ට්‍රම්ප් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට රටවල් රැසකින් විරෝධය..
අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකිමින් විදෙස් රටවල් කිහිපයක් හෙළා දැක තිබේ.
ප්‍රහාරය හෙළා දකිමින් ඇතැම් රාජ්‍ය නායකයින් අනතුරු ඇඟවීමක් මෙන්ම තවත් නායකයින් සාමයද ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කියුබාව, චිලී රාජ්‍යය, වෙනිසියුලාව, කොලොම්බියාව, මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයක් විසින් අමෙරිකාව සිදුකළ මෙම ප්‍රහාරය දැනටමත් හෙළා දැක ඇත.
ප්‍රහාරය හෙළා දකිමින් එම රටවල් පෙන්වා දී ඇත්තේ මැදපෙරදිග ගැටුම භයානක ලෙස උත්සන්න කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා උත්සාහ ගත් බවත් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපද බෝම්බ හෙළිම හෙළා දකින බවත්ය.
මෙම ප්‍රහාර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයිද එය ආපසු හැරවිය නොහැකි ප්‍රතිවිපාක සහිත අර්බුදයකට මනුෂ්‍යත්වය ඇද දමන බවද එම රටවල් චෝදනා කර තිබේ.
ඉරානයට එල්ල කළ ප්‍රහාරයට ට්‍රම්ප්ට අමෙරිකාවෙන්ම විරෝධයක් - කොංග්‍රස් අනුමැතියකින් තොරව ප්‍රහාර එල්ල කරලා
මේ අතර ඉරානයට එල්ල කළ මෙම ප්‍රහාරය සම්බන්ධව අමෙරිකාව තුළද දැඩි කතා බහක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අමෙරිකාවේ ඇතැම් ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර ඔවුන් චෝදනා කර ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා කොංග්‍රස් අනුමැතියකින් තොරව මෙම ප්‍රහාර සිදු කර ඇති බවය.
කොංග්‍රස් සභික ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ පවසා ඇත්තේ මෙය අමෙරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ කොංග්‍රස් යුද බලතල බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන බවත් දෝෂාභියෝගයකට සම්පූර්ණයෙන්ම සහ පැහැදිලි හේතුවක් ද වන බවය.
තවද අමෙරිකානු ජනාධිපතිවරයා අවේගශීලිව අමෙරිකාව පරම්පරා ගණනාවක් උගුලට හසුකර ගත හැකි යුද්ධයක් දියත් කිරීමේ අවදානමක් ගෙන ඇති බවද ඇය සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.
එමෙන්ම ට්‍රම්ප් ප්‍රහාරයට පෙර කොංග්‍රස් මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගත යුතු වුවද කිසිදු අනුමැතියකින් තොරව සිදුකළ මෙම ප්‍රහාරය මැදපෙරදිග යුද්ධයකට අමෙරිකාව ඇද දැමූ බවද ඇය චෝදනා කර ඇත.
මේ අතර අමෙරිකානු කොංග්‍රස් සභික රෂිඩා ට්ලයිබ් ද අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ට්‍රම්ප් විසින් උල්ලංඝනය කර ඇති බවත් මේ සම්බන්ධව වහාම මැදිහත් වන ලෙසත් කොංග්‍රසයෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..