
චාමර - සමන්ත පැටලෙයි - විවාදයකටත් එකඟවෙයි (වීඩියෝ)
අද පාර්ලිමේන්තුවේදී බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීන් වන චාමර සම්පත් දසනායක සහ සමන්ත විද්‍යාරත්න යන මන්ත්‍රීවරුන් අතර උණුසුම් විවාදයක් හටගත්තේය.
එහිදී චාමර සම්පත් දසනායක මහතා පැවසූවේ තමන්ට එරෙහිව නඩු ඇත්නම් ඒවා කඩිනමින් පවරන ලෙසයි.
තමන් නඩුවලට බිය නොමැති බවත්, නඩු පරණවීමට ඉඩ නොදී ඇප දීමට නොහැකි වන ලෙස නඩුව පවරන ලෙසත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ගුරුවරයෙක් දණ ගැස්ස වූ බවට තමන්ට චෝදනා කළ ද, තමන් අධිකරණයෙන් නිදහස් වී ඇති බවත්, ඒවා පරණ කතා වන බවත්, අලුත් කතාව වන්නේ සමන්ත කජු කෑ ආකාරය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
එහිදී ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඊට පිළිතුරු සපයිමින් කියාසිටියේ අදාළ මන්ත්‍රීවරයා විසින් සිදුකර ඇති වංචා දූෂණ රැසක් සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවත් ඊට අදාළ කටයුතු ඉදිරියේදී සිදුවනු ඇති බවත් ය.
එමෙන්ම බදුල්ල මහ ඇමතිව කටයුතු කළ සමයේ ගුරුවරියක් දණ ගැස්වීම සම්බන්ධයෙන්ද සඳහන් කළ විද්‍යාරත්න මහතා ඊට අදාළ වින්දිත ගුරුවරිය විසින් ලබාදී ඇති ශාක්ෂියද ඉදිරිපත් කළේය.
කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ කාල වේලාව නාස්ති නොකර වෙනම විවාදයක් සඳහා චාමර සම්පත් මහතා යෝජනා කළ අතර සමන්ත විද්‍යාරත්න මහතා එය ස්ථිර කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
