USAID රෙජිම් චේන්ග් කිරීමට බරටම ඩොලර් ආධාර දීලාලු! මුදල් අමාත්‍යාංශයට පත්වීමට නියමිත ලේකම්වරයාත් ඒ අතර ඉන්නවාලු!- සමාජ මාධ්‍ය කළඹවන ලියවිල්ලක් කියයි
ChatGBT මත පදනම්ව, විවිධ සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ සිදු කළ හැකි “පාලන-වෙනස් කිරීමේ” ක්‍රියාකාරකම් සඳහා USAID විසින් සපයන ලද අරමුදල් සම්බන්ධයෙන් වන ලියවිල්ලක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
අදාළ ආයතන සහ එම ආයතන මෙහෙය වූ පුද්ගලයන්ද ඒවාට ගෙවූ ඩොලර් ප්‍රමානයන් ද සහිතව සංසරණය වන එම ලියවිල්ල මගින් අප රට සම්බන්ධ වැදගත් කාරණා හෙළිදරව් වේ.
2021 අගභාගයේදී සහ 2022 මුල් භාගයේදී, එම ලියවිල්ලේ සඳහන් වන ඩොලර් ලබාගත් සංවිධාන සමඟ සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු සහ තවත් කිහිප දෙනෙකු එක්ව, ශ්‍රී ලංකා රුපියල වහාම ක්ෂය කිරීම, ස්වෛරී ණය පැහැර හැරීමක් සහ ප්‍රතිව්‍යුහගත කිරීම සහ IMF වැඩසටහනට සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටියහ. ඔවුන් ඉල්ලා සිටි IMF වැඩසටහන ඉහළ බදු, ඉහළ පොලී අනුපාත බල පැවැත්වීම මෙන්ම ඉන්ධන, ගෑස් සහ විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රජයේ සහනාධාර ඉවත් කිරීම, ජීවන වියදම විශාල ලෙස ඉහළ යාම, රජයේ සේවකයින් සංඛ්‍යාව දැවැන්ත ලෙස කප්පාදුව සහ ආර්ථිකයේ දැඩි හැකිලීමකට තුඩු දෙන බවට එකල සාකච්ඡාවට ලක් විය.

එම ලියවිල්ලේ Advocata Institute, Verite Research Institute, Institute of Policy Studies, Pathfinder Foundation, Centre for Policy Alternatives සහ Ceylon Chamber of Commerce යන ආයතන සම්බන්ධයෙන් කරුණු ඇතුලත් වේ.
Advocata Institute ආයතනයේ මුර්ටාසා ජැෆර්ජි, ආචාර්ය සරත් රාජපක්ෂ, ධනනාත් ප්‍රනාන්දු, මහාචාර්ය සිරිමල් අබේරත්න, ආචාර්ය නිශාන් ද මෙල්, ආචාර්ය රොෂාන් පෙරේරා, පාර්ත් ජේ. ෂා, ප්‍රේමචන්ද්‍ර අතුකෝරල,රසීන් සාලි, රොහාන් සමරජීව, සූරි රත්නපාල සහ වෛද්‍ය සුජාතා ගමගේ යන අය කටයුතු කර ඇත. එම ආයාතනය වෙත USAID විසින් ගෙවා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක් හෙවත් රුපියල් කෝටි 207 කි.
Verite Research Institute ආයතනයේ වෛද්‍ය නිශාන් ද මෙල්, සුභාෂිනී අබේසිංහ, ඉනෝෂිනි පෙරේරා, නයනා මාවිල්මඩ, වෛද්‍ය ශාන්ත දේවරාජන්, ෂර්මිණි කුරේ, ෂරියා ශාරංගුවෙල්, උදාර පීරිස්, ලක්මාලි ජයසිංහ, සරෝජ් පතිරණ, රනිල් ධම්මපාල, මාලතී නයිට්, වොනොත් රාමචන්ද්‍ර, රාජේෂ් වෙනුගෝපාල්, මහාචාර්ය දෙලෙනි ගුණවර්ධන, වෛද්‍ය නිමල් සඳරත්න සහ රොසානා හිමාස් යන අය කටයුතු කර ඇත. එම ආයාතනය වෙත USAID විසින් ගෙවා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන10.2 ක් හෙවත් රුපියල් කෝටි 307 කි.
Institute of Policy Studies ආයතනයේ ආචාර්ය දුෂ්නි වීරකෝන්, මහාචාර්ය අනෝමා අබයරත්න,ආචාර්ය සී අමරසේකර (හිටපු IMF) සහ මහාචාර්ය ආර්. එම්. අබේරත්න යන අය කටයුතු කර ඇත. එම ආයාතනය වෙත USAID විසින් ගෙවා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක් හෙවත් රුපියල් කෝටි 201 කි.
Pathfinder Foundation ආයතනයේ මිලින්ද මොරගොඩ, බර්නාඩ් ගුණතිලක, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආචාර්ය ශාන්ත දේවරාජන්, අද්මිරාල් ජයන්ත කොළඹගේ, රාජේන්ද්‍ර ත්‍යාගරාජා සහ ලලිත් වීරතුංග යන අය කටයුතු කර ඇත. එම ආයාතනය වෙත USAID විසින් ගෙවා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන13.7 ක් හෙවත් රුපියල් කෝටි 411 කි.
Centre for Policy Alternatives ආයතනයේ පාකියසෝති සරවනමුත්තු, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මිනෝලි ද සොයිසා, වෛද්‍ය දිනූෂා පණ්ඩිතරත්න,වෛද්‍ය සුකන්‍යා දේවරාජන් සහ වෛද්‍ය සමීර් කරීම් යන අය කටයුතු කර ඇත. එම ආයාතනය වෙත USAID විසින් ගෙවා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 22.9 ක් හෙවත් රුපියල් කෝටි 687 කි.
Ceylon Chamber of Commerce ආයතනයේ විශ් ගෝවින්දසාමි, දුමින්ද හුලංගමුව, චන්ද්‍රා ජයරත්න, ජේ.ඩී. බණ්ඩාරනායක, සුරේෂ් ෂා, කුමාර ජයසූරිය, සුසන්ත රත්නායක, දේවා රුද්‍රිගු, රාජේන්ද්‍ර ත්‍යාගරාජා, අනුර ඒකනායක, සමන්ත රණතුංග, අෂ්රොෆ් ඕමාර්, ධාරා විජේතිලක සහ බිංගුමාල් තේවරතන්ත්‍රී යන අය කටයුතු කර ඇත. එම ආයාතනය වෙත USAID විසින් ගෙවා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක් හෙවත් රුපියල් කෝටි 207 කි. අදාළ කාලය තුළ USAID සංවිධානය ඉහතකී ආයාතන වලට පමණක් ඩොලර් මිලියන 67.3 ක් හෙවත් රුපියල් කෝටි 2,019ක් ලබා දී තිබේ.
මෙම ලියවිල්ලට අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් වීමට නියමිත දුමින්ද හුලංගමුව USAID සංවිධානයෙන් ආධාර ලැබූ Ceylon Chamber of Commerce ආයතනයේ සේවය කළ පුද්ගලයෙකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..