News Category
From Date
To Date
Maximum Number of Result

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන 10 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර ඒ ඒ ජනපතිවරයාගේ කැමැත්ත මත පත්කර ගන්නා බවත් එය රාජ්‍ය සේවයට අදාළ තනතුරක් නොවන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධ‍ානයට අයත් බලහත්කාරයෙන් හෝ ස්වෛච්ඡාවෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩ‍ායම වෙත විශේෂ ලිපියක් යොමුකරන TGTE (දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව) අගමැති විශ්වනාදන් රුද්‍රකුමාරන් සඳහන් කරන්නේ, කුඩා දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් සමග ශ්‍රී ලංකා හමුදාවට භාරවූ LTTE සාමාජිකයන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධියට පත්කරන ලෙසට ශ්‍රී ලංකා රජයට බලකරන ලෙසයි.

කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ පැවති ජාතික නිදහස් දින උත්සවයේදී වෙනදා පෙලපාලියේ ඉදිරියෙන් ගමන් කරන සිංහ රුව රැගෙන නොයැම පිළිබඳව කතාබහක් නිර්මාණය වී තිබේ.

බහාලුම් මගඩිය - හොරාගේ අම්මාගෙන් පේන අහන කමිටුව වැඩක් නැහැ... ස්වාධීන කමිටුවක් පත් කළ යුතුයි - ජාතික සංවිධාන කියයි

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් හිටපු අමාත්‍යවරයකු වන පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද සිතාසි නිකුත් කළේය.

"දසත ලංකා නිව්ස්'' මගින් මෙහෙයවන දසත ප්‍රහාරයට මෙවර ඉඩ විවර වූයේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා වෙතය‍.ඔහු එහිදී කාලීන දේශපාලන තත්වය විග්‍රහ කරමින් සිදුකළ සම්පූර්ණ වැඩසටහන අප මෙහි පළකරන්නේ ඒහි ඇති වාදගත්කම සලකාය.

පාර්ලිමේන්තු කටයුතු ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (05) සිදුවී තිබෙනවා.

කුරිරු ලෙස ඝාතනය කර දැමූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව නීතිපතිවරයා විසින් ලබාදී ඇති තීන්දුව සම්බන්ධයෙන් රජය අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.


ප්‍රධාන පුවත්

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.