
Online පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කරනවා - සජිත් කියයි
මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කටයුතු කණ්ඩායම්, වෘත්තීය සමිති ආදී පාර්ශ්වකරුවන් රැසක් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ගණනාවක් සමඟ සිදු කළ සාකච්ඡාවලදී පැහැදිලි නිගමනයකට පැමිණි බවත් ඒ අනුව රජය ඉදිරිපත් කරන මාර්ගගත සුර්ක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත තමා ඇතුළු පිරිස තරයේ ප්‍රතික්ෂේප කර ඒ සඳහා විරෝධතාව පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (18) විපක්ෂ නායක කාර්යාලයේදී රජය විසින් සම්මත කිරීමට උත්සාහ දරන මාර්ගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කොටුම්පත සම්බන්ධයෙන් සිවිල් සමාජ නියෝජිතයන් ඇතුළු සංවිධාන රැසක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
රටේ දරුවන්ගේ, මව්වරුන්ගේ, සාමාන්‍ය ජනතාවගේ, අවදානමනට ලක්වූ කොට්ඨාසවල අයිතීන් සුරක්ෂා කරනවා යන නාමයෙන් මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධි අණ පනත් ඉදිරිපත් කර රජය ඒකාධිපතීත්වයක් රට තුළ ස්ථාපිත කර භාෂණයේ, සාකච්ඡා කිරීමේ, විවාද කිරීමේ හා තොරතුරු දැන ගැනීමේ නිදහස ඇතුළු මානව අයිතීන් මෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන දරදඩු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකට ප්‍රවේශ වන බව විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
ජනාධිපතිවරයා රටටත් ලොවටත් පෙන්වා ඇත්තේ ඔහු ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයකු ලෙස වුවත් මෙම පනත ක්‍රියාත්මක කිරීම හරහා ඔහු මවාගත් ස්වරූපය බොරුවක් බවට ඔප්පු වන බවත් මේ පනත හරහා ඔහුටත් ඔහු පත් කරන කොමිසමේ සාමාජිකයන්ටත්, ඔහු පත් කරන ආරක්ෂක අංශවලටත් රිසිසේ මේ රටේ පොදුජනතාව අසහනයට පීඩනයට ලක් කළ හැකි බවත් ‘කතා කළොත් සිරගෙදර’ හිමිවන බවට බිය ගන්වා ජනතාවගේ කටවල් වහන වැඩපිළිවෙළකට ජනාධිපතිවරයා යොමුවී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.
එසේම ජනාධිපතිවරයා සැබෑම ප්‍රජාතන්ත්‍රවාදියකු නම් මෙම දුර්ජන පනත ඉල්ලා අස් කර ගෙන පාර්ශ්වකරුවන් සියලු දෙනා සමඟ ප්‍රබුද්ධ ප්‍රශස්ත සාකච්ඡාවකට යොමුවන ලෙසත් රටේ සමාජ මාධ්‍ය වැඩපිළිවෙළ අතුරුදන් කරන තත්ත්වයකට කටයුතු නොකරන ලෙසත් පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළකට ප්‍රවේශ වීම යෝග්‍ය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
තවද ප්‍රජාතන්ත්‍රවාදය අගයන විකල්ප ආණ්ඩුව වන සමගි ජන බලවේගය ජනතා වරමින් බලයට පත්වූ විගසම අත්තනෝමතිකව සම්මත කර ගත් සියලුම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී අණ පනත් සියල්ල අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බවත් එතෙක් මේ සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස තානාපතිවරුන්ගෙන්ද ඉල්ලා සිටින බවත් මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී අණපනත් පරාජය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
