
බංග්ලාදේශ මහ මැතිවරණයෙන් සීක් හසීනා ජය ලබයි
විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිවිය. අගමැතිනී සීක් හසීනාට ජය හිමිවූයේ පිටපිට සිවුවැනි වරටය.
බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 350 කි. එයින් ආසන 50 ක් කාන්තා නියෝජිතයන් සඳහා වෙන් කර තිබේ. ඊයේ (7) පැවැත්වුණු මහ මැතිවරණයට, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 120 ක් සුදුසුකම් ලබා සිටි අතර, ඔවුන්ගෙන් හරි අඩක් කාන්තාවන් බව බංග්ලාදේශ මැතිවරණ කොමිසම පවසා තිබුණි.
ඊයේ (7) පැවැති මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, ආසන 152 කට වඩා දිනා ගැනීමට අවාමි ලීගය පක්ෂය සහ ඊට හිතවත් දේශපාලන පක්ෂ සමත් වී සිටියේය. ඒ අනුව, 2009 වසරේ සිට බලයේ සිටින 76 හැවිරිදි සීක් හසීනා තවත් වසර පහක්, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය හිමිවෙයි.
බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ බංග්ලාදේශ ජාතික පක්ෂයයි. බංග්ලාදේශ ජාතික පක්ෂය සහ ඊට හිතවත් විපක්ෂ දේශපාලන පක්ෂ මැතිවරණය වර්ජනය කළේ සීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව පෙන්වා දෙමිනි.
මැතිවරණයට පෙර, මාස ගණණාවක් තිස්සේ, බංග්ලාදේශයේ ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්විණි. ඒ, සීක් හසීනා ධුරයෙන් ඉවත් වී, රජය විසුරුවා, භාරකාර රජයකට බලය පවරා දී, එම භාරකාර රජය යටතේ මහ මැතිවරණය පවත්වන්නැයි ඉල්ලමිනි. කෙසේ නමුත් සීක් හසීනා ඊට අකමැති වූවාය. විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු 10,000 කට වැඩි විපක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුණි.
බංග්ලාදේශ දේශපාලනයේ ප්‍රබල කාන්තාවෝ දෙදෙනෙකි. සීක් හසීනා සහ කලීඩා ෂියා යනු ඔවුන් දෙදෙනාය. 1991 සිට 1996 දක්වාත්, 2001 සිට 2006 දක්වාත් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ කලීඩා ෂියා ය. ඇය බංග්ලාදේශයේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරියයි. සීක් හසීනා, බංග්ලාදේශයේ නිර්මාතෘ මෙන්ම, එරට පළමු ජනාධිපතිවරයා ද වූ ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ දියණියයි.
(ඒ.එෆ්.පී.)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
