
බංකොලොත් කියල කිව්වේ නැහැමයි - මහ බැංකු අධිපති නන්දලාල් කියයි
රට බංකොලොත් යැයි කිසිදු අවස්ථාවක රජය විසින් ප්‍රකාශයට පත් නොකළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
රට බංකොලොත් භාවයට පත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක් වමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම අවස්ථාවේදී සිදු කළේ ඇතැම් විදේශීය ණය හිමියන්ගේ ණය වාරික ගෙවිය නොහැකි බව දැනුම් දීම පමණක් බවයි.
කොරෝනා වසංගත තත්ත්වය නිසා රට වසා දැමීම, රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමට ප්‍රධාන හේතුවක් වූ බවත් එම තේරීම් කාරක සභාව හමුවේ ඔහු වැඩිදුරටත් පවසා ඇත.
එහෙත් ආර්ථික බංකොලොත්භාවය සෙවීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මීට පෙර පැමිණි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා තිබෙුනේ, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා රට බංකොලොත් බවට ප්‍රකාශ කිරීමට පෙර සැබෑ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහ නීතිපතිවරයා දැනුවත් නොකිරීම රටේ ආර්ථිකය සහමුලින්ම විනාශකිරීමක් බවය.
එමෙන්ම 2023 සැප්තැම්බර් මස 15 වනදා පාර්ලිමේන්තුවේ පැවති “රට බංකොලොත් බව ප්‍රකාශ කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කමිටුව” හමුවේ අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ප්‍රකාශ කර තිබුනේ වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන එම තනතුරුවලට පත්වීමත් සමග අත්තනෝමතික ලෙස රට බංකොලොත් බව ප්‍රකාශ කර විදේශ ණය ගෙවීම අත්හිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය.
එසේම පසුගිය කාලයේ දී රට බංකොලොත් බව ප්‍රකාශ කළා යැයි විවිධ පාර්ශව විසින් වර්තමාන මහ බැංකු අධිපතිවරයාට එරෙහිව මාධ්‍ය මගින් දැඩි චෝදනා එල්ල කරන ලදී.
මෙම තත්වය හමුවේ මහ බැංකු අධිපතිවරයා රට බංකොලොත් යැයි ප්‍රකාශ නොකළ බව පැවසීම පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර, ඇතැම් පාර්ශව පෙන්වා දෙන්නේ ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහතා මෙන් මහ බැංකු අධිපතිවරයාද අද එකක් කියා හෙට එසේ නොකීව බව පවසන තාලයේ පුද්ගලයකු ද යන්න ගැටලුවක් මතුවී ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
