
හිමාලයා ප්‍රකාශනය කුණු ගොඩට, සමනල ප්‍රකාශනයක් මතු වේ
ජාතික, ප්‍රගතිශීලී, වාමාංශික බලවේග එක් කළ හැකි නායකත්වයක් රටේ ස්ථාපිත කිරීම වෙනුවෙන් ලංකාවේ සහ විදේශ ගතව සිටින අධ්‍යාත්මික ගමන්මගේ යන භික්ෂුන්වහන්සේලා සහ රටට ආදරය කරන ගිහි විද්වතුන් පිරිසක් එක්ව නව වැඩපිළිවෙළක් අද(25) සමනල කඳු මුදුනේ දී එළිදක්වා තිබේ.
මේ පිළිබඳව තොරතුරු ඇතුළත් නිවේදනය පහළින්...
පෙම්බර ලංකා
දෙවන ලෝක යුද්ධයෙන් පසු තත්කාලීන ලෝකයේ ඇති වූ විෂම සමාජ දේශපාලනික තත්ත්වය හමුවේ ලක් මාතාව අද පවතින තත්ත්වයෙන් හෝ රැක ගැනීමට හැකි වූයේ 1951 වසරේ SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ මූලිකත්වයෙන් ඇරඹුණු මැද මාවතේ දේශපාලන බලවේගය ශක්තිමත් වීම හේතුවෙනි. අන්තවාදී බලවේගවලට රට දැය යට නොවීමටත්, හමුදා කුමන්ත‍්‍රණ ඇති නොවීමටත්, එක් නොබෙදුණු රටක් ලෙස ලක් මාතාව පැවතීමටත් එකී දේශපාලන ව්‍යාපාරය මූලික විය. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂගේ අදූරදර්ශී, අපරිණත ක්‍රියා කලාපයත්, රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයන්ගේ බල ලෝභී ක්‍රියා කලාපයත් හේතුවෙන් එකී මැද මාවතේ දේශපාලන බලවේගය අද මුළුමනින්ම පාහේ දුර්මුඛ වී ඇත.
පරම්පරා ගණනක් ඒ හා බැඳී සිටි මිලියන ගණනක දේශීය ජනතාවගෙන් කොටසක් අද මාලිමාවේ කපටි බල ව්‍යාපෘතියට නතු වී ඇත. බහුතරය වික්ෂිප්තව බලා සිටිති. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් එය ලබන ඔක්තෝබර් මාසයේදී කෙළවර වනු ඇත්තේ පොල්පොට් පන්නයේ අච්චාරැ මාලිමා පාලනයකින් හෝ ඉන්දියාව මෙහෙයවන මනෝ-හකීම්-මුජිබර් ග්‍රහණයට සහ බෝන් අගෙන් මෙහෙයවීමට නතුවන පාලනයකින් හෝ අනීතිකව සිය පාලනය දිගු කර ගන්නා රනිල්ගේ භීෂණ යුගයකිනි.
මේ ඛේදනීය තත්ත්වයෙන් ලක් මාතාව ගලවා ගත හැකි එකම මග 1951 දී බිහි වූ මැද මාවතේ ජාතික-ප්‍රගතිශීලී -වාමාංශික දේශපාලන කඳවුර ශක්තිමත් කිරීමම පමණි.
ඒ සඳහා අද ඇති එකම බාධකය ජාතික, ප්‍රගතිශීලී, වාමාංශික බලවේග එක් කල හැකි නායකයකුගේ අඩුව පමණි. රාජපක්ෂ පවුලේ සාමාජිකයකු ඒ සඳහා කිසිවකු තව දුරටත් පිලි නොගනී. එම පවුලෙන් පිට දේශපාලන අත්දැකීම් ඇති නායකයකු ඒකජන්දයෙන් පත් කර ගත හැකි නම් නැවත මාස 3 ක් ඇතුලත විසිර ගිය බලවේග එක කරගත හැකිය. මාලිමාව පසුපස ගොස් අතරමන් වී සිටින පිරිස ද නැවත සිය මුල් නිවසට පැමිණෙනු ඇත.
ඒ නායකයා කවුද?
නායකයන් බිහි වන්නේ ස්වභාව ධර්මයේ ආශීර්වාදය ඇතිවයි. ජනාධිපතිවරණයක් අභිමුව ජාතික-ප්‍රගතිශීලී- වාමාංශික කඳවුරට දේශපාලන නායකයකු බිහි වීමට තවත් කාලය ඉතිරිව ඇත. ඒ සඳහා සුදුසු පුද්ගලයන් 12 නාම ලේඛනයක් මෙහි දැක්වේ. ඒ සියලූ දෙනාම කැබිනට් ඇමතිධුර දැරූ හෝ දරන පාර්ලිමේන්තු අත්දැකීම් ඇති පුද්ගලයන්ය. ආගමික නායකයන්ගේ, ජනතාවගේ සහ මේ 12 දෙනාගේ සම්මුතියෙන් මේ අතුරින් එක් අයකු ඉදිරියට ගෙන එම අද දවසේ ජාතික අවශ්‍යතාවයි.
1* කුමාර වෙල්ගම (73)
2* සරත් වීරසේකර (72)
3* සුසිල් පේ‍්‍රමජයන්ත (69)
4* ඩලස් අලහප්පෙරුම (64)
5* විජේදාස රාජපක්ෂ (64)
6* චම්පික රණවක (58)
7* රමේෂ් පතිරණ (54)
8* දයාසිරි ජයසේකර (54)
9* විමල් වීරවංශ (53)
10* උදය ගම්මන්පිල (53)
11* රොෂාන් රණසිංහ (48)
12* චන්න ජයසුමන (43)
(මෙහි අනුපිලිවෙල දක්වා ඇත්තේ වයස මත පදනම්ව පමණි. වරහන් ඇතුලේ ඔවුන්ගේ වයස අවුරුදුවලින් දක්වා ඇත).
මේ ගැන ගැඹුරින් කල්පනා කර එකිනෙකා අතර ඇති අසමගිකම්, හිත් අමනාපකම්, සුළු දුර්වලතා අමතක කර රටේත්, දැයේත් යහපත උදෙසා ජාතික, ප්‍රගතිශීලී, වාමාංශික බලවේග එක් කල හැකි නායකයකු බිහි කර ගැනීමට ඔබ සැමගේ ආශීර්වාදය අවශ්‍යය.
එමෙන්ම මෙම කඳවුර දුර්මුඛ කල පහත පුද්ගලයන් 12 දෙනා කිසිදු ලෙසක නැවත වැද්දා නොගත යුතුය.
1* බැසිල් රාජපක්ෂ
2* නාමල් රාජපක්ෂ
3* මෛත‍්‍රීපාල සිරිසේන
4* ප‍්‍රසන්න රණතුංග
5* නිමල් සිරිපාල
6* ජොන්ස්ටන් ප‍්‍රනාන්දු
7* මහින්දානන්ද අලූත්ගමගේ
8* රෝහිත අබේගුණවර්ධන
9* කෙහෙළිය රඹුක්වැල්ල
10* එස්.එම්.චන්ද්‍රසේන
11* කාංචන විජේසේකර
12* ගාමිණී ලොකුගේ
මේ උතුම් කටයුත්ත සඳහා අද දවසේ සිට කැප වෙමු.
ලංකාවේ සහ විදේශ ගතව සිටින අධ්‍යාත්මික ගමන් මගේ යන භික්ෂුන්වහන්සේලා සහ රටට ආදරය කරන ගිහි විද්වතුන් පිරිසකගේ මෙම යෝජනාව ශ්‍රී. බු.ව. 2568 දුරුතු මස පුර පසළොස්වක පොහෝ දින හෙවත් ව්‍යවහාර වර්ෂ 2024 ජනවාරි මස 25 දින සමනල කඳු මුදුනේ දී එලි දක්වන ලදි. .
ලංකා ලංකා පෙම්බර ලංකා - පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දී - සුරකිමු ඔබ ලංකා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
