හිමාලයා ප්‍රකාශනයට එල්ලවන විරෝධය යටපත් කිරීමට ජනමාධ්‍ය වාරණයක්!
හිමාලයා ප්‍රකාශයට එරෙහිව සහ ඊට පක්ෂපාතිත්වය දක්වන භික්ෂූන්ට මෙන්ම එම ප්‍රකාශයට තම මතය පළ නොකරන නායක හිමිවරුන්ට සහ දේශපාලන පක්ෂ වලට විරෝධය පළ කරමින් විවිධ පාර්ශව මේ වන විට අදහස් දක්වන්නට කටයුතු කරමින් සිටී.ඒ අතරින් පසුගිය 29 වනදා මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැ දැක හිමාලයා ප්‍රකාශනයේ බරපතලකම පිළිබඳව සහ ඒ මගින් සිදු කෙරෙන පාවාදීම පිළිබඳව කරුණු දැක්වීමට ගරුතර මහා සංඝ රත්නය සහ ජාතික සංවිධාන නායකයින් සහභාගි වූ බව ලංකා ලීඩර් වෙබ් අඩවවියට වාර්තා විය.එම අවස්ථාවට ජාතික විද්වත් භික්ෂු සංසදය නියෝජනය කරමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, හෑගොඩ විපස්සී හිමි, මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්ද්‍රසර හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා රාශියක් සහභාගි වී ඇත්තාහ. ඊට අමතරව ජාතික සංවිධාන නියෝජනය කරමින් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා, ජේෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා, ආචාර්ය සුදත් ගුණසේකර මහතා, වෛද්‍ය වසන්ත බණ්ඩාර,ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් යසස් ධර්මදාස මහතා නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය සහ නීතිඥ එස් කේ ඒ එස් සේනානායක මහතා ඇතුළු ප්‍රභල පිරිසක් සහභාගි වූ බවද අප වෙත වාර්තා වේ. එහිදී අස්ගිරි සහ මල්වතු පාර්ශවවල මහනායක හිමිවරුන් වෙත සහ අනුනායක හිමිවරුන් වෙත ඉතා දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමට අමතරව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා ඇති බවද වාර්තාවේ. එම අවස්ථාවට සියළුම මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් සහභාගි වෙමින් මාධ්‍යවේදීන් විශේෂ උනන්දුවකින් ප්‍රශ්න ඇසූ බවද අප වෙත වාර්තා විය. එහෙත් මේ දක්වා කිසිදු මාධ්‍යක එම පුවත් පත් සාකච්ඡාව ප්‍රචාරය නොවීම පිළිබඳව සහ මාධ්‍යවේදීන්ගෙන් තොරතුරු ලබා ගැනීමේ අපහසුතාවය පිළිබන්දව අප විසින් සොයා බලන ලදී.
එහිදී නම සඳහන් කිරීමට අකමැති වූ මාධ්‍යවේදියෙකු ලංකා ලීඩර් වෙත පවසා සිටියේ හිමාලයා ප්‍රකාශනයට විරෝධය දැක්වීම පිළිබඳ ප්‍රවෘත්ති පල නොකරන ලෙස මාධ්‍ය ආයතන වලට ප්‍රභල බලපෑමක් එල්ල වී ඇති බවයි. පුද්ගලිකව පටිගත කරන ලද එක් වීඩියෝවක් පමණක් ලංකා ලීඩර් වෙත ලැබුණු අතර එය පල කිරීමට අප කටයුතු කළද අදාළ මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝ දර්ශන අප වෙත මෙත්ක් ලැබී නැත. එයද ජනමාධ්‍ය වෙත පැන වූ විරෝධයේ ප්‍රතිඵලයක් යන්න අපගේ වැටහීමයි.
භික්ෂූන් හත් නමකගේ මහා පාවාදීම හෙවත් 'හිමාලයා ප්‍රකාශනය'ට එරෙහිව ජාතික විද්වද් භික්ෂු සංසදය පෙළ ගැසෙති (වීඩියෝ)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු