News Category
From Date
To Date
Maximum Number of Result

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඩොලර් උමතුව සහ නන්දලාල්ගේ මූල්‍ය සූදුව ශ්‍රී ලංකාවේ ආර්ථික කඩෙත්තුව තවත් ගැඹුරු කරනවා!

May 22, 2026 at 10:21 PM
|

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඩොලර් උමතුව සහ නන්දලාල්ගේ මූල්‍ය සූදුව ශ්‍රී ලංකාව ආර්ථික කඩෙත්තුව තවත් ගැඹුරු කරනවා!

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් ජගත් මාධ්‍යවල සිරස්තල බවට පත් නොවිය හැකි නමුත් සාමාන්‍ය පුරවැසියන්ට ආර්ථික අර්බූදයෙන් දැනෙන වේදනාව අවසන් වී නැත. රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම, ජීවන වියදම් ඉහළ යාම, මිලදී ගැනීමේ ශක්තිය දුර්වල වීම සහ විදේශ මූල්‍ය නියෝග මත යැපීම නැවත වරක් දුෂ්කර ප්‍රශ්නයක් මතු පිටට ගෙනැවිත් තිබේ. එනම්, 'ශ්‍රී ලංකාවේ ආර්ථික කළමනාකරුවන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ වැරදි මාර්ගයක් තෝරා ගත්තේද?, යන්නයි.

දේශපාලන ආර්ථික විචාරකයින්ගේ විවේචනයට අනුව, ප්‍රතිසාධන උපාය මාර්ගයේ විශාලතම ප්‍රතිපත්ති අසාර්ථකත්වයක් වූයේ ශ්‍රී ලංකාව කලාපීය ආර්ථික යථාර්ථයන්ට වඩාත් ගැලපෙන විවිධාංගීකරණය වූ මුදල් රාමුවක හැකියාව නොසලකා හරිමින් එක්සත් ජනපද ඩොලරය මත අධික ලෙස යැපීමක් පවත්වා ගැනීමට ගත් තීරණය මේ තත්වයට බලපා ඇති බවයි.

ඔවුන් නගන ඉහත කී විවේචනයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ආචාර්ය නන්දලාල් වීරසිංහය. මෙම දෙපල දැඩි ආර්ථික ප්‍රතිපත්ති, පොලී අනුපාත ඉහළ දැමීම, වෙළඳපොළ අනුව විනිමය අනුපාතය තීරණය කිරීම, සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ඇති ආර්ථික ස්ථාවරතා වැඩසටහන් අනුගමනය කිරීම සඳහා සහය දුන්හ. දැන් බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙම ප්‍රතිපත්ති නිසා රටට විශාල සමාජ හා ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවූ බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හඳුන්වාදුන් වැඩසටහන යම් ප්‍රමාණයකට සාර්ව ආර්ථික පිළිවෙලක් යථා තත්ත්වයට පත් කිරීමට සහ විදේශ සංචිත නැවත ගොඩනැගීමට සමත් වූ නමුදු එයට විරුද්ධවන පිරිස් තර්ක කරන්නේ එය දේශීය ආර්ථික ස්ථාවරත්වය කැප කිරීමෙන් සහ ශ්‍රී ලංකාව ගෝලීය ඩොලර් අස්ථාවරත්වයේ සම්පූර්ණ බලයට නිරාවරණය කිරීමෙන් ලබාගත් එකක් බවයි.

එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය ඉහළ පොලී අනුපාත පවත්වා ගෙන ගිය අතර ඩොලරය ගෝලීය වශයෙන් ශක්තිමත් වූ විට, ශ්‍රී ලංකාවේ රුපියල නිරන්තර පීඩනයකට ලක් විය. ප්‍රතිඵලය අපේක්ෂිත එකක් විය. එනම්, ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගියේය, ව්‍යාපාරවල වියදම් වැඩි විය එලෙසම සාමාන්‍ය ජනතාවට ඖෂධ හා ආහාර වැනි ද්‍රව්‍ය සඳහා වැඩි මිලක් ගෙවීමට සිදු විය.

වර්තමානයේ ශ්‍රී ලංකාව අනුගමනය කරමින් සිටින මෙම උපාය මාර්ගය ප්‍රශ්න කරන ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ වෙළඳ හා මූල්‍ය සබඳතා තවදුරටත් බටහිර රටවල පමණක් ආධිපත්‍යය දරන්නක් නොවන බවයි. ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවන්, ණය දෙන්නන් සහ ආයෝජකයින් අතර සිටී. කෙසේ වෙතත්, ප්‍රතිපත්ති සම්පාදකයන් චීන යුවාන්, ඉන්දීය රුපියල් සහ ඇමරිකානු ඩොලරය එකට භාවිතා කරන පාලිත මුදල් ක්‍රමයක් ගැන ගැඹුරින් සලකා බැලුවේ නැත.

එවැනි ක්‍රමයක්, ඩොලර් සංචිත මත පීඩනය අඩු කිරීමට, වෙළඳ පියවීම් ස්ථාවර කිරීමට සහ රුපියල එක්සත් ජනපද මූල්‍ය කම්පනවලට අධික ලෙස නිරාවරණය වීමෙන් ආරක්ෂා කිරීමට ඉඩ දෙන බවට තර්කයක් නැත.

විහිළුවට කාරණය නම්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලම සමහර රටවල් වලට මුදල් කිහිපයක් එකට භාවිතා කරන විනිමය ක්‍රම අනුමත කිරීමයි. උදාහරණයක් ලෙස කුවේටය මුදල් කූඩයක් (Currency Basket) පදනම් කරගත් විනිමය ක්‍රමයක් භාවිතා කරයි. මොරොක්කෝව තම මුදල් ක්‍රමය සඳහා යුරෝ සහ ඇමරිකානු ඩොලරය එකට භාවිතා කරයි. චීනය ද යුවාන් මුදල පාලනය කිරීමට මුදල් කිහිපයක එකතුවක් භාවිතා කරයි. එහෙත් නූතන ඉතිහාසයේ නරකම ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටියදී පවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව ඩොලර් කේන්ද්‍රීය ස්ථායිකරණ ආකෘතියකට ඵලදායී ලෙස තල්ලු කරනු ලැබුවේය.

දේශපාලන ආර්ථික විචාරකයින් පවසන්නේ මෙය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි වැඩසටහන් තුළ ගැඹුරු ව්‍යුහාත්මක නැඹුරුවක් පිළිබිඹු කරන බවයි. එනම්, එය දිගුකාලීන මූල්‍ය ස්වෛරීභාවය සහ කලාපීය ඒකාබද්ධතාවයට වඩා මූල්‍ය සම්ප්‍රදාය සහ ණයහිමියාගේ විශ්වාසය රැකීමට ප්‍රමුඛත්වය ලබාදෙයි.

නන්දලාල් වීරසිංහ යටතේ මහ බැංකුව ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික හා ආර්ථික යථාර්ථයන්ට ගැලපෙන අද්විතීය ශ්‍රී ලාංකික උපාය මාර්ගයක් සංවර්ධනය කිරීමට අපොහොසත් වන අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වට්ටෝරු සමඟ අධික ලෙස පෙළ ගැසුණාද යන්න පිළිබඳව ද දැන් ප්‍රශ්න මතු වෙමින් පවතී.

බොහෝ ව්‍යාපාර සඳහා, ප්‍රතිවිපාක විනාශකාරී වී ඇත. ආනයන මත යැපෙන සමාගම් අඛණ්ඩව අස්ථාවර මිලකරණයට මුහුණ දෙයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ඉහළ ණය ගැනීමේ පිරිවැය සහ දුර්වල පාරිභෝගික ඉල්ලුම අතර සිරවී සිටී. 2022 බිඳවැටීමෙන් දිවි ගලවා ගත් පවුල් නැවත වරක් මුදල් දුර්වලතාවය සහ උද්ධමනය හේතුවෙන් ඔවුන්ගේ ඉතුරුම් ඛාදනය වන ආකාරය දකිමින් සිටිති.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කළ වැඩසටහනට සහාය දෙන්නන් පවසන්නේ ශ්‍රී ලංකාවට ඒ මොහොටේදී වෙනත් විකල්පයක් නොතිබූ බවත්, ණය ගෙවීමට අසමත් වූ පසු ජාත්‍යන්තර විශ්වාසය නැවත ලබාගැනීමට අවශ්‍ය වූ බවත්ය. නමුත් එයට විරුද්ධ විවේචකයන් පවසන්නේ ජාතික ආර්ථික තීරණවල ස්වාධීනත්වය රැක නොගෙන ආර්ථිකය ස්ථාවර කිරීමෙන් අනාගත අර්බුද ප්‍රමාදවීම පමණක් සිදුවන බවයි.

එල්ල වන කේන්ද්‍රීය චෝදනාව වඩාත් තීවර වෙමින් පවතී. එනම්, ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය විසඳුණත්, මුදල් සහ විනිමය පාලනය අතින් රට තවදුරටත් දුර්වල හා අනන්‍යයන් මත රඳා පවතින තත්ත්වයකට පත්වී ඇත යන්නයි.

ගෝලීය වෙළඳාම වැඩි වැඩියෙන් බහු ධ්‍රැවීය මුදල් විධිවිධාන සහ කලාපීය බේරුම්කරණයන් වෙත මාරු වන විට, අවස්ථාව ලැබුණු විට වඩාත් සමබර මූල්‍ය රාමුවක් ගොඩනැගීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවසානයේ කනගාටු වීමට සිදුවනු ඇත.

ආර්ථික බිඳවැටීමෙන් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින ජාතියකට, දැන් බිය උපදවන්නේ තනි විදේශ මුදල් ඒකකයක් මත යැපීම - සහ බාහිරව නිර්මාණය කරන ලද ප්‍රතිපත්ති රාමු කෙරෙහි අන්ධ විශ්වාසය - ඉදිරි වසර ගණනාව තුළ රට අස්ථාවරත්වයේ චක්‍රවල සිර කර තබා ගැනීම දිගටම කරගෙන යා හැකි බවටයි. 

Ceylon Independent වෙබ් අඩවියේ පලවූ  Sienna De Silva විසින් රචිත IMF’s Dollar Obsession and Nandalal’s Monetary Gamble Push Sri Lanka Deeper Into Economic Pain  

ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය ජීවන්ත ජයතිස්ස 

සම්බන්ධිත පුවත් | Related News

මැද පෙරදිග කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින යුදමය හා දේශපාලනික නොසන්සුන්තාව හමුවේ කලාපීය මුදල් ඒකක අතුරින් වැඩිම බලපෑමට ලක්වූ මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන්, ව්‍යාපාරිකයන් සහ සමාජයේ පිළිගත් පුද්ගලයන් ඇතුළු විවිධ වෘත්තීය කණ්ඩායම්වල පුද්ගලයන්ගේ WhatsApp ගිණුම් සයිබර් අපරාධකරුවන් විසින් අනවසරයෙන් අත්පත් කර ගැනීමේ (hacking) සිද්ධීන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.
පුනර්ජනනීය බලශක්ති උපදේශකයින් වසර ගණනාවක සිට පැවසූ දේ සත්‍යයක් කරමින් ඕස්ට්‍රේලියාවේ විදුලි මිල පහත වැටී තිබේ.
ව්‍යාපාරික ලෝකයේ හැම සුදූ කෙළියක්ම හැමෝටම එකලෙස ජය ගෙනෙන්නේ නැත. පසුගියදා LOLC සමූහය මාලදිවයිනේ හෝටලයක් විකුණා ඩොලර් මිලියන 57ක දැවැන්ත ලාභයක් ලබද්දී, ලංකාවේ පැරණිතම බහුජාතික සමාගමක් වන හේලීස් (Hayleys PLC) සමූහයට මාලදිවයිනෙන් අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමකි.
"අපි තවත් හිස් ගමන් මලු කිහිපයක් ගෙන ආ යුතුව තිබුණා," යැයි ලෝක සංචාරක හා සංචරණ කවුන්සිලයේ සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ග්ලෝරියා ගුවේවාරා බදාදා චීන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.
“සමගි කැපිටල් (පුද්ගලික) සමාගම” (Samagi Capital (Private) Limited) නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ කොටස් තැරැව්කාර හෝ කොටස් වෙළෙඳ කටයුතු සිදු කිරීම සඳහා බලපත්‍රලාභී ආයතනයක් නොවන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම නිල විනිමය අනුපාත දත්ත වලට අනුව, පෙර දිනට සාපේක්ෂව අද දිනයේදී ඇමෙරිකානු ඩොලරය, ස්ටර්ලින් පවුම සහ යුරෝ ඇතුළු ප්‍රධාන විදේශීය ව්‍යවහාර මුදල් කිහිපයකම අගයන් රුපියලට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අද (01) දින නිල විනිමය අනුපාත අගයන්ට අනුව, ප්‍රධාන විදේශීය ව්‍යවහාර මුදල් කිහිපයකම මිල ගණන් ඉහල ගොස් තිබේ.
2026 මැයි මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රදේශය සඳහා වන මාසික පාරිභෝගික උද්ධමන අනුපාත වාර්තාව අද දින ප්‍රකාශයට පත් කර ඇත.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.