
Institute of Politics ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අභිමානවත් ලෙස පැවැත්වේ... ප්‍රජාත්නත්‍රවාදයේ රන් සම්මානය මහාචාර්ය තිස්ස විතාරණට... දමිතාටත් සම්මානයක්
Institute of Politics ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පසුගිය දා අභිමානවත් අයුරින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලදී.
Institute of Politics ආයතනයේ සභාපති මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ නීතිඥ සමන් සේනාධීර, නීතිඥ අකලංක හෙට්ටිආරච්චි, නීතිඥ වින්ද්‍යා මුතුලිංගම් සහ ජ්‍යේෂ්ඨ පර්යේෂක හරීන්ද්‍ර බී දසනායක ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් ද රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතා ද මෙම අවස්ථාවට එක්විය.
මෙම උළෙලේ විශේෂ ආරාධිත සම්ප්‍රාප්තිය ලෙස ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසුරිය මැතිතුමන් සහභාගීවූ අතර ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සමගාමී වශයෙන් දැනට දේශපාලනයේ සිටින කෘතහස්ත දේශපාලන භාවිතාවක් ඇත්තාවූ ජනතා නියෝජිතයින් ඇගයීමක් ද සිදුවිය.
මෙහිදී Institute of Politics විසින් වසරේ හොඳම ව්‍යවස්ථාදායක කාර්යය ඇගයීම වෙනුවෙන් වූ සම්මානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රී සංසදය වෙත පිරිනමනු ලැබීය.
දේශපාලන පක්ෂ බේදයෙන් තොරව කාන්තා මන්ත්‍රී සංසදයේ සියලුම මන්ත්‍රීවරියන් එක්ව කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් වූ පනත් කෙටුම්පත් සතරක් මේ වනවිට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබීම මෙම ඇගයීම සඳහා හේතු පාදක කරගන්නා ලදී.
එමෙන්ම Institute of Politics ආයතනය විසින් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ප්‍රජාත්නත්‍රවාදයේ රන් සම්මානය මෙවර මහාචාර්ය තිස්ස විතාරණ මහතා වෙත පිරිනමනු ලැබීය.
2008/2009 සර්ව පාක්ෂික නියෝජිත සමුළුවේ සභාපතිධූරය දරමින් ජාතික ගැටළුව විසඳීම සඳහා බලය බෙදීම පදනම් කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා එතුමන් දරන ලද නිර්ව්‍යාජ කැපවීම මෙහිදී විශේෂ ඇගයීමට භාජනය විය.
වසරේ දක්ෂතම Institute of Politics විද්‍යාර්ථයාට හිමි සම්මානය සම සම්මානයන් වශයෙන් දමිතා අබේරත්න සහ මිෂෙල් මනමේන්ද්‍ර මෙහිදී දිනා ගන්නා ලදී.
Institute of Politics මීළඟ පාඨමාලාව දෙසැම්බර් මස ආරම්භ වීමට නියමිතව ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
