News Category
From Date
To Date
Maximum Number of Result

කළම්බො ඩොක් යාඩ් සමාගමේ බහුතර කොටස් හිමි ජපාන සමාගම ඉවත්ව යයි

Dec 10, 2024 at 11:22 AM
|

කළම්බො ඩොක් යාඩ්(පීඑල්සී ) සමාගමේ බහුතර කොටස් හිමියා වන ජපානයේ  Onomichi Dockyard Company Limited මෙම සතියේ සිට කළමනාකාරීත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ අනුව කළම්බො ඩොක් යාඩ්(පීඑල්සී ) සමාගම, සමාගමට නව උපායමාර්ගික ආයෝජකයෙකු ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

 ජපානයේ Onomichi Dockyard Company Limited මගින් පාලක මණ්ඩලයට නම් කළT. Nakabe, K. Kobatake සහ J. Furukawa, 2024 දෙසැම්බර් 6 දින සමාගමට නව උපායමාර්ගික ආයෝජකයෙකු ගෙන්වා ගැනීමට ඉඩ සැලසීම සඳහා ඉල්ලා අස් විය.ඒ අනුව කළම්බො ඩොක් යාඩ්(පීඑල්සී ) සමාගමේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම සඳහා,1993 සිට  අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ L. Ganlath, එතැන් පටන් අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක නොවන සභාපති ලෙස පත් කර ඇතැයි පැවසේ. 

කලම්බු ඩොක්යාඩ් සමාගම අභ්‍යන්තර හා බාහිර පීඩන මිශ්‍රණයක් හේතුවෙන් ගැඹුරු වන මූල්‍ය අර්බුදයකට අවතීර්ණ වෙමින් සිටී.

"සමාගමේ බොහෝ පාර්ශ්වකරුවන්ගේ සහයෝගය සහ සහයෝගීතාවයෙන් සමාගම වත්මන් අර්බුදයෙන් පිටතට ගෙන යාමට හැකි වනු ඇතැයි අධ්‍යක්ෂ මණ්ඩලය විශ්වාස කරයි" යනුවෙන් සමාගම තම සැබෑ තත්වය පිළිබඳව හෙළිදරව් කරමින් පැවසීය.

නැව් නිෂ්පාදනය මූලික අරමුණු කරගත් කළම්බො ඩොක් යාඩ්(පීඑල්සී ) සමාගමේ උපායමාර්ගික පිහිටීම සහ දිගු කාලීන ව්‍යාපාරික විභවය මුහුණ දී ඇති තත්වය ආපසු හැරවීමට උපකාරී වන ප්‍රධාන සාධක ලෙස පෙන්වා දුන්නේය. නව ආයෝජකයෙකුගේ හදිසි අවශ්‍යතාවය පිළිගත් මණ්ඩලය, “මේ සඳහා පාර්ශව කිහිපයක් සමඟ මූලික සාකච්ඡා සිදුවෙමින්  පවතිනවා.” යනුවෙන් සඳහන් කළේය.

සමාගමේ ප්‍රකෘතියට පිටුබලය දීමට කැමති ආයෝජකයෙකුට තම කොටස් විකිණීමට Onomichi  සූදානම් බව මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

කළම්බො ඩොක් යාඩ්(පීඑල්සී )  දැනටමත්  Onomichi හි සැලසුම් සහගත පිටවීම පිළිබඳව එහි ප්‍රධාන ණය හිමියන් යාවත්කාලීන කර ඇති අතර නව හවුල්කරුවෙකු සමඟ මෙහෙයුම් දිගටම කරගෙන යාමට මණ්ඩලයේ කැපවීම පිළිබඳවද ඔවුන්ට සහතික වී ඇත. ණයහිමියන් අනෙක් අතට සහයෝගය සහතික කර ඇති බවද කළම්බො ඩොක් යාඩ්(පීඑල්සී ) සමාගම පවසයි.

ආයෝජකයින්ට කරනු ලැබූ අවවාදයක් ලෙස, සමාගමේ කොටස් පිළිබඳ අනුමාන මත වලට එරෙහිව අදහස් දැක්වූ අධ්‍යක්ෂක  මණ්ඩලය සාකච්ඡා තවමත් මුල් අදියරේ පවතින බව අවධාරණය කළේය.

“නව ආයෝජකයකුගේ ප්‍රවේශය පිළිබඳව හෝ ඊටත් වඩා, එවැනි බැඳීමක් ඇති කර ගත හැකි නියමයන් සහ කොන්දේසි පිළිබඳව තවමත් නිශ්චිතභාවයක් නැහැ.” සමාගම පැවසුවේය.

සම්බන්ධිත පුවත් | Related News

චීනයේ රේගු සාමාන්‍ය පරිපාලනයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2024 දී චීනයේ විදේශ වෙළඳාමේ මුළු වටිනාකම යුවාන් ට්‍රිලියන 43.85 ක වාර්තාගත ඉහළම අගයක් ගත් අතර එය වසරින් වසර සියයට 5 ක වර්ධනයක් සනිටුහන් කරයි.
ප්‍රකෝටිපති ගෞතම් අදානිගේ නායකත්වයෙන් යුත් සමූහ ව්‍යාපාරය ඊයේ(10) ප්‍රකාශ කළේ තමන් ශ්‍රී ලංකාවේ වරාය ව්‍යාපෘතියකට අරමුදල් සැපයීම සඳහා තමන්ගේම සම්පත් භාවිතා කරන බවත් එක්සත් ජනපද අරමුදල් ලබා නොගන්නා බවත්ය.
දේශීය සහල් වර්ග සඳහා උපරිම සිල්ලර සහ තොග මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අංක 2414/02 දරණ ගැසට් නිවේදනය සහ 2414/04 දරණ ගැසට් නිවේදනය ඊයේ(09) නිකුත් කරනු ලැබ ඇත.
ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම සඳහා කටයුතු කිරීමෙන් අයුතු ලාභයක් උපයා ගැනීමට කටයුතු කර තිබෙන බවයි.
වත්මන් ආණ්ඩුවට අනුබද්ධ ලංකා විදුලි සේවක සංගමය ඉල්ලීම සැලකිල්ලට නොගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම වසරේ සේවකයින් සඳහා ප්‍රසාද දීමනාව අනුමත කර නොමැති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින් නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 530.1ක් රටට එවා ඇතැයි වාර්තා වේ. ඒ අනුව 2024 වසරේ මේ දක්වා රටට එවා ඇති විදෙස් මුදල් ප්‍රමානය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.0 ක් වැනි පහළ අගයක් බව විද්වත්හු පවසති. කෙසේ වුවද මෙම අගය 2020 වසරේ දී ශ්‍රී ලාංකිකයන් එක් මසකදී රට එවූ ඉහළම විදෙස් මුදල් ප්‍රමානය සැලකිය යුතු මට්ටමකින් පසු කර ඇතැයි විශ්ලේශකයෝ පවසති.
මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළ ගොස් ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
‍2024 ඔක්තෝබර් මාසය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 587.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ රුපියල් බිලියන 32.5ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරයි.

ප්‍රධාන පුවත්

breaking news අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩු කරයි... මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙයි

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ මාධ්‍ය හමුව ඉහත වීඩියෝවෙන් නරඹන්න...

වසර දෙකකදී ලංකාවේ ජනගහනය 264950කින් පහළ ගිහින්

පසුගිය වසර 02කට ලංකාවේ ජනගහනය 2,64,950කින් පමණ පහළ වැටී ඇති බැව්, ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්ත අනුව පැහැදිලි වන බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමග පෙරේදා (15දා) කරන ලද සාකච්ඡාවකදී සඳහන් කරන ලදී.

පාර්ලිමේන්තුව දන්නෙ නැති අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්නට එරෙහි දෝෂාභියෝගය

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රිස්වි සාලිහ් පවසන්නේ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නට එරෙහිව දෝෂාභියෝග යෝජනාවකට රජය අත්සන් තබා ඇති බවට ජනමාධ්‍ය වාර්තා තිබියදීත්, ඔහුගේ දැනුමට අනුව, එවැනි පියවරක් දැනට ක්‍රියාත්මක නොවන බවයි. ‘ඩේලි මෝර්නින්’ සමග අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායකවරයා පවසා ඇත්තේ, එවැනි කිසිදු පියවරක් පිළිබඳව පාර්ලිමේන්තුවට හෝ නියෝජ්‍ය කථානායකවරයා ලෙස තමාව දැනුවත් කර නොමැති බවයි.

චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු විය.

චීනයේ ලොකුම කොම්පැනි එක්ක ජනපති අනුර සාකච්ඡා... ලංකාවට ආයෝජන රැසක් එන

චීන ජනාධිපති ෂී ජින්පිංගේ (Xi Jinping) ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කර තිබූ “Invest in Sri Lanka- Round table meeting 2025” ආයෝජන සැසියට අද (16) පෙරවරුවේ එක්විය.

ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස් පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විකිණීමට එරෙහිව විරෝධතා...(ඡයාරූප)

රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විකුණා දැමීමේ ව්‍යාපෘතිය නතර කරන ලෙස රජයේ සෞඛ්‍ය බලධාරීන්ට බලකරමින් ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සිසුන් විරෝධතාවක් පැවැත්වීය. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

එක්සත් ජනපදය නිවැරදි දිශාවට පියවර ගන්නා නමුත්, අවහිර කිරීම තවමත් බලාත්මකයි!- කියුබාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය

පසුගියදා වොෂින්ටන් පරිපාලනය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන ලයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන කියුබානු විදෙස් අමාත්‍යාංශය පවසන්නේ, වොෂින්ටනයේ ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයන්ගේ (SSOT) ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීම සීමිත තීරණයක් බවයි.

සිගරට් බදු වැඩි කිරීමෙන් සිගරට් සමාගම්වලට මිලියන 7,000ක අමතර ලාභයක්

දුම්වැටි බදු වැඩි කිරීමේ වාසිය දුම්වැටි කර්මාන්තය අත්කරගෙන ඇතැයි මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ඇඩික්) සඳහන් කළේය.

විදුලිබල මණ්ඩල දත්ත වැරදියි...විගණකාධිපතිවරයා සිදුකළ අධ්‍යනයකින් කහවුරුයි

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇතැයි විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසයි.

සරල උදෑසන ආහාර වේල බර ආහාර වේලක් කළ නූතන පරිභෝජනවාදයේ පියා එඩ්වඩ් බර්නේස්

"මහජන සම්බන්ධතා වල පියා" ලෙස මෙන්ම "නූතන පරිභෝජනවාදයේ පියා" ලෙස හඳුන්වන එඩ්වඩ් බර්නේස් යනු නූතන මනෝ විද්‍යාවේ පියා ලෙස හඳුන්වන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ බෑණනුවන්ය.

''නීතියට අත තියන්නේ නැතුව රට හදන්න බැහැ" ඇමති ලාල්කාන්ත වැරදි මානසික බාධකයක් පනවාගෙන - ජාතික සංවිධාන කියයි

''ලාල්කාන්ත මහතා සද්භාවයෙන් වෙන්නත් පුළුවන් එහෙම කියන්නේ. තිබෙන නීති නමන්න බලපෑම් කරන්නේ නැහැ කියලා වෙන්නත් පුළුවන්එ තුමා කියන්නේ. එහෙත් තිබෙන යම් නීති සංශෝධනය නොකර යම් නීති අලුතෙන් පනවන්නෙ නැතුව රට හදන්න බැහැ කියලා ඔවුන් තේරුම් ගනියි."

ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය දියත් කර ඇති මොහොතක තෛපොංගල් සැමරීම සතුටට කරුණක් - ජනාධිපතිතුමාගේ තෛපෝංගල් පණිවිඩය

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජීය ප්‍රගමනය තහවුරු කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් ලෙසත් පාරිසරික මෙන්ම ආචාරධාර්මික නව දිශාගත වීමක් ලෙසත් 'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය දියත් කර ඇති මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයට අත්පත් කර ගැනීමේ සටන රුසියාව මැදිහත්කර විසඳා ගැනීමට ඩෙන්මාර්කය සැරසෙයි

ඩෙන්මාර්කය, ආක්ටික් භූ දේශපාලනයේ ව්ශ්මය ජනක වෙනසක් පෙන්නුම් කරමින්, එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ සැලසුම් වලින් ආරක්ෂා වීම සඳහා ඩෙන්මාර්කය රුසියාවේ උදව් ඉල්ලා සිටීන බවට එක්සත් ජනපදයට තර්ජනය කර ඇතැයි වාර්තාවේ. අනපේක්ෂිත රාජ්‍ය තාන්ත්‍රික පියවර සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන්නේ ග්‍රීන්ලන්තයේ භෞමික අඛන්ඩතාවය සහ ස්වෛරීභාවය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ ඩෙන්මාර්කය අතර උත්සන්න වන ආතතීන් මධ්‍යයේ ය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.