
ශබ්දයේ වේගයට වඩා හත් ගුණයක වේගයක් ඇති හයිපර්සොනික් 'ස්මාර්ට් ෂෙල්' යුද අවිය චීනය සාර්ථකව අත් හදා බලයි
සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් පතට අනුව චීන නාවික විද්‍යාඥයින් ශබ්දයේ වේගයෙන් මෙන් හත් ගුණයක වේගයෙන් ගමන් කර (මැක් 7 ) ඉලක්කයකට නිරවද්‍ය ප්‍රහාරයක් එල්ල කළ හැකි ‘ස්මාර්ට් ෂෙල්’ අවිය සාර්ථකව නිර්මාණය කර තිබේ.
පුවත් පත වැඩිදුරටත් පවසන්නේ බීජිං පරිපාලනය මෙම ෂෙල් අවිය සිය පියාසර මාර්ගය චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් සොයා ගැනීමට හැකියාව ඇති සූක්ෂම ෂෙල් අවියක් බවයි.
චිනය නිපදවා ඇති මෙම නවීනතම ෂෙල් අවියට මීටර් 15 ට වඩා අඩු දෝෂයක් සහිතව ඉලක්කයට පහර දිය හැකි බවද සවුත් චයිනා මෝර්නිං පුවත් පත අනාවරණය කළේය. එහි ඇති ඉහළ නිරවද්‍ය ඉලක්කය සොයා යාමේ හැකියාව හේතුවෙන් යුද ටැංකි වැනි කුඩා චලන ඉලක්ක වලට පහර දීමට එය සුදුසු නොවන නමුත් යුධ නැව් හෝ වරායන් වැනි විශාල, ස්ථිතික යුද ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා වඩාත් සුදුසු වේ.
යුධ තාක්‍ෂණයේ දියුණුව සම්බන්ධයෙන් විග්‍රහයක යෙදෙන පුවත් පත , ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් යා හැකි ජීපීඑස් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සිය ගමන් පථය සොයා ගන්නා "ඩ්‍රීම් ෂෙල්" නැමැති ෂෙල් අවිය නිරමාණය කිරීමට එක්සත් ජනපද නාවික හමුදාව විසින් 2012 වර්ෂයේදී යෝජනා කරණු ලැබීය.
වසර පහක් ඇතුළත 'ඩ්‍රීම් ෂෙල්' අත්හදා බැලීමේ අභිප්‍රාය ඇතිව 2012 වර්ෂයේදී එක්සත් ජනපද නාවික හමුදාව විසින් මෙම සංකල්පය මුලින්ම යෝජනා කරන ලද නමුත් 2017 දී ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ව්‍යාපෘතිය අත් හැර දැමීමට අමෙරිකානු හමුදාවට සිදු විය.
ශබ්දයේ වේගය මෙන් 7 ගුණයක වේගයෙන් යා හැකි ෂෙල් අවිය නිපදවූ චීන විශේෂඥ කණ්ඩායම කියා සිටියේ, එක්සත් ජනපදය ඔවුනට ප්‍රථමයෙන් මෙම තාක්‍ෂණය දියුණු කිරීම ආරම්භ කළත්, බටහිර රටවල විද්‍යාඥයින්ගෙන් ඔවුන්ට කිසිදු සහයෝගයක් නොලැබුණු බවයි.
“අපට කිසිදු මඟ පෙන්වීමක් තිබුණේ නැහැ. මිසයිල සංචාලන පද්ධති හෝ චන්ද්‍රිකා සංචාලන සංරචකය පිළිබඳ කෙටි හැඳින්වීමක් පවා තිබුණේ නැහැ.” චීනයේ නාවික ඉංජිනේරු විශ්ව විද්‍යාලයේ Feng Junhing නොවැම්බර් මාසයේදී ඉංජිනේරු සඟරාවක ලිවීය.
ෂෙල් තාක්‍ෂණය යුධ පිටියේදී බහුලව භාවිතා වනු ඇතැයි අපේක්ෂා කරන අතර නිෂ්පාදනය කිරීම සාපේක්ෂව ලාභදායී වනවා මෙන්ම මිසයිල සමඟ සැසඳීමේදී දිගු දුරකට වුවද නිරවද්‍ය-ප්‍රහාරක හැකියාවක් අත්පත් කර ගත හැක.
කෙසේ වෙතත්, දියත් කිරීමේදී ෂෙල් වෙඩි සැලකිය යුතු විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් ජනනය කරන අතර එමඟින් මයික්‍රොචිප් හෝ ඇන්ටෙනා වැනි ඉලෙක්ට්‍රොනික සංරචක වලට හානි කළ හැකි අතරම එහිම චන්ද්‍රිකා සංචාලන පද්ධතිය පවා විනාශ කළ හැකිය.
විද්‍යුත් චුම්භක සංඥාවලට ඔරොත්තු දිය හැකි ඇන්ටෙනාවක් නිපදවීමෙන් සහ නිරවද්‍ය චන්ද්‍රිකා සංචාලනය පවත්වා ගැනීමෙන් මෙම ගැටලුව මඟ හරවා ගත් බව චීන විද්‍යාඥයෝ පවසති.
සවුත් චයිනා මෝනිං පෝස්ට් පවසන පරිදි චීන නාවික හමුදාව මෑතකදී පවසා ඇත්තේ ආයුධ සංවර්ධනයේ, විශේෂයෙන් විද්‍යුත් චුම්භක යුද අවි නිපදවීමේ ක්ෂේත්‍රයේ ඉදිරි ගමනක් සිදු කර ඇති බවයි. ඒ අනුව නව මිලිටරි දෘඩාංගවල අනුකරණයන් බටහිර ජාතීන් සතුව ඇති සාම්ප්‍රදායික වාසි වලට අභියෝග කරන බවද පුවත් පත පෙන්වා දේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
