ඇලෙස්කාවට සහ හවායි දූපත්වලටත් සුනාමි රළ ඇතුළු වෙයි..
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් මේ වනවිට ඇලෙස්කාව සහ අමෙරිකාවට අයත් හවායි දූපත් වෙත ඇතුළු වී තිබේ.
මේ වනවිට හවායි හි ඔආහු දූපතේ වෙරළ තීරයේ හලයිවාහි ජලමට්ටම අඩි 4කට වඩා ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හවායි ප්‍රාන්තය, අලෙස්කාවේ ඇලූටියම් දූපත්වල ඇතැම් කොටස් සහ උතුරු කැලිෆෝනියාවේ කොටසක් මේ වනවිටත් සුනාමි අනතුරු ඇඟවීම් යටතේ පවතින අතර, වඩාත් දැඩි අනතුරු ඇඟවීම එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයට නිකුත් කර ඇත.
සුනාමි රළ මේ වනවිටත් ඇලෙස්කාවට ඇතුළු වී ඇති අතර, හවායි දූපත්වලට ද සුනාමි රළ පැමිණීමට පටන් ගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශයේ සෙසු ප්‍රාන්තවලට ඉදිරි පැය කිහිපය තුළ සුනාමි රළ ඇතුළු විය හැකි බවට අපේක්ෂා කෙරේ.
ඒ සඳහා ජනතාව මේ වනවිටත් සුදානමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ අතර එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් ප්‍රදේශ කිහිපයකට සුනාමි රළ පැමිණීමේ වේලාවන් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ ඔරිගන් සහ වොෂින්ටන් සඳහා එරට වේලාවෙන් රාත්‍රි 11.35ට, කැලිෆෝනියාවට රාත්‍රී 11.50ට පමණත් සැන්ෆැන්සිස්කෝ බොක්ක සහ ලොස් ඇන්ජලිස් වරායට අලුයම 12.40ට පමණ සුනාමි රළ පැමිණෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.
රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපය ආසන්නයේ පැසිෆික් සාගරයේ සිදුවූ රික්ටර් මාපකයේ ඒකක 8.8ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනය හේතුවෙන් රුසියාවට සහ ජපානයට ද සුනාමි තත්ත්වයක් බලපා තිබේ.
මෙය වාර්තාවන්නේ ඉතිහාසයේ හය වැනි විශාලතම භූකම්පනය ලෙසය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ