News Category
From Date
To Date
Maximum Number of Result

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවල නිරත වූ ජාතික ජන බලවේගයේ ආධාරකරුවන්ට එරෙහිව පියවර නොගත්තේ මන්දැයි හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රශ්න කරයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ නව ජාතික න්‍යෂ්ටික මූලධර්මයකට නිල වශයෙන් අත්සන් කර ඇති අතර එය මොස්කව් හමුදාවන්ට සිය න්‍යෂ්ටික අවි භාවිතයට අවසර දෙනු ලබන අවස්ථා ගෙනහැර දක්වයි. ක්‍රෙම්ලින රජයේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති යාවත්කාලීන කරන ලද රුසියාවේ න්‍යෂ්ටික මූලධර්ම ලේඛනයේ ප්‍රධාන කරුණු පහත පරිදි වේ.

යම් අයෙකුට එරෙහිව දූෂණ වංචා චෝදනාවක් තිබේ නම් එය අධිකරණය තුළින් ඔප්පු විය යුතු බවත්, ජනතා විමුක්ති පෙරමුණ මෙන් කිසිවෙකුට බොරුවට ඇඟිල්ල දිගුකිරීමට පක්ෂයක් ලෙස තමන්ට නොහැකි බවත් නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල්අවිවිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට රොකට් අවි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව බදුල්ල ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වර්තමාන ආණ්ඩුවට ලැබුනු ජනවරම නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් ජාතික නිදහස් පෙරමුණ විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බවත්, සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම තිබෙන බව පමණක් අමතක නොකළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

සමාජ ඒකාග්‍රතාවය, සහජීවනය, සාමකාමී බහුත්වවාදී ශ්‍රී ලංකාවක් නාමයෙන් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් න්‍යායාත්මකව සාධාරණීකරණය කිරීම සහ එම මතවාද බහුතර සිංහල බෞද්ධ ජනයා මත පැටවීම සඳහා දෙමළ ඩයස්පෝරාව විසින් මිලට ගත් බවට චෝදනා එල්ල වන භික්ෂූන් හත් නමක් යොදාගනිමින් ඉදිරිපත් කරන 'හිමාලයා ප්‍රකාශනය' නම් ලියැවිල්ල 2024-12-20 දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට භාරදෙන බව වාර්තා වේ.

රටේ සහල් අර්බුදය උත්සන්න වන බැවින් ඊට විසඳුමක් ලෙස කඩිනමින් නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?

ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.