
කියුබානු විප්ලවයේ 65 වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් උත්සවයක් මෙරටදී
65 වන කියුබානු විප්ලව දින සැමරුම වෙනුවෙන් අද(31) දින මෙරට කියුබානු තානාපති කාර්යාලයේ දී චාම් උත්සවයක් සංවිධානය කර තිබිණි.
ඒ සඳහා කියුබානු තානාපති අන්ද්‍රෙස් ගොන්සාලෙස් ගරීදො මහතා එක්ව සිටි අතර, ඒ මහතා එහිදී පවසා සිටියේ ඉකුත් කාලසීමාවේ ඇතිවූ කොවිඩ් වසංගතය හේතුවෙන් කියුබානු ආර්ථිකයේ යම් පසුබෑමක් ඇති වුවද, අද වන විට එම තත්ත්වය වෙනස් වෙමින් පවතින බවයි.
එසේම වසර 31 ක් තිස්සේ කියුබාවට විරුද්ධව පනවා තිබූ සම්බාධක ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කළ බවත් 31 වතාවක දීම එම යෝජනාව ජයගත් බවත්, පසුගිය වසරේ දී එම යෝජනාවට අමෙරිකාව හා ඊශ්‍රායලය පමණක් විරුද්ධ වූ බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
කලාපයේ හා ලෝකයේ හොඳම මානුෂීය රට බවට කියුබාව පත්වී ඇති බව සංගණන වර්තාවලින් පෙන්වා දී ඇති බවත් කියුබානු තානාපතිවරයා පවසයි.
මෙහිදී ලංකා සමසමාජ පක්ෂයේ මහ ලේකම් තිස්ස විතාරණ මහතා පවසා සිටියේ කියුබාව අමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී කඳවුරට එරෙහිව දක්වන සටන්කාමීත්වය මෙරටට ද ආදර්ශයක් බවය. 'දියෝගාෂියා' දිවයින අමෙරිකාව අහිමි වීමත් සමග අමෙරිකාව ශ්‍රී ලංකාව දෙසට ඉව අල්ලමින් සිටින බවත්, ඒ සඳහා මෙරට නායකයන් ද සාහය දක්වන බවත් ඒ මහතා මෙහිදී පැවසීය. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අමෙරිකානු පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ එම සහාය සපයන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියේ ය.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සුනිල් හඳුන්නෙත්ති, සම සමාජ පක්ෂය නියෝජනය කරමින් මහාචාර්ය තිස්ස විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, තිලංග සුමතිපාල, ඩලස් අලහප්පෙරුම මෙන්ම ජාතික නිදහස් පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් සභිකයන් ද එක්ව සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
