
2006 - 2021 කෝටි 553,000ක රාජ්‍ය වත්කම් අතුරුදන් වෙලා - උදය ගම්මන්පිල
2006 සිට 2021 දක්වා ආණ්ඩුව අත්පත් කරගත් ස්ථාවර වත්කම් වලින් කෝටි 553,000ක් නොහොත් ට්‍රිලියන 5.5ක් වටිනා වත්කම් ආණ්ඩුවේ ලේඛනවල සටහන්ව නැතැයි විගණකාධිපති විසින් පෙන්වාදීම ඉතාම බරපතල තත්වයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒමහතා මේබව සඳහන් කර සිටියේ ඊයේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
"ආණ්ඩුව කාර් එකක් ගන්න ලක්ෂ සීයක් වැය කලොත් ආණ්ඩුවේ වත්කම් ලක්ෂ සීයකින් වැඩි වෙන්න ඕනි. ආණ්ඩුව ලක්ෂ පන් සීයක පාසල් ගොඩනැගිල්ලක් හැදුවොත් ආණ්ඩුවේ වත්කම් ලක්ෂ පන් සීයකින් වැඩි වෙන්න ඕනි. නමුත් මුදල් වියදම් කළත් ආණ්ඩුවේ ලේඛණ වලට අළුතින් වත්කම් එකතු වෙලා නැති නම් වාහනය පාවිච්චි කරන කෙනා ඒක ගෙදර පාවිච්චියට ගෙන ගියත් ඒක ආණ්ඩුව දන්නේ නෑ. ඒ වගේම පාසල් ගොඩනැගිල්ල හදනවා කියලා ආණ්ඩුවේ ලොක්කෙක් තමන්ගේ ගේ හදා ගත්තත් ඒක දන්නේ නෑ. එහෙම වෙන්න පුළුවන් ද?
ආණ්ඩුව වත්කම් මිල දී ගන්න වියදම් කරපු මුදලින් 68%කට අදාළ වත්කම් පිළිබඳ තොරතුරු සටහන් වෙලා නෑ කියලා විගණකාධිපතිතුමා 2021 වසර වෙනුවෙන් නිකුත් කරපු තමන්ගේ වාර්තාවේ කියනවා. ඒ වාර්තාවේ 114 පිටුවේ තිබෙනවා වගුවක්. ඒක නම් කරලා තිබෙන්නේ දොලොස් වෙනි වගුව හැටියට. මේ වගුවේ හැටියට 2006 සිට 2021 දක්වා ආණ්ඩුව අත්පත් කරගත්තු ස්ථාවර වත්කම් වලින් කෝටි 553,000ක් නැතිනම් ට්‍රිලියන 5.5ක් වටිනා වත්කම් ආණ්ඩුවේ ලේඛණ වල නෑ. ඒ කියන්නේ වත්කම් මිල දී ගන්න වැය කරපු මුදලින් 68%කට වත්කම් ආණ්ඩුවේ නෑ කියලා විගණකාධිපති කියන්නේ.
නරකම අවුරුද්ද 2013. ඒ අවුරුද්දේ වත්කම් මිල දී ගන්න වැය කරපු මුදලින් 94%කටම මිල දී ගත් වත්කම් පිළිබඳ කිසිම සටහනක් නෑ. මේක තමයි දූෂණය පිළිබඳ ඉතිහාසයේ වාර්තා වුණු ඇඟ කිලිපොලා යන වාර්තාව. මේ වත්කම් හොරකම් කලා ද නැතිනම් ඇත්තටම ආණ්ඩුවේ භාවිතයට ගත්තත් ආණ්ඩුවේ ලේඛණ වල සටහන් කරලා නැද්ද කියන එක මම දන්නේ නෑ. නමුත් මේක රටේ අවධානය වහාම යොමු විය යුතු ප්‍රශ්නයක්. පුංචි පුංචි සොරකම් ගැන බෙරිහන් දෙන බොහෝ සංවිධාන විගණකාධිපති මතු කරන මේ දැවැන්ත ගැටළුව ගැන කතා නොකරන්නේ ඇයි කියන එක අපට නම් ප්‍රශ්නයක්."
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
