News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ නව ව්‍යාපෘති පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ලැබෙන ඕනෑම ඉල්ලීමක් ජපානය සළකා බලනු ලබන්නේ රටේ ආර්ථික තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පසුව පමණක් බව ජපාන තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

විපක්‍ෂ දේශපාලනඥයන් පවසන පරිදි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දෙන ආහාර අනුභව නොකරන බවත්, රජයේ වාහන ලබා නොගන්නා බවත් ජාතික ජන බලවේගය කිසිවිටෙක ප්‍රකාශ නොකළ බව සභානායක හා ඇමැති බිමල් රත්නායක පවසයි.

ඊශ්‍රායලය සමඟ එකඟ වූ සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට ලෙබනන් හමුදාව සමඟ කටයුතු කරන බව හිස්බුල්ලා මහලේකම් නයිම් කාසෙම් ප්‍රකශ කර තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය පහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසයි.

වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත වාර්තාවන්ට අනුව රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ වර්ග තුන්සියකකට ආසන්න ප්‍රමාණයක් හිඟව පවතින බව අනාවරණය වේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩකර ඇති බව ඊයේ(29) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

වාහන ආනයනය කිරීමට යළි අවසර ලබාදීමේදි පළමු අදියරේදී බස් සහ ලොරි රථ ගෙන්වීමට අවසර හිමි වනු ඇතිබව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා පවසයි.

ලෝකයේ ඉමහත් ජනාදරයට පත් ABBA සංගීත කණ්ඩායම මෙරට පැමිණීම ශ්‍රී ලංකාවට විශාල ගරුත්වයක් බවත් එම පැමිණීම විශාල ජනතා ප්‍රසාදයට ලක්වන කාර්යයක් බව විදේශ හා සංචාරක ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.

බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට සහාය දෙන පාර්ශ්ව විසින් නැවත බෙදුමිවාදී ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ලිහිල් ප්‍රතිපත්තියට විරෝධය දක්වන බවත් සඳහන් කරමින් රණවිරුවකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.


ප්‍රධාන පුවත්

මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?

ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.