
භාණ්ඩ 97කට අලුතින් වැට්... ජීවන බර සමග උද්ධමනයත් ඉහළට
භාණ්ඩ හා සේවා මත අය කරන එකතු කළ අගය මත බදු (වැට්) අනුපාතය සියයට 18 දක්වා වැඩිවීම අද (01දා) සිට ක්‍රියාත්මක වේ.
දැනට පවතින වැට් බදු අනුපාතිකය සියයට 15 ක් වන අතර මේ අනුව දැනට වැට් බද්ද අදාළ වන භාණ්ඩවල බදු ප්‍රතිශතය සියයට 3 කින් ඉහළ යනු ලබයි.
එසේම දැනට වැට් බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත අලුතින් සියයට 18 කින් එම බද්ද පැනවීම ද සිදු වේ. භාණ්ඩ වර්ග 97 ක් සඳහා මේ අනුව අලුතින් වැට් බදු පැනවීමත් සමග එම භාණ්ඩ අලුතින් සියයට 18 ක වැට් බදු වැඩිවීමකට යටත් වේ.
මෙතෙක් වැට් බදු අය නොවුණු ඩීසල්, පෙට්‍රල් සහ ගෑස් යන භාණ්ඩ සඳහා ද වැට් බදු අදාළ වන අතර මෙතෙක් ඩීසල්, පෙට්‍රල් මත අය කළ සියයට 7.5 ක්වූ වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද ඉවත් වන බැවින් එම මිල ගණන් සියයට 18 කින්ම වැඩි නොවන බව ද රජය කියයි.
මේ බදු යෝජනා අද සිට ක්‍රියාත්මක වීමත් සමග අදාළ භාණ්ඩ මිල ගණන් අදාළ ප්‍රතිශතයන්ගෙන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ද ඒ අනුව මහජනයාගේ ජීවන බර තවත් සැලකිය යුතු ලෙස වැඩිවනු ඇතැයි ද ආර්ථික හා මූල්‍ය විශ්ලේෂකයෝ පවසති.
මෙම බදු සංශෝධනයේ ඍජු සහ වක්‍ර බලපෑම් සියල්ලම සලකා බැලීමෙන් අනතුරුව සියයට 2-3 ත් අතර ප්‍රමාණයක උද්ධමනය වැඩි වීමක් සිදුවෙතැයි පුරෝකථනය කර තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
අලුතින් භාණ්ඩවලට වැට් බද්ද අදාළ කිරීම නිසා වැට් බදු නිදහස් භාණ්ඩ ලැයිස්තුව අඩු වුවත් තවදුරටත් අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, සියලුම එළවළු සහ පළතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් බවත්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති හාල්මැස්සන්, ලොකු ලූනු, කරවල වැනි අයිතම වර්ග 65ක් සඳහා වැට් බද්ද අදාළ නොවන බවත් රජය පවසයි.
රාජ්‍ය බදු ආදායම වර්ධනය කර ගැනීම සඳහා බදු ප්‍රතිපත්ති ගණනාවක් ක්‍රියාත්මක කිරීම නිසා 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වසරේ මුල් මස 09 තුළ රජයේ බදු ආදායම සියයට 51 කින් ඉහළ ගොස් තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
