවාදී විරෝධතාකරුවෝ මොන්ට්‍රියල් නගරයේ වීදිවලට පැමිණ සටන් පාඨ කියමින් මෝටර් රථවලට ගිනි තබා කඩ සාප්පු ඉදිරිපස විනාශ කර සිටියදී පොලිසිය එම ක්‍රියාවන් වැලැක්වීමට ගත් උත්සාහයේදී අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.කැනඩාවේ Francophone නගරයේදී මේ මස 23 සහ 24 යන දිනයන්හිදී ණැඨ්O හි වාර්ෂික සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිකුරාදා පැවසුවේ, තමාගේ අනුප්‍රාප්තිකයා වන අනුර කුමාර දිසානායක පසුගිය වසරේ ඉන්දියාව සමඟ අත්සන් කළ එකඟතා ලියවිල්ල දැන් ක්‍රියාත්මක කළයුතු බවයි.

මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)

2024 මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී තිබුන ද ගොවීන්ට සහනාධාර ලෙස රු. 15000ක මුදලක් පසුගිය රජය විසින් ලබාදෙන බව ප්‍රකාශ කර තිබුනද, එම මුදල රු. 25000 දක්වා වර්තමාන රජය ඉහළ දමා ලබාදෙන බව පැවසුවද, මේ වන තෙක් එම 25000ක මුදල කෙසේවුවද 15000ක මුදල පවා ගොවීන්ට නොලැබී ඇති බව ගොවීහු චෝදනා කරති.

උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)

උතුර සහ නැගෙනහිර වෙනම රටක් බවත්, තමන්ට අවශ්‍ය දේ කීමට ඉඩ නොදෙන බවත් එසේ පැවසුවහොත් තමාට වෙඩිතබන බවත් යාපනය දිස්ත්‍රික්යෙන් පත්වූ ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර

සියලු ආකාරයේ ජාතිවාදයන්ට සහ ආගමික අන්තවාදයන්ට හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(21) සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් සිදුකළ 'අවධාරණය' බෙහෙවින් අගය කරන බවත් එසේම සියලු ආකාරයේ ජාතිවාදයන්ගේත් ආගමික අන්තවාදයන්ගේත් විසකුරු ප්‍රකාශනය වන බෙදුම්වාදයට ද කිසිදු ඉඩක් නොතබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින්ගේ අදහස් ද ලබාගෙන විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාව සකස් කිරීමට අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ටී.එම්. උදයන්ද හේමපාල සඳහන් කරයි.

යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඕනෑම ආක්‍රමණයකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලබා දෙන බවට ශපථ කර ඇති අතර, යුක්‍රේනය සහ රුසියාව අතර යුද ආතතිය උත්සන්න කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල මැදිහත් වීම විවේචනය කරනු ලැබීය. එලෙසම, යුක්රේන ගැටුම විසඳීම සඳහා සාම සාකච්ඡා වල නිරත වීමට මොස්කව්හි ඇති කැමැත්ත නැවත අවධාරණය කරනු ලැබ ඇත. ක්‍රෙම්ලිනය විසින් ප්‍රකාශයට පත් කරන ලද පුටින් විසින් කරන ලද ප්‍රකාශයක මේ බව දක්වා තිබේ.

අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුන රාමනාදන් නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම විපක්ෂ නායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වූ අසුනේ අසුන් ගැනීමේ ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වී තිබේ.

නාඩු මෙට්‍රික් ටොන් ලක්‍ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්

මේ දිනවල වෙළෙඳපොළ තුළ උග්‍ර නාඩු සහල් හිඟයක් පැවතිය ද පසුගිය වර්ෂයේ වී අස්වැන්නෙන් නාඩු වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 22ක් සහල් බවට පත් නොකොට මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනකු විසින් සඟවා තබාගෙන ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බවත්, සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම තිබෙන බව පමණක් අමතක නොකළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?

වර්තමාන රජයේ බුද්ධ ශාසන, ආගමික සහ සංකෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්වූ මහාචාර්ය හිනිදුම සෙනෙවි මහතා පිළිබඳව 2020 නොවැම්බර් 14 දින එක්තරා වෙබ්අඩවියක පළකර තිබූ වාර්තාවක් ලංකා ලීඩර් පාඨකයකු විසින් අප වෙත එවා ඇති අතර, එම වෙබ් අඩවියේ පළකර ඇති ලිපියේ හිනිදුම සෙනෙවි මහතාට විරුද්ධව නිර්මාණ කොල්ලයක් සම්බන්ධයෙන් නඩුවක් තිබූ බවට දක්වා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.