චීන ආයෝජන කොල්ලකාරී ක්‍රියාවන්ට සම්බන්ධ බවත් කිසි විටෙකත් ආපසු ගෙවිය නොහැකි විශාල ණය සමඟ බැඳී ඇති බවත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන්, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුඕ ජියාකුන් ඊයේ(27) කියා සිටියේ, චීනය සහ අනෙකුත් රටවල් අතර අසමගිය වැපිරීමේ අරමුණින් එක්සත් ජනපදය ද්වේෂ සහගත ලෙස අසත්‍ය තොරතුරු පතුරුවන නමුත් මෙම උත්සාහයන් සාර්ථක නොවනු ඇති බවයි.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර ඇත්තේ, සමස්ත ඉදිරි ආරක්ෂක රේඛාව ඔස්සේ රුසියානු හමුදා වේගවත්ව ප්‍රහාර එල්ල කරමින් පවතින බවත්, ඉක්මනින් කියෙව්හි හමුදාව “අවසන්” කළ හැකි බවත්, යුද ගැටුම රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් මගින් අඩාල කිරීමට යුක්රේනයේ යුරෝපීය ආධාරකරුවන් දරන උත්සාහයන් පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.
යුද්ධය නිමා කිරීමට කටයුතු කළ හමුදා නිලධාරීන් 3 දෙනෙකුට සහ බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමට සහයෝගය දැක්වූ කරුණා අම්මාන් ඉලක්ක කොටගෙන බ්‍රිතාන්‍යය විසින් පණවනු ලැබූ සම්බාධාක සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය හමුවක් පවත්වමින් විමල් වීරවංශ මහතා පැවසුවේ මෙම සම්බාධක සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය නිකුත් කරලා තියෙන්නේ 'සංක්‍රාන්ති ලිංගික' නිවේදනයක් බවයි.
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි