News Category
From Date
To Date
Maximum Number of Result

මාර්ගගත ආරක්ෂණ පනත ඉදිරිපත් කිරීමේ දී කිසිඳු බලපෑමකට යටත් වන්නේ නැහැ - ඇමැති ටිරාන් අලස්

Jan 4, 2024 at 06:17 PM
|

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි කාන්තාවන් සහ ළමයින් සම්බන්ධව සිදුවන අපරාධ පිළිබඳ දැනුම් දීම සඳහා හඳුන්වා දුන් ක්ෂණික දුරකථන අංකය සහ වෙබ් අඩවිය එළිදැක්වීම පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේදී සිදුවිය.

පැය 24 පුරා ක්‍රියාත්මක වන ක්ෂණික දුරකථන අංක 109 සහ cwb.online@police.gov වෙබ් අඩවියත් 0112 444 444 දුරකථන අංකයත් ඇතුලත් මහජන පැමිණිලි අංශය  අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන්  මේ යටතේ නිල වශයෙන් එළිදැක්විනි.

මෙම කවුළුව තුලින් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය ළමයින්ට සහ කාන්තාවන්ට එරෙහි අපරාධ සහ ඔවුන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය, ගෘහස්ථ හිංසනය, ළමා අනාරක්ෂිතභාවය, ළමා ශ්‍රමිකත්වය, ළමයින්ට කෲරත්වය යනාදිය විමර්ශනය කිරීම සිදුවේ.

පැමිණිල්ලක් ඉදිරිපත්  කිරීමට සෘජුවම පොලිස් ස්ථාන වෙත යාමට මැලිකමක් දක්වන නව යොවුන් වියේ දරුවන්ට හානියක් නොවන පරිදි මෙම විද්‍යුත් තැපැල් ලිපිනය සහ ක්ෂණික දුරකථන අංක හරහා පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත.

එවැනි පැමිණිලි සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාගේ අධීක්‍ෂණය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක වන මහජන පැමිණිලි මැදිරිය අදාළ පොලිස් ස්ථාන සහ අනෙකුත් ආයතන සම්බන්ධීකරණයෙන් අවශ්‍ය පියවර ගැනීම කඩිනමින් සිදු කරයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"පවතින තත්වය පිලිබඳ විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමෙන් අනතුරුව ළමා කාන්තා හිංසනය පිටු දැකීම පිළිබඳ මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබුවා. මෙම විශේෂ ක්‌ෂණික දුරකථන අංකය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව මේ සටන අද සිට ආරම්භ කරනු ලබනවා.

 යුක්තිය මෙහෙම යටතේත් මේ වන විට විශාල කාර්ය භාරයක් සිදුකර තිබෙන බව මුළු රටේම ජනතාව දැනුවත් වී සිටිනවා. නමුත් ඇතැම් පිරිස් තවමත් ඊට විරුද්ධව මඩ ප්‍රචාරයන් සිදු කරමින් පවතිනවා. ඒ ආකාරයටම මේ වැඩපිළිවෙලටත් බාධාවන්ට මුහුණ දීමට සිදුවණු ඇති. නමුත් ගමේ හෝ නගරයේ වෙනසකින් තොරව දරුවන් හෝ කාන්තාවන් යම්කිසි හේතුවක් මත හිංසනයට හෝ අසරණභාවයට පත් වූ විට පොලිසියෙන් පවා නිසි පිහිටක් නොලැබුණු අවස්ථාවන් මීට පෙර පැවතී තිබෙනවා. නමුත් මෙම ඇමතුම් මධ්‍යස්ථානයේ ඇමතුම් ලබා ගැනීම සඳහා පොලිස් කාන්තා නිලධාරියන් පමණක් සේවය යෙදවීමට අප තීරණය කර තිබෙනවා. ඊට හේතුව කාන්තාවකට පවතින ගැටලුවක් පිළිබඳව ඇමතුමක් ලබාදීමේදී ඊට පිළිතුරු ලබා දෙන්නේ පිරිමි නිලධාරියෙකු නම් ඔවුන් ඒ පිළිබඳව විවෘතව කරුණු දැක්වීමට මැලිකමක් දැක්වීමට හැකියාව තිබෙනවා. මේ පිළිබඳව පණිවිඩය හැකි තාක් ජනගත කරන ලෙස ඊට සම්බන්ධව කටයුතු කරන විවිධ සංවිධානවලින් මා විශේෂ ඉල්ලීමක් කරනවා. එමෙන්ම මේ වෙනුවෙන් වැඩි බරක් යොමු කරන ලෙස මා මාධ්‍යයෙන්ද ඉල්ලීමක් කරනවා. මේ සියලු මෙහෙයුම්වල අරමුණ රටේ දරුවන් ආරක්ෂා කරගැනීමයි. ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි. කිසිදු බලපෑමකට යටත් නොවී මේ සටනද අප ඉදිරියට අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා. එවැනි අපරාධවලට සම්බන්ධ වන කිසිවෙකුට කිසිදු සමාවක් හිමි වන්නේ නැහැ.

 ගෙවුණු වසරේ පමණක් මෙවැනි පැමිණිලි 8000ක්‌ පමණ ඉදිරිපත්වී තිබෙනවා. ඒ අතරින් තුන්දහසක් පමණ සමාජ මාධ්‍ය සම්බන්ධ පැමිණිලි. ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්  මාර්ගගත ආරක්ෂණ පනත (online safety bill) ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා ජාත්‍යන්තර සංවිධාන, තානාපති කාර්යාල ආදී විශාල පිරිසක් ඊට විරුද්ධව මත පල කරනවා. ඒ කිසිදු බලපෑමකට යටත් නොවී ජනවාරි 23 වෙනිදා මේ යෝජනාව ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. ඒ පිළිබඳව ඕනෑම යෝජනාවක් හෝ අදහසක්‌ ජනවාරි අටවෙනිදා දක්වා ලබාදීමේ හැකියාව පවතිනවා. ඉන් අනතුරුව ඒවාද මීට ඇතුළත් කිරීමේ හැකි හැකියාව පිළිබඳව සොයා බලනවා. මේ සියලු දේ සිදුකිරීමේ අරමුණ රටේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමයි. නමුත් අවාසනාවකට රටේ ඇතැම් දේශපාලනඥයින් සහ ජනකොටස් ඒවාට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනවා. නමුත් මේ ඉදිරියට තැබූ පියවර නැවත ආපස්සට ගන්නට අප කටයුතු කරන්නේ නැහැ. ජනතාව සෑම අවස්ථාවකම අප සමග සිටින බව මට විශ්වාසයි."

 මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා,වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ළමා හා කාන්තා අපයෝජන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය,ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය උදයකුමාර අමරජීව මහතා, රාජ්‍ය සහ පෞද්ගලික ස්වේච්ඡා සංවිධාන වල නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
මහජන ආරක්‍ෂක අමාත්‍යංශය








සම්බන්ධිත පුවත් | Related News

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන පසුව ඇපමත මුදාහැර සිටි සැකකරුවන් දසදෙනකු සහ සැකකාරියන් දෙදෙනෙකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කළේය.
අද (17) දිනයේ ගාල්ල, මීගමුව හා වේයන්ගොඩ වැනි කෙටි මාර්ගවල පමණක් දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නීතීඥවරයා විසින් තමා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
යුද්ධයෙන් ආදරණීයයන් අහිමි වූ සියලු දෙනාගේ ශෝකය හඳුනාගෙන එයට ගරුකරන නමුත් අනුස්මරණ මුවාවෙන් ත්‍රස්තවාදය උත්කර්ෂයට නැංවීමට දැඩිලෙස විරුද්ධ වන බව ජාතික ඒකාබද්ධ කමිටුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
කොටහේන ප්‍රදේශයේ පදිංචි දැරියක් සියදිවි හානිකර ගැනීමේ සිද්ධියේ සැකකාර පාසල් ගුරුවරයා තවමත් මහජන බදු මුදලින් වැටුප් ලබමින් සිටින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.
පසුගිය රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.
චීන වෙළඳ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මෙම මස අවසානයේදී මෙරට සංචාරයක නිරත වීමට නියමිත අතර ඔහු සමග එරට සමාගම් 77ක ව්‍යාපාරික නියෝජිතයින් 115 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද එම සංචාරයට එක්වීමට නියමිත බව වාර්තා වේ.
ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.