News Category
From Date
To Date
Maximum Number of Result

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඩොලර් උමතුව සහ නන්දලාල්ගේ මූල්‍ය සූදුව ශ්‍රී ලංකාවේ ආර්ථික කඩෙත්තුව තවත් ගැඹුරු කරනවා!

May 22, 2026 at 10:21 PM
|

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඩොලර් උමතුව සහ නන්දලාල්ගේ මූල්‍ය සූදුව ශ්‍රී ලංකාව ආර්ථික කඩෙත්තුව තවත් ගැඹුරු කරනවා!

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් ජගත් මාධ්‍යවල සිරස්තල බවට පත් නොවිය හැකි නමුත් සාමාන්‍ය පුරවැසියන්ට ආර්ථික අර්බූදයෙන් දැනෙන වේදනාව අවසන් වී නැත. රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම, ජීවන වියදම් ඉහළ යාම, මිලදී ගැනීමේ ශක්තිය දුර්වල වීම සහ විදේශ මූල්‍ය නියෝග මත යැපීම නැවත වරක් දුෂ්කර ප්‍රශ්නයක් මතු පිටට ගෙනැවිත් තිබේ. එනම්, 'ශ්‍රී ලංකාවේ ආර්ථික කළමනාකරුවන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ වැරදි මාර්ගයක් තෝරා ගත්තේද?, යන්නයි.

දේශපාලන ආර්ථික විචාරකයින්ගේ විවේචනයට අනුව, ප්‍රතිසාධන උපාය මාර්ගයේ විශාලතම ප්‍රතිපත්ති අසාර්ථකත්වයක් වූයේ ශ්‍රී ලංකාව කලාපීය ආර්ථික යථාර්ථයන්ට වඩාත් ගැලපෙන විවිධාංගීකරණය වූ මුදල් රාමුවක හැකියාව නොසලකා හරිමින් එක්සත් ජනපද ඩොලරය මත අධික ලෙස යැපීමක් පවත්වා ගැනීමට ගත් තීරණය මේ තත්වයට බලපා ඇති බවයි.

ඔවුන් නගන ඉහත කී විවේචනයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ආචාර්ය නන්දලාල් වීරසිංහය. මෙම දෙපල දැඩි ආර්ථික ප්‍රතිපත්ති, පොලී අනුපාත ඉහළ දැමීම, වෙළඳපොළ අනුව විනිමය අනුපාතය තීරණය කිරීම, සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ඇති ආර්ථික ස්ථාවරතා වැඩසටහන් අනුගමනය කිරීම සඳහා සහය දුන්හ. දැන් බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙම ප්‍රතිපත්ති නිසා රටට විශාල සමාජ හා ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවූ බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හඳුන්වාදුන් වැඩසටහන යම් ප්‍රමාණයකට සාර්ව ආර්ථික පිළිවෙලක් යථා තත්ත්වයට පත් කිරීමට සහ විදේශ සංචිත නැවත ගොඩනැගීමට සමත් වූ නමුදු එයට විරුද්ධවන පිරිස් තර්ක කරන්නේ එය දේශීය ආර්ථික ස්ථාවරත්වය කැප කිරීමෙන් සහ ශ්‍රී ලංකාව ගෝලීය ඩොලර් අස්ථාවරත්වයේ සම්පූර්ණ බලයට නිරාවරණය කිරීමෙන් ලබාගත් එකක් බවයි.

එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය ඉහළ පොලී අනුපාත පවත්වා ගෙන ගිය අතර ඩොලරය ගෝලීය වශයෙන් ශක්තිමත් වූ විට, ශ්‍රී ලංකාවේ රුපියල නිරන්තර පීඩනයකට ලක් විය. ප්‍රතිඵලය අපේක්ෂිත එකක් විය. එනම්, ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගියේය, ව්‍යාපාරවල වියදම් වැඩි විය එලෙසම සාමාන්‍ය ජනතාවට ඖෂධ හා ආහාර වැනි ද්‍රව්‍ය සඳහා වැඩි මිලක් ගෙවීමට සිදු විය.

වර්තමානයේ ශ්‍රී ලංකාව අනුගමනය කරමින් සිටින මෙම උපාය මාර්ගය ප්‍රශ්න කරන ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ වෙළඳ හා මූල්‍ය සබඳතා තවදුරටත් බටහිර රටවල පමණක් ආධිපත්‍යය දරන්නක් නොවන බවයි. ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවන්, ණය දෙන්නන් සහ ආයෝජකයින් අතර සිටී. කෙසේ වෙතත්, ප්‍රතිපත්ති සම්පාදකයන් චීන යුවාන්, ඉන්දීය රුපියල් සහ ඇමරිකානු ඩොලරය එකට භාවිතා කරන පාලිත මුදල් ක්‍රමයක් ගැන ගැඹුරින් සලකා බැලුවේ නැත.

එවැනි ක්‍රමයක්, ඩොලර් සංචිත මත පීඩනය අඩු කිරීමට, වෙළඳ පියවීම් ස්ථාවර කිරීමට සහ රුපියල එක්සත් ජනපද මූල්‍ය කම්පනවලට අධික ලෙස නිරාවරණය වීමෙන් ආරක්ෂා කිරීමට ඉඩ දෙන බවට තර්කයක් නැත.

විහිළුවට කාරණය නම්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලම සමහර රටවල් වලට මුදල් කිහිපයක් එකට භාවිතා කරන විනිමය ක්‍රම අනුමත කිරීමයි. උදාහරණයක් ලෙස කුවේටය මුදල් කූඩයක් (Currency Basket) පදනම් කරගත් විනිමය ක්‍රමයක් භාවිතා කරයි. මොරොක්කෝව තම මුදල් ක්‍රමය සඳහා යුරෝ සහ ඇමරිකානු ඩොලරය එකට භාවිතා කරයි. චීනය ද යුවාන් මුදල පාලනය කිරීමට මුදල් කිහිපයක එකතුවක් භාවිතා කරයි. එහෙත් නූතන ඉතිහාසයේ නරකම ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටියදී පවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව ඩොලර් කේන්ද්‍රීය ස්ථායිකරණ ආකෘතියකට ඵලදායී ලෙස තල්ලු කරනු ලැබුවේය.

දේශපාලන ආර්ථික විචාරකයින් පවසන්නේ මෙය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි වැඩසටහන් තුළ ගැඹුරු ව්‍යුහාත්මක නැඹුරුවක් පිළිබිඹු කරන බවයි. එනම්, එය දිගුකාලීන මූල්‍ය ස්වෛරීභාවය සහ කලාපීය ඒකාබද්ධතාවයට වඩා මූල්‍ය සම්ප්‍රදාය සහ ණයහිමියාගේ විශ්වාසය රැකීමට ප්‍රමුඛත්වය ලබාදෙයි.

නන්දලාල් වීරසිංහ යටතේ මහ බැංකුව ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික හා ආර්ථික යථාර්ථයන්ට ගැලපෙන අද්විතීය ශ්‍රී ලාංකික උපාය මාර්ගයක් සංවර්ධනය කිරීමට අපොහොසත් වන අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වට්ටෝරු සමඟ අධික ලෙස පෙළ ගැසුණාද යන්න පිළිබඳව ද දැන් ප්‍රශ්න මතු වෙමින් පවතී.

බොහෝ ව්‍යාපාර සඳහා, ප්‍රතිවිපාක විනාශකාරී වී ඇත. ආනයන මත යැපෙන සමාගම් අඛණ්ඩව අස්ථාවර මිලකරණයට මුහුණ දෙයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ඉහළ ණය ගැනීමේ පිරිවැය සහ දුර්වල පාරිභෝගික ඉල්ලුම අතර සිරවී සිටී. 2022 බිඳවැටීමෙන් දිවි ගලවා ගත් පවුල් නැවත වරක් මුදල් දුර්වලතාවය සහ උද්ධමනය හේතුවෙන් ඔවුන්ගේ ඉතුරුම් ඛාදනය වන ආකාරය දකිමින් සිටිති.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කළ වැඩසටහනට සහාය දෙන්නන් පවසන්නේ ශ්‍රී ලංකාවට ඒ මොහොටේදී වෙනත් විකල්පයක් නොතිබූ බවත්, ණය ගෙවීමට අසමත් වූ පසු ජාත්‍යන්තර විශ්වාසය නැවත ලබාගැනීමට අවශ්‍ය වූ බවත්ය. නමුත් එයට විරුද්ධ විවේචකයන් පවසන්නේ ජාතික ආර්ථික තීරණවල ස්වාධීනත්වය රැක නොගෙන ආර්ථිකය ස්ථාවර කිරීමෙන් අනාගත අර්බුද ප්‍රමාදවීම පමණක් සිදුවන බවයි.

එල්ල වන කේන්ද්‍රීය චෝදනාව වඩාත් තීවර වෙමින් පවතී. එනම්, ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය විසඳුණත්, මුදල් සහ විනිමය පාලනය අතින් රට තවදුරටත් දුර්වල හා අනන්‍යයන් මත රඳා පවතින තත්ත්වයකට පත්වී ඇත යන්නයි.

ගෝලීය වෙළඳාම වැඩි වැඩියෙන් බහු ධ්‍රැවීය මුදල් විධිවිධාන සහ කලාපීය බේරුම්කරණයන් වෙත මාරු වන විට, අවස්ථාව ලැබුණු විට වඩාත් සමබර මූල්‍ය රාමුවක් ගොඩනැගීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවසානයේ කනගාටු වීමට සිදුවනු ඇත.

ආර්ථික බිඳවැටීමෙන් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින ජාතියකට, දැන් බිය උපදවන්නේ තනි විදේශ මුදල් ඒකකයක් මත යැපීම - සහ බාහිරව නිර්මාණය කරන ලද ප්‍රතිපත්ති රාමු කෙරෙහි අන්ධ විශ්වාසය - ඉදිරි වසර ගණනාව තුළ රට අස්ථාවරත්වයේ චක්‍රවල සිර කර තබා ගැනීම දිගටම කරගෙන යා හැකි බවටයි. 

Ceylon Independent වෙබ් අඩවියේ පලවූ  Sienna De Silva විසින් රචිත IMF’s Dollar Obsession and Nandalal’s Monetary Gamble Push Sri Lanka Deeper Into Economic Pain  

ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය ජීවන්ත ජයතිස්ස 

සම්බන්ධිත පුවත් | Related News

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සහ ඒ හේතුවෙන් ඉහළ යන ඉන්ධන මිල හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන සාර්ව ආර්ථික දර්ශක මේ වන විට ධනාත්මක දිශාවකට ගමන් කරමින් පැවතුණද, එම වර්ධනය රටේ සියලුම ව්‍යාපාර ආයතනවලට එකසේ සුබදායී නොවන බව ප්‍රමුඛ ආර්ථික පර්යේෂණ ආයතනයක් වන Frontier Research අනාවරණය කරයි.
ඇමරිකාවේ ඩීසල් වල සාමාන්‍ය මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් නව සර්වකාලීන ඉහළම අගයක් වාර්තා කරමින්, ගැලුමකට ඩොලර් 6.31ක් (ලීටර් 3.8ක් පමණ) හෙවත් ඩීසල් ලීටරයක් අමෙරිකානු ඩොලර් 1.67 දක්වා ඉහළ ගොස් ඇති බව, ඊයේ(16) දිනයේදී ජාත්‍යන්තර විශ්ලෙෂකයන් විසින් ඇමරිකානු මෝටර් රථ සංගමයේ (AAA ) දත්ත අධ්‍යයනය කිරීමෙන් පසුව පවසා ඇතැයි වාර්තා වේ.
මැද පෙරදිග කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින යුදමය හා දේශපාලනික නොසන්සුන්තාව හමුවේ කලාපීය මුදල් ඒකක අතුරින් වැඩිම බලපෑමට ලක්වූ මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන්, ව්‍යාපාරිකයන් සහ සමාජයේ පිළිගත් පුද්ගලයන් ඇතුළු විවිධ වෘත්තීය කණ්ඩායම්වල පුද්ගලයන්ගේ WhatsApp ගිණුම් සයිබර් අපරාධකරුවන් විසින් අනවසරයෙන් අත්පත් කර ගැනීමේ (hacking) සිද්ධීන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.
පුනර්ජනනීය බලශක්ති උපදේශකයින් වසර ගණනාවක සිට පැවසූ දේ සත්‍යයක් කරමින් ඕස්ට්‍රේලියාවේ විදුලි මිල පහත වැටී තිබේ.
ව්‍යාපාරික ලෝකයේ හැම සුදූ කෙළියක්ම හැමෝටම එකලෙස ජය ගෙනෙන්නේ නැත. පසුගියදා LOLC සමූහය මාලදිවයිනේ හෝටලයක් විකුණා ඩොලර් මිලියන 57ක දැවැන්ත ලාභයක් ලබද්දී, ලංකාවේ පැරණිතම බහුජාතික සමාගමක් වන හේලීස් (Hayleys PLC) සමූහයට මාලදිවයිනෙන් අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමකි.
"අපි තවත් හිස් ගමන් මලු කිහිපයක් ගෙන ආ යුතුව තිබුණා," යැයි ලෝක සංචාරක හා සංචරණ කවුන්සිලයේ සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ග්ලෝරියා ගුවේවාරා බදාදා චීන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.
“සමගි කැපිටල් (පුද්ගලික) සමාගම” (Samagi Capital (Private) Limited) නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ කොටස් තැරැව්කාර හෝ කොටස් වෙළෙඳ කටයුතු සිදු කිරීම සඳහා බලපත්‍රලාභී ආයතනයක් නොවන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..

මහා සංඝරත්නයට සහ පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ රැඳී සිටීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතාඅභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.