News Category
From Date
To Date
Maximum Number of Result

කෙටි කලකදී අපි ලැබූ ප්‍රගතිය ගැන ලෝක නායකයන් පුදුම වුණා… දැන් තියෙන්නේ ආර්ථිකයක් ගොඩ ගන්නකොට ඇතිවෙන ප්‍රශ්න - ජනපති රනිල් කියයි

Jan 26, 2024 at 06:38 AM
|

බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපය තුළ රටම ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

තම දේශපාලන ජීවිතය ආරම්භ කළ බියගම ආසනයට එදා තමා පැමිණෙන විට එම ප්‍රදේශය ඉතා නොදියුණු ප්‍රදේශයක්ව තිබූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා බියගම ආයෝජන කලාපය ඇති කිරීම ඇතුළුව එදා තමා ගත් නිවැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් බියගම ඉතා කෙටි කලක් තුළ විශාල දියුණුවක් ලැබූ බව සඳහන් කළේය.

ඒ අයුරින් විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් රට පුරා නව ආයෝජන කලාප ඇති කර මෙරට ජාතික ආර්ථිකය දස ගුණයකින් ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, සපුගස්කන්ද අබේසේකරාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය සහ රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට (25) එක්වෙමිනි.

සපුගස්කන්ද අබේසේකරාරාමාධිපති, මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරය, සාංචි චේතිය විහාරය (ඉන්දියාව), ලංකාජි විහාරය (ජපානය) යන විහාරයන්හි විහාරාධිපති ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක, යොෂිඩා අධ්‍යාපනික හා සමාජ සේවා පදනමේ සභාපති පූජ්‍ය භානගල උපතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සපුගස්කන්ද අබේසේකරාරාමය, සාංචි චේතියගිරි විහාරය යන විහාරයන්හි නියෝජ්‍ය විහාරාධිපති පූජ්‍ය භානගල විමලතිස්ස ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් මෙම ආගමික වැඩසටහන සංවිධාන කර තිබිණි .

විහාරස්ථානයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධ මන්දිරයට ගොස් ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනවයෙන් ඉදිකළ රන් වැට සහ බෝධි ප්‍රාකාරය විවෘත කළේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පූජ්‍ය භානගල උපතිස්ස නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ ද ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"අබේසේකරාරාමය මෙම ප්‍රදේශයේ තිබූ ප්‍රධානම විහාරස්ථානයයි. මම පළමු වරට මෙම ස්ථානයට පැමිණියේ බියගම ආසන සංවිධායකවරයා ලෙසයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ බියගම අපේක්ෂකයා ලෙසයි. එදා මේ බියගම ඉතා නොදියුණු ප්‍රදේශයක්.

කොපමණ නොදියුණුද කියනවා නම් මීට වඩා නොදියුණු අගලවත්ත විතරයි කියලා ඇතැමුන් පැවසුවා. ඒත් අපට කියන්න සිද්ධ වුණා අගලවත්තේ තේ වතු, රබර්වතු,තේ කර්මාන්තශාලා තිබෙනවා කියලා. නමුත් බියගම තිබුණේ මේ තෙල් පිරිපහදුව පමණයි.

සමහරු කිව්වේ මේ ආසනයේ ආර්ථිකයක් නැහැ, මෙය හරියට නිදන කාමරයක් වගේ උදේ පිටවෙනවා, නිදා ගැනීමට සවසට මෙහි පැමිණෙනවා කියලා. කෙසේ හෝ එම මැතිවරණ කාලයේ මම ජීවත්වුණේ මේ අසළ තිබු නිවසකයි. මේ අබේසේකරාරාමයට අල්ලපු ඉඩමේ ගොඩනැගිල්ලක මගේ කාර්යාලය පවත්වාගෙන ගියා.

මහා මැතිවරණය පැවැත්වීමට පෙර දින රාත්‍රියේ මේ අබේසේකරාරාමයට පැමිණ ආශිර්වාද ලබා ගනිමු කියලා මගේ මව කිව්වා. ඒ අනුව මෙම විහාරස්ථානයට පැමිණ අපවත්වී වදාළ නායක ස්වාමින් වහන්සේ මුණ ගැසී මල් පූජා කර මෙම බෝධින් වහන්සේ අභියස බෝධි පූජාවක් සිදු කර මම ආශිර්වාද ලබා ගත්තා. මා ලැබු මැතිවරණ ප්‍රතිඵලය ගැන නැවත ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැහැ. මගේ දේශපාලන ජීවිතයේ වැඩකටයුතු ආරම්භ කළේ මෙම ස්ථානයෙන්.

එම දේශපාලන ගමන අද මම ජනාධිපති ධූරය දක්වා පැමිණ තිබෙනවා. මා ජනාධිපති ධූරයට පැමිණයේ අලුත් විදිහකටයි. ආණ්ඩුව කඩා වැටිලා, එය භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ අවස්ථාවක මම එම වගකීම භාරගත්තා.

මම රට භාරගත්තේ එදා රටේ ආර්ථිකය විනාශ වී තිබුණ නිසයි. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් තිබුණේ නැහැ. ඉන්ධන, ගෑස් තිබුණේ නැහැ. එම තත්ත්වය තවදුරටත් පැවතියා නම් අපට මේ රට නැති වෙනවා. ඒ නිසා මේ රට බේරගෙන ආර්ථිකය ගොඩනැගිය යුතු නිසා වගේම එය කළ හැකි බවට වූ විශ්වාසයක් මා තුළ තිබු නිසා මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තා.

දැන් වසර දෙකක් ගත වී තිබෙනවා. අද අප නැවත ක්‍රමානුකූලව සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා සිටිනවා. අද අග හිගකම් නැහැ. නමුත් ආර්ථිකයක් නැවත ගොඩනැගීමේ දී මතුවන ප්‍රශ්නවලට අපට මුහුණදීමට සිදු වෙලා තිබනෙවා. දැන් අප එම තත්ත්වයෙන් ක්‍රමානුකූලව ඉදිරියට පැමිණෙමින් සිටිනවා.

ශ්‍රී ලංකාවේ බංකොලොත් වූ ආර්ථිකය දැන් යථා තත්ත්වයට පත්ව තිබෙන බව මා ස්විට්සර්ලන්තයේ සංචාරයේදී ලෝක නායකයින්ට ප්‍රකාශ කළා. ඉතා කෙටි කාලයකින් අප ලබා ගත් ප්‍රගතිය පිළිබඳ එම බොහෝ දෙනෙක් පුදුමයට පත් වුණා. ලෝක බැංකුවේ ප්‍රධානියා වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂතුමිය සමග ද සාකච්ඡා පැවැත්වීමට මට එහිදි අවස්ථාව ලැබුණා. අපි ආර්ථික ස්ථාවරත්වයට පැමිණ සිටින නමුත් අපට ලැබෙන ආදායම් තවමත් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා රටේ ආදායම් ඉහළ නංවා ගැනීමට අපට සිදු වෙලා තිබෙනවා. ඒ අනුව තමයි කණගාටුවෙන් වුවද වැට් එකතු කිරීමට අපට සිදු වෙලා තිබෙන්නේ. දැන් අපි සෘන ආර්ථිකයක් වෙනුවට ධන ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටිනවා.

ජනතාවට රැකියා ලබාදීමට නව කර්මාන්ත හා නව ආයෝජන අවස්ථා බිහි විය යුතුයි. ඒ සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට අප දැන් කටයුතු කරමින් සිටිනවා. බියගම ආයෝජන කලාපය වැනි ආයෝජන කලාප රට පුරා ඇති කර රටේ ආර්ථික වේගය දස ගුණයකින් වැඩි කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

අප මෙහිදී බියගම උදාහරණයකට ගන්නවා. එදා මම මෙම බියගමට පැමිණෙද්දි මෙහි කිසිවක් නොතිබූ බව මම කළින් ප්‍රකාශ කළා. නමුත් විවෘත ආර්ථිකය සමග මෙම ප්‍රදේශය දියුණු කළ හැකි බව මම විශ්වාස කළා. ජේ.ආර්. ජයවර්ධන මහතා පළමු ආයෝජන කලාපය කටුනායක ආරම්භ කළා. ඒ කටුනායක දියුණු ප්‍රදේශයක් වී තිබු නිසා.

මම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා දෙවන ආයෝජන කලාපය බියගමට දෙන්න කියලා. ඇතැම් අය කිව්වා බියගම දියුණු මදි එය වෙනත් ප්‍රදේශයකට දෙමු කියලා. අපේම අය කිව්වා මොකටද මේක ඉල්ලන්නේ මෙකේ ප්‍රතිඵලයක් නැහැ කියලා. නමුත් බියගම ආයෝජන කලාපය ආරම්භ කිරීමට අප කටයුතු කළා. ඒ වගේම මෙම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගත්තා.

මෙම තීරණ සමග එදා නොදියුණු පළාතක්ව පැවති බියගම අද වන විට විශාල සංවර්ධනයක් ලබා තිබෙනවා. ඒ අනුව දකුණු ආසියාවේ හොඳම ආයෝජන කලාපය බවට බියගම සහ කටුනායක ආයෝජන කලාප පත්ව තිබෙනවා. එදා මම බියගමට පැමිණෙන විට එහි පැවතියේ කර්මාන්ත ශාලා 15ක් පමණයි. අද කර්මාන්ත ශාලා 58ක් තිබෙනවා. ඊට අමතරව තවත් විශාල කර්මාන්ත ශාලා 180ක් සහ මධ්‍යම හා කුඩා කර්මාන්ත ශාලා 275ක් තිබෙනවා. අද විශාල ආර්ථිකයක් මෙහි ඇති වී තිබෙනවා. එදා කඩ සාප්පු 200ක් වත් තිබුණේ නැහැ. අද කඩ සාප්පු 4,227ක් තිබෙනවා. මේවායේ වැඩකරන අයට ආහාර පාන දෙන්න ආපනශාලා 597ක් තිබෙනවා. ඉලෙක්ට්‍රික් බඩු කඩ 316ක් තිබෙනවා. සංචාරක හෝටල් 02ක් තිබෙනවා. මෙහි සම්පූර්ණ ආර්ථිකයක් ගොඩනැගී තිබෙනවා. බියගම දියුණුවත් සමග කැලණිය ද විශාල දියුණුවක් ලැබුවා.

එසේනම් විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ බියගම. ඒ සමගම කැළණිය ඉදිරියට පැමිණියා. වැඩිකල් යාමට පෙර දළුගම, කිරිබත්ගොඩ, මාකොළ, මාවරමංඩිය, කඩවත විශාල ආර්ථික ප්‍රදේශයක් බවට පත් වෙනවා. ඒ වගේම මෙම දියුණුව දිවයි‍නේ අනෙකුත් පළාත්වල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. බිංගිරිය, මහනුවර, හම්බන්තොට, ත්‍රිකුණාමලය, උතුර ඒ සඳහා හදුනාගෙන තිබෙනවා. ඒ අනුව විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගෙන ජාතික ආර්ථිකය දස ගුණයකින් වැඩි කර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා."

– ජනාධිපති මාධ්‍ය ඒකකය

සම්බන්ධිත පුවත් | Related News

ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට අද (15) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
බීමතින් රිය පදවා වැල්ලවත්ත, මැරීන් ඩ්‍රයිව් මාර්ගයේදී පසුගිය 2023 වසරේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විසින් සිදු කළ බව කියන රිය අනතුරට අදාළ නඩුව සම්බන්ධයෙන් වූ චෝදනා දෙකක් නීතිපති උපදෙස් මත කළ සංශෝධනය ප්‍රතික්ෂේප කළ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මුලින් නඟා තිබූ චෝදනා තුන ම යටතේ නඩුව විභාගයට ගැනීමට ඊයේ (මැයි 14) නියෝග කළා ය.
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා අද (15) දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.
වෙළඳපළේ මේ වන විට ලුණු හිඟය තවදුරටත් ඉහළ යමින් තිබේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.
ඉන්දියාවේ 52 වැනි අගවිනිසුරු ලෙස විනිසුරු භූෂන් රාම්ක්‍රිෂ්ණ ගවායි ජනාධිපති ද්‍රෞපදි මුර්මු ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ප්‍රධාන පුවත්

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.