
IMF ගිවිසුමට ජාත්‍යාන්තර සහාය ඉතා වැදගත්... ඉහළ ගිය බඩු මිල අඩුකරන්න බැහැ... ආදායම වැඩිකරගත යුතුයි - මහ බැංකු අධිපති කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම අඛන්ඩව ඉදිරියට රැගෙන යාම ජාත්‍යන්තර සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඊයේ(29) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට ණය ලබා දී තිබෙන රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ණය සහන සහ සහතික ලබාදී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී තිබෙන වැඩසටහන ඉදිරියට යෑමේ පදනම මත බව ඒ මහතා එහිදී පැවැසුවේය.
ඕනෑම රජයකට ඉදිරි වසර හතරක කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර කාලයට ඔබින පරිදි ප්‍රතිපත්ති වෙනස් කර ගැනීම හැකියාව තිබෙන බවද ඔහු එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගැන යෑම මෙරට අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරියට යෑමට අකැමැති පාර්ශ්ව ඒ සඳහා තිබෙන විකල්පයද ප්‍රකාශ කළ යුතු බවත් මහබැංකු අධිපතිවරයා පැවසුවේය.
ඉහළ ගිය බඩු මිලට මුහුණ දීමට තිබෙන එකම විකල්පය නම් ඊට සාපේක්ෂව ආදායම වැඩි කර ගැනීම බවත් කවුරුන් හෝ දීර්ඝකාලීනව බඩු මිල අඩු කරන බව පවසනවා නම් එය අසත්‍යයක් බවත් ඔහු පවසයි.
ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත් වුවහොත් බරපතල ගැටළු රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
