ශ්‍රී ලංකාව තුළ සාමය සහ සංහිඳියාව ඇති කළ හැක්කේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැගීමෙන් පමණයි - මානව හිමිකම් කවුන්සිලයේ දී ඉන්දියාව කියයි
ශ්‍රී ලංකාවේ දෙමළ සුළුතරය මුහුණදී ඇති ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබානොදීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය කනස්සල්ල පළකරන බව ජිනීවාහි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මණි පාණ්ඩේ මහතා පවසා තිබේ.
ඊයේ (12) ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ වාර්තාව ඉදිරිපත් වූ අතර, ඉන්ද්‍රා මණි පාණ්ඩේ මහතා එහිදී තම රට වන ඉන්දියාවේ මතය මෙසේ ඉදිරිපත් කළේය.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම, පළාත් සභාවලට බලතල පැවරීම සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් කළ යුතුයි. ඉන්දියාවේ මතය අනුව ශ්‍රී ලංකාව තුළ සාමය සහ සංහිඳියාව ඇති කළ හැක්කේ දේශපාලන විසඳුමකින් පමණයි. එය එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සිදුකළ යුත්තේ, යුක්තිය, සාමය, සාමානාත්මතාව හා ශ්‍රී ලාංකේය දෙමළ ප්‍රජාව තුළ අභිමානයක් ඇති වන පරිද්දෙනි."
මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් නීතීන්ට අනුකූල වන ආකාරයේ නව නීතියක් සකස් කරන තෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්හිටුවන ලෙස යුරෝපා සංගම් නියෝජිතයින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ.
ඊයේ ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51වන සැසිවාරය ලබන මස 07 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..