
අදානි වාසිදායක ආයෝජනයක් වෙනුවෙන් නාට්‍යක් කරනවා - ජන අරගල ්‍ව්‍යාපාරය
අදානි සමාගම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීම වාසිදායක ආයෝජනයක් වෙනුවෙන් කරන නාට්‍යයක් බව ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා පැවසීය.
අදානි සමාගම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීම පිළිබඳව ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීම සඳහා ජන අරගල සන්ධානය පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එහි ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා එසේ කීය.
ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන්න සූදානම් වුණ ප්‍රශ්නගත සුළං විදුලිබලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකර යන්න තීරණය කළේ යැයි නිවේදනය කර ඇති බවත් අදානි සමාගම ක්‍රියාත්මක කරන්න ගිය එම ව්‍යාපෘතියට ආරම්භක මොහොතේ සිටම විශාලා ජනතා විරෝධයයක් එල්ල වූ බවත් නාගමුව මහතා පැවසීය.
අදානි සමාගමට එම ව්‍යාපෘතිය නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව පිරිනැමීම එම ජනතා විරෝධයට පදනම බවත් අධික මිල ගණන් යටතේ මේ ව්‍යාපෘතිය දීම නිසා වංචා සිදුවූයේ යැයි සැකයක් ඇති බවත් ඔහු කීය.
එම යෝජිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිසා විශාල පාරිසරික හානියක් වන බවට ඉදිරිපත් වුණ තක්සේරුව සහ අදාළ ව්‍යාපෘතිය නිසා රටේ ස්වාධිපත්‍යයට හානි වීම එහි තිබූ බරපතලම තත්වය බවත් නාගමුව මහතා සඳහන් කළේය.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත මන්නාරම වෙඩිතලතිව් ප්‍රදේශය ලෝකයේ දේශගුණ වෙනස්වීම් කාලවල පක්ෂීන්ගේ සංක්‍රමණය, පර්යටනය සම්බන්ධයෙන් වැදගත්ම කලාප 16 න් එකක් බව කී දුමින්ද නාගමුව මහතා පැවසුවේ රටවල් 30ක පක්ෂීන් මිලියන 15කට අධික ප්‍රමාණයක් මේ ප්‍රදේශය හරහා රට ඇතුළට ගමන් කරන්නේ යැයි පරිසරවේදීන් පවසන බව ද සඳහන් කළේය.
එම පක්‍ෂීන්ගෙන් මිලියනක් පමණ මන්නාරම ප්‍රදේශයේ සැරිසරනව නිසා පරිසර ප්‍රශ්නය සරලව ගතනොහැකි බවත් ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ පාරිසරික සමතුලිතතාවයට මෙය බලපාන නිසා සරළ ප්‍රශ්නයක් ලෙස ගත නොහැකි බවත් ඔහු කීය.
මන්නාරම ප්‍රදේශයට වඩා හම්බන්තොට සුළං විදුලි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සුදුසු යැයි මොරටුව විශ්වවිද්‍යාලය කළ සමීකරණයක් හෙළිවී ඇති බවත් ප්‍රදේශය අතහැරලා මන්නාරමේ මේක අටවන්න යන එකන්ම මෙතන ඉන්දියානු මැදිහත්වීමක් තිබීම පැහැදිළි වන බවත් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා වැඩි දුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
