USAID රෙජිම් චේන්ග් කිරීමට බරටම ඩොලර් ආධාර දීලාලු! මුදල් අමාත්‍යාංශයට පත්වීමට නියමිත ලේකම්වරයාත් ඒ අතර ඉන්නවාලු!- සමාජ මාධ්‍ය කළඹවන ලියවිල්ලක් කියයි
ChatGBT මත පදනම්ව, විවිධ සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ සිදු කළ හැකි “පාලන-වෙනස් කිරීමේ” ක්‍රියාකාරකම් සඳහා USAID විසින් සපයන ලද අරමුදල් සම්බන්ධයෙන් වන ලියවිල්ලක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
අදාළ ආයතන සහ එම ආයතන මෙහෙය වූ පුද්ගලයන්ද ඒවාට ගෙවූ ඩොලර් ප්‍රමානයන් ද සහිතව සංසරණය වන එම ලියවිල්ල මගින් අප රට සම්බන්ධ වැදගත් කාරණා හෙළිදරව් වේ.
2021 අගභාගයේදී සහ 2022 මුල් භාගයේදී, එම ලියවිල්ලේ සඳහන් වන ඩොලර් ලබාගත් සංවිධාන සමඟ සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු සහ තවත් කිහිප දෙනෙකු එක්ව, ශ්‍රී ලංකා රුපියල වහාම ක්ෂය කිරීම, ස්වෛරී ණය පැහැර හැරීමක් සහ ප්‍රතිව්‍යුහගත කිරීම සහ IMF වැඩසටහනට සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටියහ. ඔවුන් ඉල්ලා සිටි IMF වැඩසටහන ඉහළ බදු, ඉහළ පොලී අනුපාත බල පැවැත්වීම මෙන්ම ඉන්ධන, ගෑස් සහ විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රජයේ සහනාධාර ඉවත් කිරීම, ජීවන වියදම විශාල ලෙස ඉහළ යාම, රජයේ සේවකයින් සංඛ්‍යාව දැවැන්ත ලෙස කප්පාදුව සහ ආර්ථිකයේ දැඩි හැකිලීමකට තුඩු දෙන බවට එකල සාකච්ඡාවට ලක් විය.

එම ලියවිල්ලේ Advocata Institute, Verite Research Institute, Institute of Policy Studies, Pathfinder Foundation, Centre for Policy Alternatives සහ Ceylon Chamber of Commerce යන ආයතන සම්බන්ධයෙන් කරුණු ඇතුලත් වේ.
Advocata Institute ආයතනයේ මුර්ටාසා ජැෆර්ජි, ආචාර්ය සරත් රාජපක්ෂ, ධනනාත් ප්‍රනාන්දු, මහාචාර්ය සිරිමල් අබේරත්න, ආචාර්ය නිශාන් ද මෙල්, ආචාර්ය රොෂාන් පෙරේරා, පාර්ත් ජේ. ෂා, ප්‍රේමචන්ද්‍ර අතුකෝරල,රසීන් සාලි, රොහාන් සමරජීව, සූරි රත්නපාල සහ වෛද්‍ය සුජාතා ගමගේ යන අය කටයුතු කර ඇත. එම ආයාතනය වෙත USAID විසින් ගෙවා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක් හෙවත් රුපියල් කෝටි 207 කි.
Verite Research Institute ආයතනයේ වෛද්‍ය නිශාන් ද මෙල්, සුභාෂිනී අබේසිංහ, ඉනෝෂිනි පෙරේරා, නයනා මාවිල්මඩ, වෛද්‍ය ශාන්ත දේවරාජන්, ෂර්මිණි කුරේ, ෂරියා ශාරංගුවෙල්, උදාර පීරිස්, ලක්මාලි ජයසිංහ, සරෝජ් පතිරණ, රනිල් ධම්මපාල, මාලතී නයිට්, වොනොත් රාමචන්ද්‍ර, රාජේෂ් වෙනුගෝපාල්, මහාචාර්ය දෙලෙනි ගුණවර්ධන, වෛද්‍ය නිමල් සඳරත්න සහ රොසානා හිමාස් යන අය කටයුතු කර ඇත. එම ආයාතනය වෙත USAID විසින් ගෙවා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන10.2 ක් හෙවත් රුපියල් කෝටි 307 කි.
Institute of Policy Studies ආයතනයේ ආචාර්ය දුෂ්නි වීරකෝන්, මහාචාර්ය අනෝමා අබයරත්න,ආචාර්ය සී අමරසේකර (හිටපු IMF) සහ මහාචාර්ය ආර්. එම්. අබේරත්න යන අය කටයුතු කර ඇත. එම ආයාතනය වෙත USAID විසින් ගෙවා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක් හෙවත් රුපියල් කෝටි 201 කි.
Pathfinder Foundation ආයතනයේ මිලින්ද මොරගොඩ, බර්නාඩ් ගුණතිලක, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආචාර්ය ශාන්ත දේවරාජන්, අද්මිරාල් ජයන්ත කොළඹගේ, රාජේන්ද්‍ර ත්‍යාගරාජා සහ ලලිත් වීරතුංග යන අය කටයුතු කර ඇත. එම ආයාතනය වෙත USAID විසින් ගෙවා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන13.7 ක් හෙවත් රුපියල් කෝටි 411 කි.
Centre for Policy Alternatives ආයතනයේ පාකියසෝති සරවනමුත්තු, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මිනෝලි ද සොයිසා, වෛද්‍ය දිනූෂා පණ්ඩිතරත්න,වෛද්‍ය සුකන්‍යා දේවරාජන් සහ වෛද්‍ය සමීර් කරීම් යන අය කටයුතු කර ඇත. එම ආයාතනය වෙත USAID විසින් ගෙවා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 22.9 ක් හෙවත් රුපියල් කෝටි 687 කි.
Ceylon Chamber of Commerce ආයතනයේ විශ් ගෝවින්දසාමි, දුමින්ද හුලංගමුව, චන්ද්‍රා ජයරත්න, ජේ.ඩී. බණ්ඩාරනායක, සුරේෂ් ෂා, කුමාර ජයසූරිය, සුසන්ත රත්නායක, දේවා රුද්‍රිගු, රාජේන්ද්‍ර ත්‍යාගරාජා, අනුර ඒකනායක, සමන්ත රණතුංග, අෂ්රොෆ් ඕමාර්, ධාරා විජේතිලක සහ බිංගුමාල් තේවරතන්ත්‍රී යන අය කටයුතු කර ඇත. එම ආයාතනය වෙත USAID විසින් ගෙවා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක් හෙවත් රුපියල් කෝටි 207 කි. අදාළ කාලය තුළ USAID සංවිධානය ඉහතකී ආයාතන වලට පමණක් ඩොලර් මිලියන 67.3 ක් හෙවත් රුපියල් කෝටි 2,019ක් ලබා දී තිබේ.
මෙම ලියවිල්ලට අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් වීමට නියමිත දුමින්ද හුලංගමුව USAID සංවිධානයෙන් ආධාර ලැබූ Ceylon Chamber of Commerce ආයතනයේ සේවය කළ පුද්ගලයෙකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..