ලංවිම සේවකයින්ට වාර්ෂික බෝනස් නැහැ!
වත්මන් ආණ්ඩුවට අනුබද්ධ ලංකා විදුලි සේවක සංගමය ඉල්ලීම සැලකිල්ලට නොගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම වසරේ සේවකයින් සඳහා ප්‍රසාද දීමනාව අනුමත කර නොමැති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා මේ වසරේ ප්‍රසාද දීමනා ලබා දෙන ලෙස ලංවිම පාලක මණ්ඩලයට බල කර සිටියේය. රජයට අනුබද්ධ වෘත්තීය සමිතියට නායකත්වය දෙන්නේ තමන් බවත් එබැවින් මේ වසරේ සේවක ප්‍රසාද දීමනා ලබා ගැනීමට වීදි සටනක් අවශ්‍ය නොවන බවත් ඔහු මීට පෙර අවස්ථාවකදී ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, මේ වසරේ ලංවිම සේවකයින් සඳහා කිසිදු ප්‍රසාද දීමනාවක් අනුමත කර නොමැති බව වාර්තා වන අතර ලබන වසරේ මුල් භාගය සඳහා විදුලි ගාස්තු අඩු කිරීමක් සිදු නොවන බව ද ලංවිම ප්‍රකාශ කළේය.
මෙම වසරට සාපේක්ෂව ලබන වසරේ අමතර විදුලි ඒකක බිලියනයක අවශ්‍යතාවය සපුරාලීම සඳහා අඩු වියදම් බලශක්ති ප්‍රභවයන් නොමැතිකම ඊට හේතු වී ඇති බවද විදුලි ගාස්තු අඩු නොකිරීමට හේතු වශයෙන් කරුණු ඉදිරිපත් කරමින් ලංවිම පවසයි.
ඇස්තමේන්තුගත විදුලි අවශ්‍යතාවය 2025 දී ඒකක බිලියන 17.5 කි. පැහැදිලි හේතු නිසා ජල හා ගල් අඟුරු ධාරිතාව උපරිමයට ළඟා වී ඇත - ඒකක බිලියන 12 - සහ ඉතිරිය පුනර්ජනනීය බලශක්ති සහ ඛනිජ තෙල් බලාගාර වලින් ලබා ගැනීමට නියමිතය. පවතින සහ දැනට පවතින පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සලකා බැලීමේදී දළ වශයෙන් ඒකක බිලියන තුනක්වත් ඛනිජ තෙල් ආශ්‍රිත විදුලි බලාගාර වලින් ලබා ගැනීමට නියමිතය. විදුලි බිලෙන් තුනෙන් දෙකක අගයකට හේතු වන්නේ විදුලි බල ජනනය කිරිමට වැයවන වියදම බව විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂන් මහතා පවසයි.
එකම විසඳුම තරඟකාරී පුනර්ජනනීය බලශක්ති වන සුළං සහ සූර්ය බල ව්‍යාපෘති ආරම්භ කිරීම සහ වේගවත් කිරීම සහ පසුව සංක්‍රාන්ති ඉන්ධනයක් ලෙස ළ්ණ්ඝ් යොදා ගැනීම බවද ඔහු පැවසීය.
ලංවිමේ මේ වසරේ ලාභය සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු ලෙස ඔහු පැවසුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) වැනි ආයතනවලට ගෙවිය යුතු ණය පියවීමට රුපියල් බිලියන 112ක් මේ වසරේ අගෝස්තු 31 වන විට භාවිතා කර ඇති බවයි.
"2024 වසරේ ආදායම් වෙනස ලෙස ඉතිරිව ඇත්තේ රුපියල් බිලියන 41ක් පමණයි. එය මෙම ගාස්තු සංශෝධනයේදී පාරිභෝගිකයන්ට ලබා දෙනවා," ඔහු අවධාරණය කළේය.
ආශ්‍රිත පුවත් ...
ලංවිම සේවකයන්ට බෝනස් ලබා දීමට තිබූ කාලය තව පැය 48 කින් අවසන් වෙනවා! රංජන් ලංවිම සභාපතිට අවධාරණය කරයි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..