
ශ්‍රීලංකන් කොටස් ගැන තීන්දුවක් ගන්න අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවයි
ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සමාගමේ අතිවිශේෂ මහා සභා රැස්වීමක් 2024 ජනවාරි මස 09 වන අඟහරුවාදා දින ප.ව. 3.00ට පවත්වනු ලබන බව සමාගමේ ලේකම් මෙන්ම ආයතනික ලේකම්, සේවාවන්හී සමූහ ප්‍රධානීද වන ඩැල්රින් තිරුකුමාර් මහත්මිය විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.
2023 දෙසැම්බර් මස 12 වෙනිදා රුපියල් බිලියන 102.5ක මුදලක් සමාගම වෙත ලැබීම හේතුවෙන් සමාගමේ මිල රුපියල් 100 බැගින් වූ සාමාන්‍ය කොටස් 1,025,000,000 ක ප්‍රමාණයක්, ශ්‍රී ලංකා රජය වෙත වෙන්කිරිම මගින් සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය, රුපියල් 96,360,665,500 සිට රුපියල් 198,860,665,500 දක්වා ඉහළ නැංවිය යුතු බව ද එම දැනුම් දීමෙන් යෝජනා කර ඇත.
අදාළ දැනුම්දීම පහළින්...
“හිතවත් කොටස් හිමිකරුවනි,
(1) ශ්‍රී ලංකා රජය වෙත ශ්‍රී ලංකා රුපියල් බිලියන 102.5 ක වටිනාකමින් යුත් කොටස් නිකුත් කිරීම
2023 ජූනි මස 26 වන දින අමාත්‍ය මණ්ඩලය චිසින් අනුමත කරන ලද සාමාන්‍ය කොටස් නික්ෂේපණය කිරීමේ සැලැස්මට අනුව (අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 23/1200/604/118), සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විෂයයෙහි හිඟ හිටුවා ඇති ශේෂය පියවීම සඳහා, ශ්‍රී ලංකා රුපියල් බිලියන 102.5 ක් වූ ප්‍රමාණයේ ආයෝජන වටිනාකමක් සහිත මුදලක්, ශ්‍රී ලංකා රජය විසින් සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගම වෙත අතිරේක කොටස් ප්‍රාග්ධනයක් ලෙස නික්ෂේපණය කරනු ලැබ ඇත. ඒ අනුව, මෙම ආයෝජනය පිළිගෙන කටයුතු කිරීම තුළ, අදාළ ගනුදෙනුවේ වටිනාකමට සරිලන පරිදි, නව කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය වෙත ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගම විසින් නිකුත් කරනු ලැබීමේ අවශ්‍යතාව මේ වන චිට උද්ගතව තිබේ.
සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියේ 9 වන ව්‍යවස්ථාව සමඟ කියැවෙන සමාගම් පනතේ 53 වන වගන්තිය මගින්, ප්‍රතිෂ්ඨාවට යටත් නිකුතුව වැනි කොටස් නිකුතුවක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට දැනට සිටින කොටස් හිමියන් වෙත පූර්වක්‍රය අයිතියක් සලසා දෙනු නොලබන්නේ ය. එහෙයින්, ශ්‍රී ලංකා රජය විසින් කරන ලද රුපියල් 102,500,000,000 ක් වූ මුදල් ගනුදෙනුවේ සාධාරණ වටිනාකම නියෝජනය වනු පිණිස ශ්‍රී ලංකා රජයට කොටස් වෙන් කර දීමට සමාගමට අවසර ඇත.
2007 අංක 7 දරන සමාගම් පනතේ 52 වන වගන්තියේ විධිවිධාන අනුව, අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කරනු ලැබ ඇත්තේ, අදාළ කොටස් නිකුතුවේ එක් කොටසක් රුපියල් 100 බැගින් වූ මුදල් වටිනාකමකින් යුතුව නිකුත් කළ යුතු බවටත්, එවැනි ප්‍රතිෂ්ඨාවක්, අධ්‍යක්ෂවරුන්ගේ මතය අනුව, සමාගම සහ දැනට සිටින සියලුම කොටස් හිමියන් විෂයයෙහි සාධාරණ වන බවටත් ය.
කොටස් නිකුතුවෙන් පසුව, සමාගමේ කොටස් හිමිකම් දැරීම පහත දැක්වෙන පරිදි චනු ඇත,
ශ්‍රී ලංකා රජය සතු කොටස් ගණන 1984,006,469ක්. මුළු කොටස් ප්‍රමාණයෙන් 99.77%ක්.
සේවක අර්ථසාධක අරමුදල සතු කොටස් ගණන 1,863,676ක්. මුළු කොටස් ප්‍රමාණයෙන් 0.09%
මහජන බැංකුව සතු කොටස් ගණන 1ක්. මුළු කොටස් ප්‍රමාණයෙන් 0.00%ක්.
වෙනත් සතු කොටස් ගණන 2,736,509ක් . මුළු කොටස් ප්‍රමාණයෙන් 0.14%ක්.
ඒ අනුව, ඔබේ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියේ 56(11)(ආ) වන ව්‍යවස්ථාව යටතේ විධිවිධාන සලසා ඇති පරිදි, අන්තර්ජාල වේදිකාවක් හරහා සිදු කෙරෙන අති විශේෂ මහ සභා රැස්වීමක්, 2023 දෙසැම්බර් මස 21 වන දිනැති රැස්වීම සඳහා වූ දැනුම් දීමෙහි දැක්වෙන සාමාන්‍ය යෝජනාව, යෝග්‍යවේයැයි හඟින්නේ නම්, එය සම්මත කර ගනු පිණිස වූ අරමුණ අරබයා, සමාගමේ කොටස් හිමියන්ට සහභාගි වීමට හැකි වන පරිදි, මාර්ගගත රැස්වීමක් ලෙස පැවැත්වීම සඳහා කැඳවීමට තීරණය කර ඇත.
අධ්‍යක්ෂ මණ්ඩලයේ අණ පරිදි,
සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගම
ඩැල්රින් තිරුකුමාර් මහත්මිය
සමාගමේ ලේකම් / ආයතනික ලේකම් සේවාවන්හී සමූහ ප්‍රධානී
2023 දෙසැම්බර් මස 21 වන දින දීය”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
