
ශ්‍රී ලාංකිකයන් ඉන්දීය අප ගැන බොහොම පැහැදීමෙන් කතා කරනවා... නිවාඩුවක් ගතකරන්න යන්න සුදුසුම තැන ලංකාව - ඉන්දීය විදේශ කටයුතු ඇමැති කියයි
ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙසේ පවසා ඇත්තේ, මුම්බායි නුවර, ඉන්දීය කළමනාකරණ ආයතනයේ දේශනයකට එක් වෙමින්, ගෝලීය වේදිකාවේ ඉන්දියාවේ භූමිකාව කුමක්දැයි සිසුවකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
''මම දෙන්නම් උපදෙසක්. මීළඟ වතාවේ ඔබ නිවාඩුවක් ගත කරන්න කොහේ හරි යනවා නම්, යන්න ශ්‍රී ලංකාවට. ශ්‍රී ලාංකිකයන් ආගන්තුක සත්කාරකවලට උපන් හපන්නු. නිවාඩුවකට යනවා නම්, ශ්‍රී ලංකාව තරම් ඊට ගැලපෙන තැනක් වෙන නැහැ. ශ්‍රී ලාංකිකයන් ඉන්දිය අප ගැන බොහොම පැහැදීමෙන් කතා කරනවා. ඒ දේවල් ඔබට අසන්න ලැබුණොත්, ඉන්දියානුවකු ලෙස ඔබට ලොකු ආඩම්බරයක් දැනෙනු නිසැකයි'' යැයි ආචාර්ය එස්. ජයිශංකර් දේශනය අතරතුර පවසා තිබේ.
එසේම, ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිද්දී, ඉන්දියාව ශ්‍රී ලංකාවට ශක්තියක් වූ ආකාරය සහ ලෝකය පිටුපාද්දී ඉන්දියාව ඉදිරිපත් වී ශ්‍රී ලංකාවට ණය දුන් ආකාරය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
