
සීනි බද්දෙන් වාසිවුනේ බලවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනකුට විතරයි - කරු කියයි
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසන්නේ රජය බදු සහන ලබාදීමට ක්‍රියා කළ යුත්තේ ජනතාවට මිස අයුතු ලෙස මුදල් උපයන ව්‍යාපාරිකයන්ට නොවන බවයි.
එම ව්‍යාපාරයේ සභාපති, කරු ජයසූරිය මහතාගේ අත්සනින් යුත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
"පසුගියදා සීනි ආනයනයට අදාළව පනවන ලද නව බදු ක්‍රමය නිසා ඉන් මේ රටේ ජනතාවට තබා රජයට හෝ කිසිදු වාසියක් අත්නොවූ අතර එමගින් සිදුව ඇති එකම දේ වනුයේ මේ රටේ බලවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනකු අතට දැවැන්ත මුදල් සම්භාරයක් උපයා ගැනීමට අවස්ථාව සලසා දීම පමණකි. එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අවධාරණය කරන්නේ බදු සහන ලැබිය යුත්තේ ජනතාවට මිස අයුතු ලෙස මුදල් උපයන ව්‍යාපාරිකයන්ට නොවන බවය. ඒ අනුව නොපමාව ජනතාවට සාධාරණයක් ඉටුකිරීම රජයේ වගකීමකි.
අපගේ ඇස්තමේන්තු අනුව මෙයට පෙර 2020 වසරේදී සීනි සඳහා පනවා තිබූ බදු අඩු කිරීම මගින් අපයෝජනය කරන ලද මුදල රුපියල් බිලියන 15කි. පාර්ලිමේන්තුවේ කාරක සභා දෙකක විමසුම් මගින් සහ විගණකාධිපතිවරයාගේ නිගමනයෙන්ද මේ බව සනාථ කරයි. එදා එකී වංචාවට එරෙහිව ද අපි බලවත් හඬක් සමාජගත කළෙමු. එම නිසා මෙම ක්‍ෂේත්‍රය පිළිබඳව කථා කිරීමට අයිතියක්, යුතුකමක්, හා හෘදයසාක්‍ෂියක් අපට තිබේ. පසුගියදා සීනි සඳහා වන බදු මුදල් ඉහළ දැමීම මගින් රුපියල් බිලියන 10ක් පමණ වන තරමේ දැවැන්ත මුදලක් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු අතට පත්වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද වාර්තා වේ.
එමෙන්ම අප මෙහිදී අවධාරණය කරන තවත් එක් කාරණයක් වන්නේ මෙවැනි තත්ත්වයන් නිර්මාණය කර උපරිම සිල්ලර මිල නියම කිරීම මගින් මේ රටේ කිසිම දිනක සාර්ථකත්වයක් ලබා නොමැති බවය. එමෙන්ම මේ ආකාරයට බලවතුන් කිහිපදෙනෙකුගේ සිතැඟි පරිදි සිදුකරන බදු සංශෝධන මගින් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට අයථා ලෙස ලාභ ලබා ගැනීමට ඉඩ නොතැබීම එක් යුගයක මේ රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය වී තිබූ බව ද සිහිපත් කළ යුතුය. එයට උදාහරණ වන්නේ 1977 පළමු අයවැය ලේඛනය මගින් රුපියල අවප්‍රමාණය කිරීම නිසා අපනයනකරුවන් වශයෙන් මේ රටේ ව්‍යාපාරිකයන්ට ලැබුණු විශාල ලාභය රජයට අත්පත් කර ගැනීමට මේ රට කටයුතු කර ඇති බව ද මෙහිදී සිහිපත් කළ යුතුය. එය සිදුකරන ලද්දේ “අසීමිත ලාභ” නමින් නව පනතක් සම්මත කිරීම මගිනි. එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොනී ද මැල් මහතා එම පනත හරහා ව්‍යාපාරිකයන් අතට පත්වීමට තිබූ අසීමිත ලාභ නැවත රජයට අත්පත් කර ගැනීමට කටයුත කළේය.
අප මෙම නිවේදනය නිකුත්කරන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පමණක් නොව 1980 දශකයේ දී සීනි ආනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙක් ද වශයෙන් ලබාගත් අත්දැකීම් ද සමගිනි.
1980 දශකයේ දී දේශීය සීනි කර්මාන්ත ශාලා පාඩු ලැබූ අතර ආනයනික සීනි අඩු මිලකට ලබා ගැනීමට හැකිවී තිබිණි. එම නිසා එවකට සිටි රාජ්‍ය නායකයන්ගේ ඇරයුම පිට ආනයනකරුවන්ගේ සංගමය, දේශීය සීනි නිෂ්පාදකයන්ගේ සංගමය හා මහා භාණ්ඩාගාරය සමඟ එක්ව සාධාරණ ආනයන බදු ක්‍රමයක් යෝජනා කරන ලදී. ඒ අනුව නිෂ්පාදන සමාගම්වලට ආනයනකරුවන්ට කිලෝවකට ශත 15ත් 25 අතර ලාභයක් උපයා ගැනීමට අවකාශය ලැබිණි. මෙම ක්‍රමය තුළ සිල්ලර වෙළෙන්දන්ට ද සහනයක් සැලසින. දේශීය සීනි නිෂ්පාදනය දියුණු වූයේ එදා ඇති කරගත් එම සහජීවනය තුළිනි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එරාවූර්වල අන්තවාදී කණ්ඩායමක් තර්ජනාත්මක අත්පත්‍රිකා බෙදලා.. - ඥානසාර හිමියන්ගෙන් අනාවරණයක්..
මාලිමා ආණ්ඩුවෙන් පත්වූ රූපවාහිනියේ ලොක්කො දෙන්නෙක් සේවකයන් හූ කියා පන්නා දමති..
චීන පකිස්ථාන විදේශ අමාත්‍යවරු බීජිංහිදී හමුවෙති
ආණ්ඩුවේ සිටින එකම මුස්ලිම් ඇමති ගැන ඥානසාර හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක්.. (වීඩියෝ)
ආවෙත් බොරුවෙන්.. ඉන්න හදන්නෙත් බොරුවෙන්.. මේ වගේ ජනාධිපතිවරු පොල්පිත්තකින් කපාගන්න පුලුවන්..
සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)
වියට්නාම නිදහස් අරගලයේ නායක 'හෝ චි මිං' ගේ 135 වන ජන්ම සංවත්සර සැමරුමක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වෙයි..
ජනාධිපති රණවිරු සැමරුමට යන්න හිටියේ.. කොහොනට වැරදුනා.. සන්නිවේදන අවුල දැනගත්තෙ පස්සෙ..
රණවිරුවන් ජීවිත පූජාකර පරාජයකරනු ලැබුවේ හුදු නාසිවාදී, බෙදුම්වාදී කැරලිකරුවන් පිරිසක් පමණක් නොවේ.. ඔවුන් මහා ජාත්‍යන්තර න්‍යායපත්‍රයකට අනුව මේ රට බෙදා වෙන්කිරීමට අයුද සන්නද්ධ සටනක නිරතවූ පිරිසක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
විමර්ශන යට ගැසීමේ අවශ්‍යතාවය මත කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරිකතුමියට ස්ථාන මාරුවක් ලබාදීලා - හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙලගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්..
රණවිරුවන් දිවිපුදා රැකගත් මව්බිමේ ඒකීයභාවය අණතුරේ - විමල් රණවිරු සමරුවේ දී කියයි (වීඩියෝ)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.
ශ්‍රී ලංකාව ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයයි !ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වෙනවා- ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා
ජනපති අනුරගේ ෆේස්බුක් යාළුවෝ තරහ වෙලා.. යුද ජයග්‍රහණය ගැන සටහනක් නැති වීම ගැන දැඩි විරෝධයක්..
ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)
යුද විජයග්රහණයට වසර 16යි..
